UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බොදු පුවත් (ඡායාරූප)
 

තායිලන්ත අගමැතිතුමාගේ විශේෂ දූත පිරිසක් පසුගියදා (25) අග‍්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක මහතා හමු වූ අවස්ථාවේ තායිලන්තයේ බැංකොක් මහා චූලා ලොන්කොන් විශ්වවිද්‍යාලයේ කුලපති ධර්ම ගෝෂාචාන් ස්වාමීන් වහන්සේ අගමැතිතුමාට බුද්ධ ප‍්‍රතිමාවක් පිළිගැන්වූ අයුරු. එම අවස්ථාවට නාගරික සංවර්ධන හා පූජා භූමි සංවර්ධන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාද සහභාගි විය. සේයාරුව - රංජිත් ජයවීර

බෙල්ලන්විල රජමහා විහාරයේ වාර්ෂික ඇසළ උත්සවයේ රන්දෝලි පෙරහර 57 වන වරටත් පසුගියදා අත්‍යාලංකාරයෙන් පැවැත්විණි. බෙල්ලන්විල, රජ මහා විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන නා හිමියන්ගේ සහ විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පෙරහර පැවැත්විණි. වේරහැර ගඟේ බොරලැස්ගමුව තොටුපලේදී දිය කැපීමේ පෙරහරෙන් පසු බෙල්ලන්විල ප‍්‍රධාන කපු මහතා වන ජී සමරසේන පෙරේරා මහතා චාරිත‍්‍රානුකූලව දිය පැන් කළ ගොඩට රැගෙන ආ අවස්ථාව.
සුරන්ජිත් පෙරේරා දෙහිවල ගල්කිස්ස සමූහ

ගම්පොල දොළුව ශ්‍රී සිද්ධාර්ථ මහා පිරිවෙනේ නියෝජ්‍ය පරිවෙණාධිපති උඩිස්පත්තුවේ රේවත හිමියන්ගේ ආචාර්යත්වයෙන් මාතලේ මහවෙල මධුරංග දිසානායක කුමරු මාතලේ නන්දහිමි නමින්ද මහිංයංගණයේ හසලක ධනුෂ්ක පි‍්‍රයලාල් කුමරු උඩත්තව පියනන්ද හිමි නමින්ද පසුගියදා පැවිදි බිමට පත් වූහ. ගඟ ඉහළ කෝරළේ සමූහ ජේ. ජේ . විජේසිංහ

 

නිකිණි අව අටවක

නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් මස 03 වන දා සඳුදා අපරභාග
09.07 ට ලබයි.
4 වන දා අඟහරුවාදා
අපරභාග 07.12 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 04 වන දා අඟහරුවාදාය.
මීළඟ පෝය සැප්තැම්බර්
10 වන දා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 04

New Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 19

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 26

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]