UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඓතිහාසික පාණදුරා වාදය සිහි කිරීමේ මහෝත්සවයක්

ලෝක බෞද්ධ පුනරුදයට හේතු වූ ඓතිහාසික පාණදුරාවාදය සිදු වී අගෝස්තු 26 වන දාට වසර 134 ක් සපිරීම නිමිත්තෙන් එම ඓතිහාසික වාදය සිහි කිරීමේ මහෝත්සවයක් පාණදුර බෞද්ධ සංගමය හා මහා භාරකාර දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධානය කර ඇත.

ඊට සමගාමීව බෞද්ධ උරුමයක් වන ඓතිහාසික පාණදුරාවාද භූමියේ දැනට ඉතිරිව ඇති බිම්කඩ අනාගත පරපුර උදෙසා සංරක්ෂණය කර අනුස්මරණ ශාලාවක් ඉදිකිරීම සඳහා වන සංරක්ෂණ භාරයක් ඇති කිරීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව අගෝස්තු 26 වන දා පෙරවරු 8 ට පාණදුර නගරයේ පිහිටා ඇති මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමි පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම ද අනතුරුව පිළිරුව අබියස සිට ඓතිහාසික වාදභූමිය කරා චාම් පෙරහරකින් ගමන් කිරීම ද, උදෑසන 8.30 එම වාද භූමිය සංරක්ෂණය කර ආරක්ෂා කිරීම සඳහා වන ඓතිහාසික පාණදුරාවාද භූමි සංරක්ෂණ භාරය එම භූමියේ දී සිදු කැරේ.

උදෑසන 9 ට පාණදුර රන්කොත් විහාරයේ දී මහ සඟරුවන, මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, දහම් පාසල් සිසු දරුවන්, බෞද්ධ සංවිධාන නියෝජිතයන් හා ප‍්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් අනුස්මරණ උත්සවයක් පැවැත් වේ.

නිකිණි පුර පසළොස්වක

පෝය අගෝස්තු 27 වැනි දා සඳුදා
අපර භාග 06.13 ට ලබයි. 28 වැනි දා අඟහරුවාදා අපරභාග 04.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු
28 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය සැප්තැම්බර්
04 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 28

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 04

New Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 19

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]