[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බුලත්සිංහල බෙල්ලන ශ්‍රී ධර්මපාල මහා පිරිවෙන
ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

බිනර  පුර අටවක

සැප්තැමිබර් 22 සිකුරාදා අ.භා. 01.32 න් පුර අටවක ලබා 23 සෙනසුරාදා අ.භා. 12.15 න් ගෙවේ. 22 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 06

Full Moonඅමාවක

ඔක්තෝබර් 14

ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ 159 වැනි ජන්ම දිනය සැමරේ

අනගාරික ධර්මපාලතුමා බුදු දහමේ අර්ථය ලෝකයට රැගෙන ගිය බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. මරදාන මහබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේ දී පැවති අනගාරික ධර්මපාලතුමාගේ 159 වැනි ජන්ම දින සැමරුම් උත්සවයේ දී පසුගිය 17 වැනිදා අගමැතිවරයා එසේ ප්‍රකාශ කළේ ය. “අනගාරික ධර්මපාලතුමා ඉතා ඉහළ මනුෂ්‍යත්වයක් ලොවට දායාද කළ ලංකා පුත්‍රයෙක්. මෙවැනි අසීරු ගමනක යෙදෙන්න එතුමාට හැකි වුණේ එතුමා කෙරෙහි වූ මනුෂ්‍යත්වයේ ගුණාංග හා බුදුදහමේ ආලෝකය නිසයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝකයට දායාද කරන්න එතුමාට හැකි වුණා. සිද්ධාර්ථ කුමාරයා ඉපදුණ, බුද්ධත්වයට පැමිණි, ධර්ම දේශනා පැවැත ්වූ ස්ථාන යළි ලෝකවාසීන්ට දායාද කරන්න පුළුවන් වන්නේ අනගාරික ධර්මපාලතුමාගේ මැදිහත්වීම සහ කටයුතු කිරීම නිසයි. එසේ නොවන්නට එම ස්ථාන පිළිබඳ අදත් සාකච්ඡා කරමින් තිබෙන්නට පුළුවන්. ඉන්දීය රාජ්‍ය නායකයන් අනගාරික ධර්මපාලතුමාගේ කැපවීමට දැක්වූ සහයෝගය මේ අවස්ථාවේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිහිපත් කරන්න කැමැතියි. අනගාරික ධර්මපාලතුමා බුදු දහමේ අර්ථය ලෝකයට ගෙන ගියා.

දුක්ඛිත සසරින් එතෙර වීම ප්‍රාඥයා සතු ගුණාංගයකි

සසර යන්නෙහි කෙටි අදහස සැරිසැරීම යන්නයි. සැරිසැරීම යන්නෙන් අදහස් කරනු ලබන්නේ එක්තරා ආකාරයක තැනින් තැන ඇවිදීමකි. මේ ලෝකයෙහි ජීවත්වන අපි යම් යම් තැන්හී යම් යම් සේ ඇවිදිමු ද, එසේම සත්වයා ද කාමලෝක, රූපලෝක, අරූපලෝක, යන තෙවදෑරුම් ලෝකයන්හි ඉපදීම් මැරීම් වශයෙන් ඇවිදී. ඒ ඇවිදීම වූ කලි එක්තැනක ඉපදී, එහි ජීවත්ව සිට, එහිදී මැරී තවත් තැනෙක උපදිමින් සිදුවන ඇවිදීමකි. මෙය කෙළවරක් නොපෙනෙන ඇවිදීමකි. ඒ නිසා එයට සසර යැයි කියනු ලැබේ. බුදුරජාණන් වහන්සේ සංසාරය සාගරයකට ද, කාන්තාරයකට ද, සැඩපහරකට ද උපමා කොට ඇත. “මහණෙනි මේ සංසාරයෙහි නොපෙනෙන කෙළවර ඇත්තේ ය. අවිද්‍යාවෙන් වෙළී තෘෂ්ණාවෙන් බඳිනු ලැබ, දුවන සැරිසරන සත්වයන්ගේ මුල ද නොපෙනේ” යනුවෙනි. මහණෙනි, යම් පුරුෂයෙක් මේ දඹදිව යම්තාක් තණ දඬු, අතුකොළ වේ නම් ඒවා කපා එක්රැස් කර අඟල් සතරේ කෑලිවලට කපා මේ මාගේ මව ය, මේ මාගේ මවගේ මව ය, ආදී ලෙස එම කෑලි වෙන් කරයි ද, ඒ මවගේ පරපුරේ කෙළවරක් නොවන්නේ ය. තණ, දඬු, කොළ, අතු, අවසන් වන්නේ ය. හේතුව අවිද්‍යාවෙන් වැසුණූ තෘෂ්ණාවෙන් බැඳුණු එහි සැරිසරන සත්වයන්ගේ මුල් කෙළවර නොපෙනේ. මහණෙනි, ඔබ වහන්සේ විසින් දිගු කලක් දුක් විඳින ලදී. තියුණු දුක් විඳින ලදී. ඤාති ව්‍යසනාදී ව්‍යසන විඳින ලදී. එනිසා සසරෙහි නොඇලීම ම සුදුසුයි. තවදුරටත් මෙහිදී ප්‍රකාශ වන්නේ සංසාරික දුක්ඛ ස්වභාවය යි.

