[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

වරාය බටහිර පිවිසුම් දොරටුව අසල චෛත්‍ය රාජයාණන් වහන්සේ
ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

නිකිණි අමාවක

සැප්තැමිබර් 14
බ්‍රහස්පතින්දා
පූ.භා. 04.51 න් අමාවක ලබා
15 සිකුරාදා පූ.භා. 07.11 න් ගෙවේ.
14 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 14

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 06

චෛත්‍ය රාජයාණන් වහන්සේට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කෙරේ

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 159 වැනි ජන්ම දිනය සහ දම්පල් පදනමේ 53 වැනි සංවත්සරයට සමගාමීව මැද මහනුවර මහදොරලියද්ද ශ්‍රී ධර්මවර්ධනාරාම පුණ්‍ය භූමියේ ඉදිකිරීමට යෝජිත චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය මෙම මස 17 වැනි දින පෙරවරුවේ එම විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මීට සමගාමීව දම්පල් පදනමේ නිර්මාතෘ දේශමාන්‍ය ජයන්ත සුමනසේකර මහතාගේ ශාසනික යුග මෙහෙවරයන්ට උපහාර පිණිස ධර්මවර්ධනාරාම විහාරාධිපති කාව්‍ය ශිරෝමණී නත්තරම්පොත සිරිවිමල නාහිමි විසින් රචිත “ගුණ නැණ ඇති හෙළ විරු ජයන්ත සුමනසේකර” නම් වූ කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම ද මෙදින සිදු කරනු ලබයි. මෙම උත්සවය සංවිධානය කරනු ලබන්නේ විහාරස්ථ දායක සභාව, චෛත්‍ය සංවර්ධන සමිතිය සහ දම්පල් පදනම මැදදුම්බර සංවිධානය මඟිනි.

දෙලොවම සැප සලසන අනුසස් පිරි කුසල කර්මය

දානය යන වචනයේ සරල අදහස දීම යනුයි. යමක් දීමේ දී දෙන්නා තුළ පැවතිය යුතු ගුණාංග රාශියකි.  පළමු කොට දායකයා සීලාදී ගුණධර්මයන්ගෙන් පිරිපුන් අයකු විය යුතුයි. සීලයෙන් පිරිහුණු අයකුගේ දානය සත්පුරුෂ දාන ගණයට අයත් නොවේ. දෙවැන්න ඔහු තුළ අලෝභ, අදෝෂ, අමෝහ යන කුසල් මුල් ඉදිරිපත් විය යුතු ය. අලෝභය නම් දෙනු ලබන දෙය කෙරෙහි ඇති ඇල්ම හෙවත් ආශාව දුරු කිරීමයි. යමෙක් කීර්ති ප්‍රශංසා බලාපොරොත්තුවෙන් දන් දෙයි නම් එහිදී ද ලෝභය ඉදිරිපත් වෙයි. අද්වේශය නම් ප්‍රතිග්‍රාහක පක්ෂය කෙරෙහි හෝ වෙනත් පක්ෂයක් කෙරෙහි ද්වේශයෙන් තොරව දන් දීමයි. මෛත්‍රී සහගත සිතින් දන් දිය යුතු ය යනු මෙහි අදහසයි. ඇතැම්හු සිය වස්තුව පරිත්‍යාග කරනුයේ ඥාතීන් හෝ දරුවන් කෙරෙහි වන ද්වේශයෙනි. ඔවුන් කෙරෙහි වන ද්වේශය දාන ස්වරූපයෙන් වඤ්චක ධර්මයක් ලෙසින් පහළ වූ විට මෙවන් දාන දෙනු දක්නට හැකි ය. කිනම් ක්‍රමයකින් හෝ ද්වේශය පදනම් කොට දීම දානය දුර්වල වීම සඳහා හේතු වෙයි. අමෝහය නම් මුළා නොවීමයි. කර්ම කර්මඵල නො අදහනසුලු ස්වභාවය මෝහය නම් වේ. ඒ අනුව කර්මඵල නොඅදහන්නහුගේ දානය අසම්පූර්ණ වූවකි. මූලික වශයෙන් දානයක් අංග සම්පූර්ණ වීම සඳහා ඉහත සඳහන් ගුණාංග සම්පූර්ණ විය යුතු ය.

ඉන්ද්‍රිය අසංවර වන තැන ...

