ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ බක් පුර පසළොස්වක පෝ දා 2026 අප්‍රේල් 01 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
මීරිගම සුගතනන්ද හිමි
මොරටුව එගොඩඋයන විදර්ශනාරාම මූල මහා විහාරයට වසර 150ක් ද, විහාරස්ථ විශාඛා කුලඟන සමිතියට වසර 50ක් ද සපිරෙන අතර, ඒ වෙනුවෙන් පසුගිය 15 වැනි දා සිට 23 වැනි දා දක්වා පින්කම් මාලාවක් සිදු කෙරිණි.
අතීතයේ අභිනවාරාමය ලෙස හැඳින්වූ මේ විහාරය පසුකාලීනව විදර්ශනාරාම මූල මහා විහාරය ලෙස නම් කෙරිණි. මෙහි ආරම්භක විහාරාධිපති වූයේ යාලේගම සෝභිත තිස්ස නා හිමියන් ය. මේ විහාරයේ දර්ශනීය බිතුසිතුවම් බොහොමයක නිර්මාණ දායකත්වය අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන්ගේ ඥාති පරපුරේ අය විසින් දරා තිබේ. ඒ පිළිබඳ ව බුද්ධ මන්දිරයේ ලිඛිත ව සඳහන් වේ. ඒ අතර ඇඩිමන් හේවාවිතාරණ, ඩී.එල්.ජයතිලක, නීල් හේවාවිතාරණ, රාජා හේවාවිතාරණ, දයා හේවාවිතාරණ, එස්. ඩබ්ලිව්.අතුකෝරාල මහත්ම මහත්මීන් ප්‍රධාන වේ. මේ සම්බුද්ධ මන්දිරයේ ඉදිකිරීම් වැඩකටයුතු අවසන් කර තිබෙන්නේ මන්තෙස් අප්පුහාමි සහ පොරෙලෙන්තිකා ගුණතිලක යන අය විසිනි.
අද වන විට විදර්ශනාරාම මූල මහා විහාරය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත්ව තිබේ. යාලේගම සෝභිත තිස්ස නාහිමි අපවත් වීමෙන් පසුව පොහොන්නරුවේ සුගතපාල හිමි, කිතුල්වල ධම්මෝදය හිමි, දෙහිගම විනයපාල හිමි සහ කහපිටිගොඩ සුධර්මාලංකාර යන හිමිවරු විහාරස්ථානය දියුණු කරමින් සසුන් කෙත ඔපවත් කළහ.
වර්තමානයේ මීරිගම සුගතනන්ද හිමියන් විහාරස්ථානයේ දියුණුවට කරන කාර්යභාරය වෙසෙස් ය. මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට අයිති විදර්ශනාරාම මූල මහා විහාරයෙන් ආගමික සහ ශාසනික කටයුතු රාශියක් සිදු වේ. ඒ වගේම විහාරස්ථ කුලඟන සමිතිය ද විහාරස්ථානයේ අභිවෘද්ධියට නිරන්තරයෙන් කටයුතු කරයි. තව තවත් බුදු සසුන බැබළවීමට විදර්ශනාරාම විහාරස්ථානයේ සඟ රුවනට ශක්තිය ධෛර්යය ලැබේවා.
අප්‍රේල් 01 බදාදා. පූ.භා. 07.09න් පුර පසළොස්වක ලබා 02 බ්‍රහපතින්දා පූ.භා. 07.44න් ගෙවේ. 01 බදාදා සිල්
පසළොස්වක
අප්‍රේල් 01
අව අටවක
අප්‍රේල් 10
අමාවක
අප්‍රේල් 17
පුර අටවක
අප්‍රේල් 24
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]