[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

බිනර  පුර පසළොස්වක

සැප්තැමිබර් 28 බ්‍රහස්පතින්දා අ.භා. 06.52 න් පුර පසළොස්වක ලබා
29 සිකුරාදා
අ.භා. 03.31 න් ගෙවේ.
29 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 06

Full Moonඅමාවක

ඔක්තෝබර් 14

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

මහනුවර ශ්‍රී දළදා පූජා පින්කම් මාලාව

ශ්‍රී දළදා පූජාව සහිත විශේෂ පින්කම් මාලාව 40 වැනි වරටත් සීදූව රද්දොළුව ශ්‍රී අමර මහා විහාරාධිපති, අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වයේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී සීදූවේ සුමනවංස නාහිමි විසින් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. වාර්ෂිකව ශ්‍රී දළදා පූජාව සහිත විශේෂ පින්කම් මාලාව ඔක්තෝබර් මස 05 සහ 06 යන දිනයන්හි පැවැත්වීමට කටයුතු සලසා ඇත. එදින රාත්‍රී 07.00 ශ්‍රී දළදා වහන්සේ උදෙසා අෂ්ටපාන සහිත ගිලන්පස බුද්ධ පූජාව හා පසුදින අලුයම 06.00 ට කිරි ආහාර පූජාව, ඔක්තෝබර් මස 06 වෙනි සිකුරාදා දින පෙරවරු 10.00ට ශ්‍රී දළදා වහන්සේ උදෙසා මුල්තැන් බුද්ධ පූජාව පැවැත්වීම, එදින දවල් 11.00ට මල්වතු අස්ගිරි මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ත්‍රෛනිකායික ගරුතර මහා සංඝරත්නය 100ක් නමක් විෂයයෙහි අටපිරිකර 100ක් සහිත සෙසු පිරිකර සමඟින් දහවල් සඟසතු මහා දානමය පින්කම පැවැත්වේ. ඔක්තෝබර් මස 06 වෙනි දිනට යෙදෙන සීදුවේ සුමනවංස නාහිමියන්ගේ ජන්ම දිනයට සමගාමීව මෙම පින්කම පැවැත්වේ.

අපි හදන්නට ඕනෑ දැනුමත් වින්දනයත් සංකලනය වූ පරපුරක් - මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමි

ලේක්හවුස් ආයතනයේ බෞද්ධ සංගමය මාසිකව සංවිධානය කරන දම් දෙසුම් මාලාවේ බිනර පෝය නිමිතිකොට පැවැත්වූ සද්ධර්ම දේශනය ඇසුරිනි. බුදුහාමුදුරුවෝ සම්මා දිට්ඨි සූත්‍රයේ දී මනුෂ්‍යයාගේ පෞරුෂය හදන්න වුවමනා වෙන කාරණා 4ක් දේශනා කළා. කබලිංකාර ආහාර, ඵස්සාහාර, මනෝ සංචේතන ආහාර සහ විඤ්ඤාණ ආහාර වශයෙන් තථාගතයන් වහන්සේ මෙසේ දැක්වූවා. කබලිංකාර යනු අපි විසින් කැබලි ලෙස අනුභව කරන දෛනික ආහාර වේලයි. ඒ ආහාර වේල පිළිබඳ අපිට හොඳ දැනුමක් තිබෙන්න ඕන කිව්වා. දෙවනුව ඵස්සආහාර කියන්නේ ස්පර්ශයෙන් ලබන ආහාර, ඇසින්, කනින්, දිවෙන් ලබන ආහාරයි. අරමුණු නැමැති ආහාර වශයෙන් ඒවාට එක වචනයක් දෙන්න පුළුවන්. අරමුණු නැමැති ආහාර නිවැරැදිව ගෙනිච්චොත් තමයි අපිට හොඳ පෞරුෂයක් ඇති කෙනකු බවට පත්වෙන්න පුළුවන්. අපි ස්පර්ශයෙන් වැරැදි දේ ගත්තොත් ඒ වැරැදි දේ ඔළුවට අරගෙන හැසිරෙන්නේ වැරැදි පිළිවෙත් අනුවයි. වැරැදි ක්‍රියා අනුවයි. ධම්ම පදයේ මුල් ගාථා දෙකම මේකට නිදසුනක් දෙනවා. ප්‍රසන්න වූ මනසින් හෝ දුෂ්ඨ වූ මනසින් වැඩකරන්න මඟ පෙන්වන්නේ පසිඳුරන් විසින් ලබාගන්නා වූ ආහාර අනුවයි. එනිසා බුදුහිමියන් දේශනා කළා නිවැරැදි ආහාර ලබා ගන්න. නැත්නම් නිවැරැදි අරමුණු සිතට ගන්න කියලා. තුන්වැනි එක බුදුහාමුදුරුවෝ දැක්වූයේ මනෝ සංචේතන ආහාර.

