UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප |

බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ නිකිණි පෝදා විකාශය

බුදු සිරිපා පහසින් පිවිතුරු වූ ශ්‍රී ලංකාද්වීපයේ නිර්මල බුදු දහම ජාත්‍යන්තරයට ගෙන යෑමේ අදිටනින් ඇරැඹි ශ්‍රී ලංකාවේ ප‍්‍රථම බෞද්ධ රූපවාහිනී නාලිකාව වන “ද බුඩිස්” (බෞද්ධයා) රූපවාහිනී නාලිකාවේ නිකිණි පොහෝදා වැඩසටහන් කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ සත් මහල් සම්බුදු මාලිගයේ සිට දවස පුරාම සජීව ලෙස විකාශය කෙරේ.

ඉතිරිය»

මහනුවර ඇසළ පෙරහර

සැණකෙළිවලට ඉඩ නෑ; බොදු පුබුදුවට මෙවර මුල් තැන - ශ‍්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ

ශ‍්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික හා පෞරාණික වටිනාකම් ආරක්‍ෂා කර ගනිමින් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා පවත්වනු ලබන සම්ප‍්‍රදායික පුද පූජාවන් නිසි අයුරින් ඉටු කිරීම දියවඩන නිලමේතුමන් සතු කාර්යභාරයකි. ඒ අතරින් දළදා සමිඳු උදෙසා පවත්වනු ලබන සතර මංගල්‍යයන් සාර්ථකව සංවිධානය කැර පවත්වාගෙන යෑම ප‍්‍රධාන තැනක් ගනී. දෙස් විදෙස් බෞද්ධ මෙන්ම අබෞද්ධ ජනතාවගේද විශේෂ අවධානයට පාත‍්‍රව පවතින්නා වූ මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පෞරාණික චාරිත‍්‍රයන්ට අනුකූලව සාර්ථක ලෙස සංවිධානය කිරීම දියවඩන නිලමේ වෙත පැවරී පවතින්නා වූ තරමක් බාරදූර වූ කාර්යභාරයකි. ශ්‍රී දළදා සමිඳුන්ගේ ගිහි භාරකාරත්වය මෙන්ම දළදා මැදුරේ කාර්ය මණ්ඩල ප‍්‍රධානත්වය ද දරන්නා වූ වත්මන් දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා සමඟ පෙරහර සංවිධාන කටයුතු හා එහි අන්තර්ගතය පිළිබඳව පැවැත්වූ සාකච්ඡාවකි මේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සැපත නසන පිළිවෙත්

“ප‍්‍රකෘති බව විකෘති කරන විවිධ මත් ද්‍රව්‍ය භාවිතයට ගිජුවීම කායික හා මානසික සෞඛ්‍යයට බරපතල හානියක් වන්නාසේම ආර්ථික පරිහානියට ද හේතු වන්නේ ය. ගෙදරදොර අසමඟිය ගොඩනැගෙන්නාසේම ආදරය දයාව, කරුණාව වැනි ගුණදම් ජීවිත යහනාවෙන් පලායනු ඇත. අන්‍යොන්‍ය යුතුකම් ද විනාශ වන්නේ ය. සමාජ අවමානයටද හේතු වේ.”

ඉතිරිය»

ඓතිහාසික පාණදුරා වාදය සිහි කිරීමේ මහෝත්සවයක්

ලෝක බෞද්ධ පුනරුදයට හේතු වූ ඓතිහාසික පාණදුරාවාදය සිදු වී අගෝස්තු 26 වන දාට වසර 134 ක් සපිරීම නිමිත්තෙන් එම ඓතිහාසික වාදය සිහි කිරීමේ මහෝත්සවයක් පාණදුර බෞද්ධ සංගමය හා මහා භාරකාර දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධානය කර ඇත.

ඉතිරිය»

සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය සතිස් වැන්නෙහි ලක්දිවට වැඩම කළ අනුබුදු මිහිඳු මාහිමියන් ප‍්‍රධාන ධර්මදූත පිරිසත්, අරිට්ඨ සිංහල රහතන් වහන්සේ ප‍්‍රධාන සපනසක් රහතන් වහන්සේ ද ඇතුළු දෙසැටක් රහතන් වහන්සේ දෙවන පෑතිස් නිරිඳුන්ගේ ආරාධනයෙන් එතුමා විසින් කරවා පූජා කරන ලද අට සැට ලෙන්වල වස් එළඹියහ. මෙය ලක්දිව සිදු වූ ප‍්‍රථම වස්සූප ගමනයයි.

නිකිණි පුර පසළොස්වක

පෝය අගෝස්තු 27 වැනි දා සඳුදා
අපර භාග 06.13 ට ලබයි. 28 වැනි දා අඟහරුවාදා අපරභාග 04.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු
28 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය සැප්තැම්බර්
04 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 28

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 04

New Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 19

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»



© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]