ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ අධි වෙසක් පුර පසළොස්වක පෝ දා 2026 මැයි 01 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ඒහිපස්සිකො යන්නෙහි තේරුම එන්න, මේ ධර්මය අසන්න, ඒ අනුව ක්‍රියා කර බලන්න යැයි අන්‍යයන්ට කීමට, අන්‍යයන් මෙහෙයවීමට, අන්‍යයන්ට බලකිරීමට වුව ද මේ ධර්මය සුදුසු ය යනු යි. තථාගතයන් වහන්සේ විසින් දේශිත සතර මාර්ග සතර ඵල නිර්වාණසංඛ්‍යාත නවලෝකෝත්තර ධර්මය උන්වහන්සේ විසින් දේශනය කළේ පළමු කොට තමන් වහන්සේගේ සන්තානයෙහි ඒ ධර්මයන් උපදවාගෙන හා ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කරගෙන ය. ඒ ධර්මයන් උපදවා ගත්, ප්‍රත්‍යක්ෂ කර ගත් බොහෝ බුද්ධ ශ්‍රාවකයෝ ද වූහ. එබැවින් ඒ නවලෝකෝත්තර ධර්මය ගැන සැක කළ යුත්තක් නැත. මේ සසුනට ඇවිත් පිළිවෙත් පුරා ඒ ධර්මයන් ලබා ගන්න යැයි සෙස්සන්ට කීමට බියවිය යුත්තක් නැත. ඒ නවලෝකෝත්තර ධර්මය ඒහිපස්සික ගුණයෙන් යුක්ත ය. යමක් ඇසීමෙන්, දැකීමෙන්, කිරීමෙන් ප්‍රයෝජනයක් නැත්නම්, නපුරක් හෝ වේ නම් ඒ දෙස ඇසීමෙහි, දැකීමෙහි, කිරීමෙහි සෙස්සන් යෙදවීම නුසුදුසු ය. යම් ධර්මයක් ඇසීමෙන්, කල්පනා කිරීමෙන් එයට අනුව ක්‍රියා කිරීමෙන් වන ප්‍රයෝජනයක් නැත්නම්, නපුරක් විය හැකි නම් ඒ ධර්මය ඇසීමෙහි, ඒ ධර්මය අනුව පිළිපැදීමෙහි අන්‍යයන් යෙදවීම නුසුදුසු ය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය යමකු පහන් සිතින් අසනවා නම් එයිනුදු ඔහුට යහපතක් වේ. ඇතැම්හු ඒ පිනෙන් ම මරණින් මතු දෙව්ලොව උපදිති. ඉතා ම පහත් දෙව්ලොව වූ චාතුර්මහාරාජිකයෙහි දෙවියන්ට අවුරුදු අනූ ලක්ෂයක් ආයු ඇත්තේ ය. ඔවුන්ට ආහාරපාන වස්ත්‍රාදී සියල්ල පින් බලයෙන් නිරායාසයෙන් ම ලැබේ. ඒවා ලැබීම සඳහා මිනිස් ලොව මෙන් වැඩ කළ යුතු බවක් දෙව්ලොව නැත. අසවල් දෙය නැත. අසවල් දෙය විනාශ වුණා ය. අසවල් අලාභය විය කියා තැවීමක් ඔවුන්ට නැත. ලෙඩ සෑදී දුක් විඳීමක්, ලෙඩට ප්‍රතිකාර ගැනීමට වෙහෙසීමක් ඔවුන්ට නැත. මිනිසුන්ගේ ශරීර මෙන් පරණ ව ඔවුන්ගේ ශරීර දිරා යාමක් නැත. ආයු කෙළවර වීමෙන් ඔවුන් මියගිය පසු මළසිරුරක් ද ඉතිරි නොවේ. එබැවින් මළසිරුර එසවීමක් ද නැත. බුදුරදුන්ගේ ධර්මය අනුව වැඩිදුරට පිළිපදින්නා වූ තැනැත්තාට රූපාවචර, අරූපාවචර, ධ්‍යාන ලබා ගත හැකි ය.
අප්‍රේල් 30 බ්‍රහපතින්දා අ.භා. 09.16න් පුර පසළොස්වක ලබා 01 සිකුරාදා අ.භා. 10.56න්. ගෙවේ. 01 සිකුරාදා සිල්
පසළොස්වක
මැයි 01
අව අටවක
මැයි 09
අමාවක
මැයි 16
පුර අටවක
මැයි 23
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]