ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ පොසොන් පුර අටවක පෝ දා 2026 ජූනි 21 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සිත අපිරිසිදු කරන ධර්ම කාරණා පිළිබඳ බොහෝ දේශනාවල දී බුදුරජාණන් වහන්සේ අපට කියා දෙනවා. අංගුත්තර නිකාය 01 පොත් වහන්සේගේ දුක නිපාතයේ සඳහන් වනවා, ‘කෝධ වර්ගය’ යනුවෙන් කොටසක්. එහි අඩංගු වන, සිතේ අකුසල් යුගල බැගින් දේශනා කළ කාරණා කීපයක් ඉගෙන ගන්නයි අද අපි සූදානම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා මේ අකුසල ධර්මයන් ඇසුරු කරමින් වාසය කරන කෙනා දුක සේ වාසය කරනවා කියලා. ඒ වගේ ම නිවන් මඟේ හික්මෙන ශ්‍රාවකයාගේ පිරිහීම පිණිස හේතු වෙනවා කියලා.ඒ වගේම මේ පෙන්වා දෙන ධර්මයන් ඇසුරු කිරීමෙන් මරණින් මතු නිරයේ උපදිනවා කියලත් පෙන්වා දෙනවා. ක්‍රෝධය කියන්නෙ මොකක්ද? කිපීම යි. යම් කෙනෙක් කිපෙන සිතින් වාසය කරනවා නම් ඔහු ක්‍රෝධ සම්පන්නයි. ක්‍රෝධය ගැන මෙසේ බුදුරජාණන් වහන්සේ එක්තරා දෙවි කෙනකුට කියා දෙනවා. ‘ක්‍රෝධය නසා දැමීමෙනුයි සනීපෙට නින්ද යන්නේ. ක්‍රෝධය නසා දැමීමෙනුයි ශෝක නො කරන්නේ. පින්වත් දේවිය, විස මුල් තියෙන (පළිගැනීම නම් වූ) මිහිරි අග ඇති, ක්‍රෝධය නැසීම ගැන ආර්යයන් වහන්සේ ප්‍රශංසා කරනවා. ඔය ක්‍රෝධය නසා දැමූ කෙනා ශෝක කරන්නේ නෑ.” උපනාහය කියන්නේ මොකක්ද? බද්ධ වෛරයයි. බලවත් ක්‍රෝධයකින් වෛරය දිගින් දිගට පවත්වන සිතක් අපට තිබෙනවා. බද්ධ වෛරය කල්ප ගණන් පවත්වා මහා විපතක් කර ගත් කෙනෙක්. දේවදත්ත කියන්නේ. දේවදත්ත විසින් බෝසතාණන් වහන්සේට ඒ ඒ භවයේ දී අප්‍රමාණ කරදර කළේ බද්ධ වෛරයෙන් නේ ද? සාමගාම සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා “යම් මේ භික්ෂුවක් ක්‍රෝධයෙන් යුක්ත වෙයි ද? බද්ධ වෛරයෙන් යුක්ත වෙයි ද? ඔහු වාසය කරන්නේ ශාස්තෘන් වහන්සේ කෙරෙහි පවා අගෞරවයකින් යුක්තව හිතුවක්කාර ලෙසයි. ඒ වගේ ම ඔහු වාසය කරන්නේ ධර්මය කෙරෙහි පවා අගෞරවයකින් යුක්තව හිතුවක්කාර ලෙසයි. ඒ වගේ ම ඔහු වාසය කරන්නේ සංඝයා කෙරෙහි පවා අගෞරවයකින් යුක්තව හිතුවක්කාර ලෙසයි. ඔහු ශික්ෂාව සම්පූර්ණ කරන කෙනෙක් නො වෙයි. අන්න ඒ භික්ෂුව සංඝයා අතර වාද විවාද උපදවනවා’ කියන කාරණය.
ජුනි 21 ඉරිදා අ.භා. 03.28න් පුර අටවක ලබා 22 සඳුදා අ.භා. 03.46න් ගෙවේ. 21 ඉරිදා සිල්
පුර අටවක
ජුනි 21
පසළොස්වක
ජුනි 29
අව අටවක
ජූලි 07
අමාවක
ජූලි 14
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]