[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බදුල්ල විහාරගොඩ විද්‍යොත්තංස පිරිවෙන් විහාරය

වප්  අව අටවක

නොවැම්බර් 05 ඉරිදා පූ.භා.
01.03 න් අව අටවක ලබා 06 සඳුදා පූ.භා. 03.20 න් ගෙවේ.
05 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 05

Full Moonඅමාවක

නොවැම්බර් 12

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසළොස්වක

නොවැම්බර් 26

මරණාසන්න මොහොතේ කිසිවකුට පසමිතුරෙක් නොවන්න කල්‍යාණ මිතුරකු ම වන්න

ඩයරියේ ලියන්නේ මොනවාද? තව කෙනෙකුට බලන්න බැරි කුණූුගොඩවල් තියෙන්නේ. ඕක හංගලානේ තියා ගන්නේ. එතකොට ඒක නිකම් පව් පොතක් වගේ. තිබ්බ කුණු ගොඩවල් ටිකක් තමයි ඒකේ තියෙන්නේ. හැබැයි එදා ඉඳන් අපේ මිනිස්සු අතර තිබ්බේ පින් පොත. තමන් කරන පින් දහම් එකින් එක ලියනවා. දැන් හිතන්න මෙහෙම, ඔබ ඔබේ ජීවිතයේ කළ පින්කම් අඩුගානේ අසවල් දවසේ බණක් ඇහුවා. මෙන්න මේ ධර්ම කරුණු ටික ඉගෙන ගත්තා කියලා සාරාංශය කරලා ලියා ගන්න. බුද්ධ දේශනා අතර තියෙනවා ඔබ අහල ඇති නකුලමාතා, නකුලපිතා කියලා දෙදෙනෙක් ගැන. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා මගේ ජීවිතයේ ගිහි ශ්‍රාවකයෝ, ගිහි ජීවිතය ගත කරන අය මේ නකුලමාතා, නකුලපිතා ආදර්ශයට අරගෙන ජීවත්වෙන්න කියලා. ඒකට හේතුව නකුලමාතා, නකුලපිතා කියන දෙන්නා තුළ තිබුණ සම ශ්‍රද්ධා (දෙන්නම ශ්‍රද්ධාවෙන් සමාන යි) සම සීල (සීලයෙන් සමානයි) සම ත්‍යාග - (ත්‍යාග සම්පත්තිය හුරු කරන දෙන්නෙක්) සම ප්‍රඥා (ප්‍රඥාව දියුණු කරන අය ) යනාදි ගුණාංගයි. බුදුරජාණන් වහන්සේ මේ කරුණු ගැන පෙන්වලා දෙනවා මෙන්න මේ අය මේ වගේ ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා කියන සමාන ගුණධර්මවලින් යුක්ත යි. ඒ නිසා මගේ ගිහි ශ්‍රාවකයෝ මෙවැනි ගුණ ඇති අය ආශ්‍රයට ගන්න කියලා. දැන් එතකොට ආශ්‍රයෙන් ජීවත් වුනත් ලෝකයේ අපි කාටත් උරුම වෙන දේ තමයි කවුරුහරි ඉස්සර වෙනවා.

ප්‍රතිපත්ති දානයෙන් දුරස් වන තරමට ම සංසාර දුක ඔබ සමීපයේ ම ය

ලොව ජීවත් වන සත්ත්වයෝ විවිධ ය. ඒ අතර අපාද, දිපාද, චතුප්පාද, බහුප්පාද වශයෙන් කොටස් හතරකට බෙදා වෙන් කළ හැකි ය. මොවුන් අතර ශ්‍රේෂ්ඨතම සත්ත්වයා වන්නේ මිනිසා ය. එයට හේතුව වන්නේ උසස් මනසකින් යුක්ත වීම ය. කළ යුතු, නොකළ යුතු දේ පිළිබඳ තීරණයක් කළ හැක්කේ ද මිනිසාට පමණි. නිවන් ලැබීම ද කළ හැක්කේ මිනිසාට පමණි. “දුල්ලභංච මනුස්සත්තං” යන්නෙන් මිනිසත් බව ලැබීම දුර්ලභ කාරණයක් බව දේශනා කොට ඇත. නමුදු අද සමාජය තුළ එවැනි දුර්ලභ ව ලැබූ මිනිසත්කමේ වටිනාකම නොදැන අන් සත්ත්වයින් සේ ක්‍රියා කිරීමට මිනිසා ද පෙළඹී ඇත. එවැනි බාල, ළාමක අය මෙතෙරට ම කැමැති වන අතර, මොන තරම් දුක් වින්දත් ඉපදීමෙහි දුක වටහා නොගනිති. සත්ත්වයා නිරතුරුව ම එකොළොස් ගින්නකින් දැවෙනු ඇත. එනම් රාග (රාගය), ද්වේෂ (ද්වේෂය), මෝහ (මෝහය), ව්‍යාධි (වයසට පත්වීම), ජරා (දිරීම), මරණ (මරණය), සෝක (සෝකය) පරිදේව (විලාපය) දුක්ඛ (දුක), දෝමනස්ස (නොසතුට) හා උපායාස (බලවත් සිත්තැවුල) ආදී වශයෙනි. මෙවැනි භයානක දුක්වලට හසුවෙමින් සිටිය ද පස්කම් සැපෙහි ගිජු ව අන්ධකාරයක සත්ත්වයා ජීවත් වනු ඇත.