 

ජීවිතයේ නොදුටු පැත්ත

බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී වූ විශ්මිත අවබෝධය පිළිබඳ අසන්න ලැබුණු ථුල්ලකොට්ඨිත ගම්වැසියෝ, බුදුරජාණන් වහන්සේ හමුවට ගියහ. කෝටි ගණනක ධනයකට හිමිකම් කියන එම ගමේ සිටු පවුලක එකම දරුවා වූ රට්ඨපාල තරුණයා ද එම පිරිස අතර විය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ සාරය පිළිබඳ විමසා බැලූ රට්ඨපාල තරුණයාට, ගිහි ජීවිතයක ඇති දහසක් කරදර බාධා පිළිබඳ ව ද, පැවිදි ජීවිතයක ඇති සැහැල්ලු බව පිළිබඳ ව ද වැටහිණි. මරණයෙන් වත් අපට නුඹගෙන් වෙන් විය නොහැකි යැයි මව්පියන් කියද්දී, දින ගණනාවක මහත් උත්සාහයෙන් පසු පැවිද්ද සඳහා අකැමැත්තෙන් ම අනුමැතිය දුනි. රට්ඨපාල තරුණයා පැවිදි උපසම්පදාව ලබා අඩ මසකට පසු බුදුරජාණන් වහන්සේ සමඟ සැවැත්නුවර බලා චාරිකාවේ වැඩම කරන්නට විය. රට්ඨපාල ස්වාමීන් වහන්සේ ඉතා කෙටි කලකින් ම, සියලු කෙලෙසුන් නසා අරහත්වයට පත්වීමට හැකි විය. පසුව බුදුපියාණන් වහන්සේගෙන් ද අවසර ලබා ගෙන තම මව්පියන් බැලීමට ථුල්ලකොට්ඨිත උපන් ගම බලා වැඩම කළහ. පළමු දිනයේ දී ගිහි කල නිවසින් දානය නොලැබුණත්, දෙවැනි දිනයේ මව්පියන් විසින් දානයට ආරාධනා කරනු ලැබුයේ, තම පුතු නැවතත් ගිහි ගෙදර නවතා ගන්නා බලාපොරොත්තු ඇතිව ය. දෙවැනි දිනයේ දානය පිණිස වැඩම කළ රට්ඨපාල මහරහතන් වහන්සේට, මව්පියන් විසින් රැස් කොට තැබූ කෝටි ගණනක රන්, රිදී පෙන්වා නිවසේ නතර වී පින් කර ගන්නැයි ඉල්ලා සිටියේ ය.

 

කාන්තාවට අරහත් ධජය හිමි වූ උතුම් බිනර පෝදා

මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සසුනේ සනාතන රැකවරණය ලබමින් උතුම් පැවිදි උපසම්පදාව ලද මහා ප්‍රජාපති උත්තමාවියගේ උතුම් නාමය නිති සිහිවෙන බිනර පුන් පොහෝ දිනය ශාසන ඉතිහාසයේ කාන්තාවනට විමුක්තිය සැලසු උතුම් දිනය යි. එදින භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයේ කපිලවස්තු පුර නිග්‍රෝධාරාමයෙහි වැඩ සිටි දිනයකි. එකල්හි මහා ප්‍රජාපතී ගෞතමිය භාග්‍ය‍වතුන් වහන්සේ වෙත පැමිණ වන්දනා කරමින් මින් පෙර ද අවස්ථා දෙකක දී විමසූ අනගාරිකා පැවිදි බව ලබා ගැනීමේ ආයාචනය සිදු කළා ය. තෙවැනි වතාවේදීත් ශාස්තෘන් වහන්සේ වදාළේ, “ගෞතමියනි, තථාගතයන් වදාරණ ලද ධර්ම විනයෙහි ස්ති‍්‍රය විසින් ගිහිගෙයින් නික්ම ලබන අනගාරිකා පැවිද්ද ඔබට රුචි නොවේවා! යනුවෙනි.” දිනක් රෝහිණි නදියේ ජලය මුල් කරගෙන ශාක්‍ය කෝලිය වංශිකයන් යුද කෝලාහලයකට පිළිපන් මොහොතේ එම කලහය සංසිඳුවන්නට වැඩම කොට වදාළ බුදු සමිඳුන් දෙසු ශි‍්‍ර සද්ධර්මයේ පහස ලද ශාක්‍ය කුමාරවරුන් පන්සිය දෙනා උතුම් අරහත් ධජය දරමින් පැවිදිව සවු කෙලෙසුන් නසා අරහත්වයට පත්විය. එම කුමාරවරුන්ගේ ගිහි කල බිසෝවරු ගිහිගෙයි නො ඇලුණු සිත් ඇතිව පැවිදි බවට ම අසාවෙන් හුදකලා විවේකයෙන් ම සිටි මහා ප්‍රජාපතිය වටා එක්රොක් වූහ.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]