UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්: [email protected]

ශක්තිය යනු යුක්තිය නො වේ

‘පිරිමින් ගැහැනුන්ට වඩා කායික වශයෙන් ශක්ති සම්පන්න බව නවීන කායික විද්‍යාවේ ප‍්‍රත්‍යක්ෂයකි. සාමාන්‍යයෙන් පිරිමින් ගැහැනුන්ට වඩා තරමින් විශාල ය. බරෙන් වැඩි ය. පිරිමින් ගේ පේශි ගැහැනුන් ගේ පේශිවලට වඩා මැනවින් වර්ධනය වී ඇත. අප රුධිරයේ තිබෙන රතු රුධිරානු සංඛ්‍යාව මෙන් ම එහි අඩංගු ඔක්සිජන් පරිවහනය කැරෙන හිමොග්ලොබින් නමැති රත් පැහැති වර්ණක ප‍්‍රමාණය පිළිබඳ ව ගැහැනුන් පිරිමින්ට දෙවැනි ය. පිරිමින් ගැහැනුන්ට වඩා කායික වශයෙන් ශක්ති සම්පන්න බව ඔලිම්පික් තරගවල ප‍්‍රතිඵල වලින් ද ස්ඵුට වේ. ඒ තරගවල දී පිරිමින් විසින් පිහිටුවන ලද සෑම වාර්තාවක් ම ගැහැනුන් විසින් පිහිටුවන ලද වාර්තාවලට වඩා විශිෂ්ට ය. ශාරීරික කී‍්‍රඩාවල දී ගැහැනුන් විසින් පිහිටුවා ඇති එක ද වාර්තාවක් පිරිමින් විසින් පිහිටුවන ලද වාර්තාවලට වඩා විශිෂ්ට නො වීම, සමස්තයක් ලෙස ගත් කල ගැහැනුන් පිරිමින්ට වඩා කායික වශයෙන් දුබල බවට ප‍්‍රබල සාක්ෂ්‍යයකි. අවසාන විග‍්‍රහයේ දී පුරුෂාධිපත්‍යයේ සැබෑ පදනම පිරිමින් ගැහැනුන්ට වඩා කායික වශයෙන් ශක්ති සම්පන්නවීම විනා අන් කිසිවක් නො වේ.’

‘කායික ශක්තියෙන් ගැහැනුන් පිිමින්ට වඩා දුබල වුවත්, වෙනත් මිනුම් දඬුවලින් මැන බැලූ විට කාන්තාවන් පිරිමින්ට වඩා නො දෙවෙනි බව පෙනේ.’

‘ආවේණික බුද්ධි ශක්තියෙන් ගැහැනුන් හා පිරිමින් අතර වෙනසක් නොමැත. එහෙත් අග‍්‍රගණ්‍ය දාර්ශනිකයන්, විද්‍යාඥයන්, දේශපාලනඥයන්, කලාකරුවන් අතර ස්තී‍්‍රන් අතිශයින් විරල බව කවරකුට වුණත් ප‍්‍රතික්ෂේප කළ නො හැකි සත්‍යයකි. ඒ සත්‍ය වනාහී කාන්තාවන්ට ලැබී ඇති අධ්‍යාපනික අවස්ථා පිළිබඳ ප‍්‍රශ්නයේ ම කොටසක් විනා කාන්තාවන් ගේ නෛසර්ගික අල්පත්වයක ලක්ෂණයක් නො වේ.’

මහාචාර්ය කාලෝ ෆොන්සේකා ගේ “කාලෝචිත ලිපි’ නමැති කෘතියෙහි ඇතුළත් මේ ඡේදය කාන්තාව පිළිබඳ බොහෝ මිථ්‍යාවන් දුරු කැරීමට සමත් ය. එය, අද දින අප ගේ මාතෘකාවට ප‍්‍රවේශවීමේ දී විශාල මඟ පෙන්වීමකි. දියවඩන නිලමේ හා බස්නායක නිලමේවරුන් තෝරා ගැනීමේ දී ඡන්ද බලයත්, එම ධුර සඳහා පත්වීමේ අවස්ථාවත් කාන්තාවන්ට ලබා දීමට හැකිවන පරිදි 1931 විහාර හා දේවාලගම් පනත සංශෝධනය කැරීමට අමාත්‍ය මණ්ඩලය ප‍්‍රතිපත්තියනක් වශයෙන් පිළිගෙන තිබීම අපි අද දින මාතෘකාව ලෙස තෝරා ගත්තෙමු.

දළදා මාලිගාවේ ගිහි භාරකාරත්වය පැවැරෙන දියවඩන නිලමේවරයකු සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා විසින් කි‍්‍රයා කළ යුතු ය. උඩරට ප‍්‍රදේශයට අයත් ප‍්‍රාදේශීය ලේකම්වරුන්, බස්නායක නිලමේවරුන්, රජ මහා විහාරාධිපතීන් වහන්සේ හා මල්වතු - අස්ගිරි මහා නා හිමියන් වහන්සේ දෙනම ඒ සඳහා ඡන්දය දීමට සුදුසුකම් ලබති. එම ප‍්‍රදේශයේ සේවයේ නියුතු ප‍්‍රාදේශීය ලේකම්වරියන්ට මෙහි දී ඡන්ද බලය හිමි නො වේ.

දියවඩන නිලමේ හා බස්නායක නිලමේවරුන් පත් කැරීම පිණිස නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූල ධර්මය අනුගමනය කැරෙන අතර ම කාන්තාවන්ට ඡන්ද බලය ලබා නො දීම වරදකි. 1931 දී බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් හඳුන්වා දුන් එම නීතිය වර්තමානයට කිසිසේත් නො ගැළැපේ.

එ පමණක් නො ව ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සිරිලකට වැඩම කැර වූයේ හේමාමාලා කුමරිය ගේ කෙස් කලඹෙහි සඟවා ගෙන ය. ශ්‍රී මහා බෝධීන් වහන්සේ සිරිලකට වැඩම කැර වූයේ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසිනි. මේ අනුව බලන කල ශ්‍රී ධන්ත ධාතූන් වහන්සේට හෝ ශ්‍රී මහා බෝධීන් වහන්සේට කැරෙන තේවාවන් සඳහා කාන්තාවන් සහභාගිවීම නුසුදුසු යැයි කිව හැකි ද?

කාන්තාවන්ට සිදු වී ඇති මේ ඓතිහාසික අසාධාරණය ඉවත් කැරීම සමාජ වගකීමකි. බුදු දහමෙහි ඇතුළත් මානව හිතවාදී ඉගැන්වීම් මෙහි දී සියල්ලන්ට ම මඟ පෙන්වනු ඇත.

නිකිණි අව අටවක

නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් මස 03 වන දා සඳුදා අපරභාග
09.07 ට ලබයි.
4 වන දා අඟහරුවාදා
අපරභාග 07.12 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 04 වන දා අඟහරුවාදාය.
මීළඟ පෝය සැප්තැම්බර්
10 වන දා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 04

New Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 19

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 26

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]