 

ළමා දිනයට පසුවදනක්

ජාත්‍යන්තර ලෝක ළමා දිනය පසුගිය දා අපි සැමරුවෙමු. පාසල්, දහම් පාසල්, බාහිර පන්ති, මාධ්‍ය නාලිකා, විවිධ ආයතන මෙම ළමා දින සැමරුමට එක්විණි. ලොවේ සම්පත දරුවෝ යන තේමාව යටතේ ඒ දරුවන් ආරක්ෂා කිරීම ළමා දිනයක් ප්‍රකාශ කිරීමේ අරමුණ විය. මේ අර්ථය යටතේ ළමා දිනය සැමරුවේ ද, එසේත් නැතහොත් තම අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීම උදෙසා ළමා දිනය සැමරුවේ ද යන්න හෘදසාක්ෂියෙන් විමසිය යුතු පැනයකි. බැලූ බැල්මට නම් ළමයින් දඩමීමා කරගෙන තම පුද්ගල ප්‍රතිරූපය ගොඩ නඟාගන්නට හා වානිජ පරමාර්ථ මුදුන් පමුණුවා ගන්නට ගත් තැතක් මිස අව්‍යාජව ළමයින් කෙරෙහි වූ සෙනෙහසක් නම් නොවීය. චේතනාව එසේ වුවා නම් අපරාධ නීතිය යටතේ කුට්ටනය නම් වූ අපරාධය ඒ තුළ සිදුව ඇත. ළමා ශ්‍රමිකයන් යොදවා ගැනීම, ළමයින් උදෙසා ගෘහස්ථ හා සමාජ හිංසනය, ළමයින්ගේ දුෂ්පෝෂණය, ළමා දූෂණය, ආදි වූ ළමයින් පීඩාවට පත් කරන කරුණු පිළිබඳ සමාජය දැනුවත් කොට, ළමයින් ඒ අනතුරුවලින් ගලවා ගැනීම උදෙසා සමාජ ආකල්ප ගොඩ නැංවීම ළමා දිනයක් නම් කිරීම තුළින් අපෙක්ෂා කරයි. ළමයින් පීඩාවට පත් කළ මේ කියන දේ එක් කාල වකවානුවකට නොව නිරන්තරයෙන් මේ සමාජය තුළ පවතියි. ඒ සඳහා විසඳුම් සෙවීමේ ක්‍රමවේද පමණක් කලින් කලට වෙනස් වෙයි.

 

සැබෑ දිනීම තමන් දිනීමය

ක්‍රෝධ කරන්නා ජයගත හැකි ක්‍රෝධ නොකිරීමෙන් ය. දුර්ගුණ ඇති තැනැත්තා ජයගත හැකි යහගුණයෙන් ය. මසුරු තැනැත්තා දීමෙන් ද, බොරු කියන්නා සත්‍යයෙන් ද ජය ගත යුතු ය. ක්‍රෝධ සිතිවිලි ඇති වූ විට හෝ ක්‍රෝධ කරන්නකු සිටින විට හෝ ඔබට ජයගත හැකි වන්නේ ක්‍රෝධ නො කිරීමෙන් හෙවත් මෙත් සිතිවිලි ඇති කර ගැනීමෙන් ය. තමන් තුළ ඇති නපුරු ගති නැති කර ගැනීමට හෝ නපුරු ගතිගුණ ඇති තැනැත්තන් ජය ගැනීමට හෝ යහගුණ ඇති කර ගත යුතු ය. තමන් සතු දේ දීමෙන් මසුරුකම ජය ගත යුතු ය. බොරුව ජයගත හැකි වන්නේ එයින් වැළකී ඇත්ත කතා කිරීමෙන් ය. මේ අනුව ක්‍රෝධය මෛත්‍රීයෙන් ද, නපුරු ගති යහගුණවලින් ද, මසුරුකම් දානයෙන් ද, බොරුව සත්‍යයෙන් ද ජය ගැනීමට අපිත් උත්සාහ ගනිමු. අතීතයෙහි රජගහනුවර පූර්ණ නම් වූ දුප්පත් තැනැත්තෙක් සිටියේ ය. උත්සාහවන්ත ධාර්මික තැනැත්තකු වූ ඔහු පසුකාලයේ දී මහත් වූ ධන සම්පත් ලැබීය. එබැවින් සිටු තනතුරක් ද ලැබූ ඔහු මහධන සිටාණන් නමින් ප්‍රසිද්ධ විය. තෙරුවන් කෙරෙහි මහත් වූ ශ්‍රද්ධාවෙන් සිටි මේ සිටුතුමා බුදු පාමොක් මහ සඟනට දන් දී බණ අසා ධර්මාවබෝධය ලැබ සෝතාපත්ති ඵලයට පත් විය. අනතුරුව එතුමාගේ බිරිඳ ද, උත්තරා නම් වූ දියණිය ද සෝවාන් විය. මෙකල රජගහ නුවර බෙහෙවින් මසුරු තවත් සිටුවරයෙක් ද විසීය. මහා ධන සිටුවරයාගේ දියණිය වූ උත්තරා කුමරිය විවාහ කර දෙන ලද්දේ ඔහුගේ පුතුට ය. මේ නිසා පින් දහම් කිරීමට උත්තරා කුමරියට ඉඩකඩ ඇහිරිණි.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]