UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

පොල්ගස්ඕවිට, ජයලියගම අංක 3 දරන නිවසේ පදිංචි 54 වියැති ඊ.ආර්. වීරක්කොඩි නමැති අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා “ඒ බී පොසිටිව්” ලේ වර්ගය ඇති වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි කොළඹ ඇපලෝ රෝහලේ විශේෂඥ වෛද්‍ය සුරජිත් සෝමයියා මහතා නිර්දේශ කර ඇත. “ඒ බී පොසිටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් පිරිනැමීමට කැමැති අයකු වෙත් නම් ඉහත ලිපිනයට හෝ 077- 9429191 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස වකුගඩු රෝගී වීරක්කොඩි මහතා ඉල්ලීමක් කරයි.

නො. 34, මීරිගම පාර, මීගමුව යන ලිපිනයේ පදිංචි ආචාර්ය සුනිල් ගුණරත්න මහතා ශ්‍රීලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වශයෙන් සේවය කරන අතර ඒ මහතා හට වකුගඩු අකි‍්‍රය වීමේ රෝග තත්ත්වය වැළඳී ඇති බැවින් ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් කරන ලෙස කොළඹ මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය දොස්තර රුචිර ලැනරෝල් මහතා නිර්දේශ කර ඇත. “ඕ නෙගටිව්” ලේ වර්ගයට ගැලපෙන වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතෙකු හෝ හිමිනමක් සිටී නම් දුරකථන අංක 031-2235806 ඇමතීමෙන් හෝ ලිපිය ආරම්භයේ සඳහන් ලිපිනයට දන්වා එවන්නැයි ඉල්ලීමක් කැරේ.

නුගේගොඩ පදිංචි අවු. 59 ක් වියැති ඩබ්.ආර්. දයානන්ද මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඔහුගේ වකුගඩු දෙකම අකි‍්‍රය වී ඇත. ඒ මහතාට වකුගඩුවක් බද්ධ කළ යුතු බවට වෛද්‍යවරුන් නිගමනය කර ඇති හෙයින්, ඒ. බී. පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් ලබාදීමට කාරුණිකවන්නැයි පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කැරේ. නො. 25/3, සුභද්‍රාරාම මාවත, නුගේගොඩ. දුර. 2824486, 2503334.

මාතලේ හඳුන්ගමුව වෙහෙරගලගම නො.57 හි පදිංචි ජේ. එම්. එල්. විජේරත්න මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව වෛද්‍ය නිර්දේශය වී ඇත. ගොවිතැනින් ජීවත්වන ඔහු තිදරු පියෙකුද වේ. ඕ පොසිටිව් ලේ වර්ගයේ වකුගඩුවක් පිරිනැමීමට කැමැති අයකු වෙතොත් ඉහත ලිපිනයට හෝ 060 - 2663389 ජයවර්ධනගෙන් හෝ 071- 6029352 සුජිත්ගෙන් විමසන්නැයි ඉල්ලීමක් කැරේ.

නිකිණි අව අටවක

නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් මස 03 වන දා සඳුදා අපරභාග
09.07 ට ලබයි.
4 වන දා අඟහරුවාදා
අපරභාග 07.12 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 04 වන දා අඟහරුවාදාය.
මීළඟ පෝය සැප්තැම්බර්
10 වන දා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 04

New Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 19

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 26

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]