[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

හික්මීම සොඳුරු ධර්මයකි

ඉතාමත් දුක සේ සම්පූර්ණ කර ගත යුතු වීර්යයන් දෙකක් මේ ලෝකයෙහි තියෙනවා. ඒ දෙක මොනවාද? ගිහිගෙයි ජීවත් වන යම් කෙනෙක් ඇඳුම්, ආහාර, නිවාස, ඖෂධ ආදිය සඳහා කරන වීර්යයත්, ඒ වගේ ම ගිහි ගෙයින් නික්මිලා අනගාරික පැවිදි ජීවිතයට පැමිණි උතුමෝ සියලු කෙලෙසුන් අතහැරීම සඳහා කරන වීර්යයත් ය. සීල සංවරය පිණිස උපදවා ගත යුතු ආචාර ගෝචර සම්පන්න භාවය පිළිබඳ ව අපි නොයෙක් වර කතා කොට තිබෙනවා. මේ සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් තම ශ්‍රාවක සංඝ රත්නය උදෙසා පුරුදු කර ගැනීමට “සේඛියා’ නම් වූ සිල්පද හැත්තෑ පහක් හඳුන්වා දී තිබෙන බව අප දන්නවා. සේඛියා කියන්නේ පැවිදි ජීවිතයේ ඇවතුම් පැවතුම් තුළ හික්මීම පිණිස පැනවූ සිල් පදවලට යි. ශ්‍රාවකයාට තමන්ගේ ජීවිතයේ සීලය පුරුදු කරන ක්‍රමය පිළිබඳ නිරවද්‍ය වැටහීමක් තිබිය යුතුයි. බුදුරජාණන් වහන්සේ පැනවූ සීල සංවරය ගැන ශ්‍රාවකයන් අතර නොයෙකුත් මතවාද පැතිර යනවා නම්, සීල දෘෂ්ටි ඇති වෙනවා නම්, ඔහුට සංසාර දුකෙන් නිදහස් වන පිළිවෙළ සිතේ නොවැඩීම නිසා, නැවතත් සසරේ ඉපදි ඉපදී යන්න සිදු වෙනවා. මේ අනතුරින් අත්මිදෙන්නට නම් අප විසින් කළ යුත්තේ ඒ බුදුරජාණන් වහන්සේ විසින් කියා දුන් ආකාරයට ම සීලය පුරුදු කර ගැනීමයි. අපි සාමාන්‍යයෙන් ජීවිතය පවත්වා ගන්නට ඇඳුම්, ආහාර, නිවාස, ඖෂධ ආදිය තමයි භාවිත කරන්නේ. අන්න ඒ භාවිත කරන දෑ උපයා ගැනීම සඳහා අපි වීරියක් කළ යුතුයි. වීරියෙන් යුතු ව අපි රැකී රක්ෂා කරලා වෙළහෙළඳාම් කරලා මුදල් උපයලා තමයි ඔය කියන පහසුකම් භාවිත කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ විසින් අපට මේ විදිහට කියා දෙනවා. ඉතාමත් දුක සේ සම්පූර්ණ කර ගත යුතු වීර්යයන් දෙකක් මේ ලෝකයෙහි තියෙනවා. ඒ දෙක මොනවාද? ගිහිගෙයි ජීවත් වන යම් කෙනෙක් ඇඳුම්, ආහාර, නිවාස, ඖෂධ ආදිය සඳහා කරන වීර්යයත්, ඒ වගේ ම ගිහිගෙයින් නික්මිලා අනගාරික පැවිදි ජීවිතයට පැමිණි අය සියලු කෙලෙසුන් අතහැරීම සඳහා කරන වීර්යයත් ය.


පුර අටවක

අගෝස්තු 19 බදාදා අ.භා. 07.24න් පුර අටවක ලබා බ්‍රහස්පතින්දා අ.භා. 9.22න් ගෙවේ.
20 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 20 

Full Moonපසළොස්වක

‍අගෝස්තු 27

Second Quarterඅව අටවක

‍‍‍සැප්තැම්බර් 04

Full Moonඅමාවක

සැප්තැම්බර් 10


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]