UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

තල්පිටියේ දළදා පෙරහර

තල්පිටියේ ඩබ්. ඇම්. ඇන්. වී. විජේනායක
වාද්දුව සංචාරක වාර්තාකරු

1933දී ඉතා උසස් අන්දමින් තල්පිටියේ ශ‍්‍රී දළදා මහා පෙරහර එවකට ඇරැඹිණි. සති පිරිත් තුනක පිරිත් දේශන මාලාවක් පවත්වා තල්පිටිය ගම් ප‍්‍රදේශය වටා රාති‍්‍ර පෙරහර 06 ක් සංචාරය කර අවසානයේ දී මහත් උත්කර්ෂවත් අන්දමින් ශ‍්‍රී දළදා මහා පෙරහර ගාලු කොළඹ මහා මාර්ගයේ පානදුර මහ පාලමේ ගඟ දක්වා රාති‍්‍රය මුළුල්ලේ සංචාරය කර කි. මී. 12 පමණ දුර ගෙවා පසුදා උදෑසන නැවත විහාරස්ථානය කරා ගෙවදීම සිදුකර ඇත. එහෙත් පසු කාලයේ දී එය එක් සති පිරිතක් බවට පත් විය.

ශ‍්‍රී දළදා පෙරහර උත්කර්ෂවත් අන්දමින් පවත්වාගෙන ඒම සඳහා විහාරාධිපති පණ්ඩිත තල්වත්තේ ඉන්ද්‍රජෝති නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරී ශාස්ත‍්‍රපති තල්පිටියේ චන්දරතන, තල්පිටියේ ධම්මරතන යන ස්වාමීන් වහන්සේලා ඇතුළු තරුණ බෞද්ධ සමිතිය සහ ප‍්‍රදේශවාසී ජනතාවගෙන් ලැබෙන සහයෝගය විශිෂ්ඨය.

වාද්දුව තල්පිටිය පුරාණ ශ‍්‍රී දළදාවත්ත මහා විහාරස්ථානය මගින් වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන ශ‍්‍රී දළදා මහා පෙරහර මෙවර පවත්වනු ලබන්නේ 74 වන වරටය.

මෙම මස 05 වැනි බදාදා රාති‍්‍ර තිස් පෑ හතේ පරිත‍්‍රාණ ධර්ම දේශනාව ආරම්භ වන අතර, 08 වන සෙනසුරාදා රාති‍්‍ර යෙදෙන සුභ මොහොතින් තල්පිටිය ශ‍්‍රී දළදා මහා පෙරහර 74 වෙනි වරටත් වීථි සංචාරය කර 09 වෙනි ඉරිදා හිමිදිරි කාලයේ විහාරස්ථානයට ගෙවදිනු ලැබේ.

නිකිණි අව අටවක

නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් මස 03 වන දා සඳුදා අපරභාග
09.07 ට ලබයි.
4 වන දා අඟහරුවාදා
අපරභාග 07.12 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 04 වන දා අඟහරුවාදාය.
මීළඟ පෝය සැප්තැම්බර්
10 වන දා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 04

New Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 19

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 26

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]