ධර්ම ගෞරවය සුරැකෙන ලෙස ධර්මය දේශනා කළ යුතු මෙලෙසයි

මෙකල ධර්ම දේශනා යනු ඉතා සුලභ දෙයකි. විවිධ ගුවන්විදුලි හා රූපවාහිනි නාලිකා ද, ඊට අමතරව නවීන තාක්ෂණයෙන් බිහි වී ඇති සන්නිවේදන මාධ්‍යවලින්, දවස පුරා ඕනෑම මොහොතක ධර්ම දේශනා ශ්‍රවණය කිරීමේ අවස්ථාව ලැබී ඇත. මේ නිසා ම ධර්ම දේශනා යම් තරගකාරී ස්වභාවයකට පත් වී ඇති බව අපගේ පුද්ගලික අදහසයි. දේශනාවන්ගේ වටිනාකම. ගුණාත්මක බව පිරිහීමට එය උපකාරි වේ. ත්‍රිපිටකයේ හෝ අටුවාවන්හි හෝ සඳහන් නොවන, තම තමන්ගේ පුද්ගලික අදහස් දේශනා කරනු ලබන්නේ ශ්‍රාවක පිරිස තමන් වෙත නැඹුරු කර ගැනීමේ අදහසින් දැයි විමසා බැලිය යුතු ය. මෙකල දේශනාවන්ගේ අඩුපාඩු පෙන්වා දීමට නොව නිවැරැදි ධර්ම දේශනය යනු කුමක් ද? කියා බුද්ධ දේශනයට අනුව පැහැදිලි කර දීම මෙම ලිපියේ අරමුණයි. අංගුත්තර නිකාය දුක නිපාතයෙහි බාලවග්ගයේ සඳහන් මෙම සූත්‍රය විමසා බලන්න “මහණෙනි, දෙදෙනෙක් මට චෝදනා කරති. කවර දෙදෙනෙක් ද යත්, දුෂ්ට සිතින් ද්වේශයෙන් (දුම්ඨෝවා දෝසන්තරෝ) චෝදනා කරන්නා සහ වැරැදි ලෙස පිහිටුවාගත් සද්ධාවෙන් (සද්ධෝවා දුග්ගහිතේන) චෝදනා කරන්නා ලෙසිනි. අටුවාවෙහි මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් සඳහන් නොවෙතත්, මෙකල මේ පිළිබඳ විමසා බැලීම ඉතා වැදගත් බව අපට පෙනී යයි.

ණය නැති බව සැපයකි

පුද්ගලයකු සිය භෞතික අවශ්‍යතා සපුරා ගනිමින් සුඛිත, මුදිත මෙලොව ජීවිතයක් ගත කිරීම බුදුසමය කවර ලෙසකින්වත් පිටුදකින්නේ නැත. ඒ වූ කලි මානව අවශ්‍යතාවකි. එසේ භෞතික වශයෙන් අවශ්‍ය සංවර්ධනයක් නැතිවීම දිළිඳුකමයි. එය ගෘහ ජීවිතය ගත කරන්නාට මහත් දුකකි. ඉන් අත්මිදෙනු පිණිස අදාළ මඟ පෙන්වීම ද බුදුදහමේ ඇතුළත් ය. මිනිසාට නිබඳව ම වැළඳෙන මහා රෝගය නම් කුසගින්න ය. ලොව සියලු සත්ත්වයෝ අහරින් ම යැපෙති. ඒ මෙකී මහා රෝගය සුව කර ගැනීමට ය. ආහාර මෙන්ම සෙසු භෞතික අවශ්‍යතාවන් ද සපුරා ගැනීමට නොයෙක් නයින් සැපයෙන අතිශයින් ප්‍රායෝගික වූ සදූප දේශයන්ගෙන් බුදුදහම පොහොසත් ය. මූලික අවශ්‍යතා සම්පූර්ණ නොවූ, මෙලොව වශයෙන් තෘප්තිමත් නොවූ පුද්ගලයකුට ආධ්‍යාත්මික සදාචාරාත්මක දියුණුව ද, පරලොව සුගතිය ද, නිර්වාණ සංඛ්‍යාත විමුක්ති ලාභය ද උදාකර ගත හැකි යැයි බුදුසමය පිළිගන්නේ නැත. ප්‍රමාණවත් ආර්ථික සංවර්ධනයකින් තොරව ආධ්‍යාත්මික සංවර්ධනයක් වෙත ළඟාවිය නොහැකි බව බුදුසමය පෙන්වා දෙයි. එම සංවර්ධනය වූ කලි අවශ්‍යයෙන් ම ලෞකික වශයෙන් සැපවත් දිවිපැවැත්මක් උදෙසා ය. බුදුරදුන් වදාළ පරිදි තමාට ප්‍රමාණවත් තරම් ධනය ඇතැයි තෘප්තිමත් වීම සැපයකි. උත්සාහයෙන් උපයා ගත්, විවිධ උවදුරුවලින් රැක ගත් කලණ මිතුරු ඇසුරින් වඩා වවාගත් ධනය තමාගේ මෙන්ම මාපිය අඹු දරු ආදීන්ගේ ද පරිහරණය පිණිස ම වන්නේ ය. එසේ විධිමත්ව මනා කළමනාකාරිත්වයකින් ධනය පරිහරණය කිරීම ද ගිහි බෞද්ධයාගේ දෙලොව පිරිහීම වළකාලයි. අභිවෘද්ධිය ද ඇති කරයි. එහිලා කෙසේ ක්‍රියා කළ යුතු දැයි පෙන්වා දෙන අවස්ථා රාශියක් ද, බුද්ධ ධර්මය තුළ දැක ගත හැකි ය.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]