[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අපරිමිත යුග මෙහෙවරක අමරණීය නාමය දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ

අපරිමිත යුග මෙහෙවරක අමරණීය නාමය දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ

මෑත යුගයේ මෙරට ශාසන ඉතිහාසයට අමරණීය මෙහෙවරක් ඉටුකළ යතිවරයාණන් වහන්සේ නමකි, මීට අට වසරකට පෙර අපවත්වී වදාළ කොළඹ 07, ශ්‍රී සම්බෝධි විහාරාධිපති ව වැඩ විසූ බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ දරණාගම කුසලධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ.

මෙරට දහම් කෙත පළමුවරට රූපවාහිනී තාක්ෂණය ඔස්සේ පෝෂණය කළ දරණාගම කුසලධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ රට, දැය, සමය වෙනුවෙන් අපරිමිත මෙහෙවරක් ඉටු කළහ.

සැම හිත සුව පිණිස 2007 දී බෞද්ධයා රූපවාහිනී නාලිකාවත්, 2011 දී බෞද්ධයා ගුවන්විදුලි නාලිකාවත් දරණාගම කුසලධම්ම හිමිපාණන් වහන්සේ විසින් ආරම්භ කරන ලදී. අපේ රටේ ඓතිහාසික පූජනීය රාජමහා විහාරස්ථාන රැසක දී මෙන්ම දඹදිව බුද්ධගයාව, බරණැස ඉසිපතනාරාමය ආදී පුදබිම්වල දී සුවිශේෂී වූ ආගමික කටයුතු රාශියක් දරණාගම කුසලධම්ම හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් සිදු වූහ. එබඳු ඓතිහාසික පින්කම් සඳහා සැදැහැවතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ද සහභාගි වූහ.

සම්බුදු දහම ලොවට බෙදාදීම සඳහා බෞද්ධයා මාධ්‍ය ජාලයෙන් ඇප කැප වී කටයුතු කළ දරණාගම හාමුදුරුවෝ උන්වහන්සේට ම ආවේණික වූ ලගන්නා සුළු සරල, මිහිරි ස්වරයෙන් දහම් දෙසීමෙහි ද වෙහෙස වී කටයුතු කළහ.

උන්වහන්සේගේ අට වැනි වාර්ෂික ගුණ සමරුව නිමිත්තෙන් බෞද්ධයා මාධ්‍ය ජාලයේ වත්මන් සභාපති සහ කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරාධිපති බොරලන්දේ වජිරඤාණ ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි පින්කම් මාලාවක් පසුගියදා පැවැත්විණි.

අපවත්වී වදාළ පූජනීය දරණාගම කුසලධම්ම මාහිමියන් වහන්සේ පැතූ උතුම් නිර්වාණාවබෝධය ම ලැබේවා.

බක් පුර පසළොස්වක

අප්‍රේල් 01 බදාදා. පූ.භා. 07.09න් පුර පසළොස්වක ලබා 02 බ්‍රහපතින්දා පූ.භා. 07.44න් ගෙවේ.
01 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍අප්‍රේල් 01 

Second Quarterඅව අටවක

‍‍‍අප්‍රේල් 10  

Full Moonඅමාවක

අප්‍රේල් 17

First Quarterපුර අටවක

අප්‍රේල් 24  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]