අපේ සිතට ආයතන හයක් ඔස්සේ අරමුණු ගලාගෙන එනවා. මේ ආයතන හය ඔස්සේ අරමුණු ගලාගෙන එන නිසා ඒවාට ද්වාර කියලත් කියනවා. ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ද්වාර ඔස්සේ අපි පිළිවෙලින් රූප දකිනවා, ශබ්ද අහනවා, ගඳ සුවඳ දැනෙනවා, රස දැනෙනවා, පහස ලබනවා, අරමුණු ගන්නවා. අපි සිහිමුළාවෙන්, යෝනිසෝ  මනසිකාරයෙන් තොරව ප්‍රිය රූප දකින විට ඒ රූප ගැන ප්‍රියසටහන් සිහි කරනවා. එය විඳීන්නේ ඇළුනු සිතකින්. එවිට ඒ රූපය නිසා නොයෙක් විඳීම් සිත තුළ ඇතිවෙනවා. සිත ආසාවෙන් සහ අසහනයෙන් පිරෙනවා. එවිට කර්ම රැස්වෙනවා. නිවනින් ඈත් වෙනවා. තවද අප්‍රිය රූප දකින විට ඒ හා ගැටී කර්ම රැස් වෙනවා. මෙයට ඉන්ද්‍රිය අසංවරය කියා කියනවා. සුත්‍ර ගණනාවක, මේ ඉන්ද්‍රිය අසංවරය නිසා දුක් හටගන්නා බැවින් ඉන්ද්‍රිය සංවර කරගෙන ඒ දුක් හට ගැනීම වළක්වා ගන්නා හැටි පැහැදිලි කරලා තියෙනවා. අපි ඒ සුත්‍රවලින් කිහිපයක ඉන්ද්‍රිය අසංවරය ගැන දක්වා ඇති කරුණු ස්වල්පයක් සලකා බලමු.

ධර්ම දූතයන් වහන්සේ පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීමට මේ සුදුසුම කාලයයි

ලෝකයේ ප්‍රථම වරට ධර්මදූත සේවයක් ආරම්භ කළ ශාස්තෘවරයා බුදුරජාණන් වහන්සේ ය. එම ධර්ම දූත සේවය එතරම් ලෙහෙසි පහසුවෙන් සිදු කළ හැකි දෙයක් නොවේ. එයට එක් හේතුවක් නම්, අවුරුදු දහස් ගණනක් මුළුල්ලේ ඉන්දියාවේ පැවති විවිධ ආගමික දාර්ශනික පුද පූජා සිරිත් විරිත්වලට බුදුදහම බොහෝදුරට පටහැනිවීමයි. බුදුරජාණන් වහන්සේගේ වචනයෙන් ම සඳහන් කළහොත් “පටිසෝතගාමී” ධර්මයක් වශයෙන් බුදුදහම ඉදිරිපත් කරන්නට සිදුවීමයි. සත්‍යවූත්, ප්‍රතිඵල සහිත වූත්, ක්‍රමවත් වූත්, බුදුදහම පතළ සමාජයේ බලගතු විප්ලවයකට හේතු වන්නක් විය. මේ ගැන ඉන්දියාවේ හිටපු අගමැති ‘ජවහර්ලාල් නේරු’ සඳහන් කොට ඇත්තේ මෙසේ ය. “අවුරුදු දහස් ගණනක් මුළුල්ලේ වටිනා ආගමික ප්‍රතිපත්ති හැටියට ඉන්දියාවේ මහජනයා පිළිගෙන තිබූ බොහෝ සිරිත් විරිත් හා ඇදහිලි ක්‍රමවල කිසිම හරයක් නැති බව කීමට තරම් කවර තරමේ ධෛර්යයක් සහ අවබෝධයක් බුදුරදුන්ට තිබුණ ද යන්න මට නම් සිතා ගත නොහැක.” බුදුරජාණන් වහන්සේ තමන් ලොව පහළවීමේ ප්‍රධාන කාර්යය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය පිළිබඳ අවබෝධයක් ලබා දී දුක නැති කිරීමට මහජනයා නියම මාර්ගයේ යෙදවීමයි.

වස්සාන සමයේ පින් සිතින් පින් පුරමු

අද අපි මේ ගත කරමින් සිටින්නේ ගෞතම බුදු සසුනේ උතුම් ශ්‍රාවක සංඝරත්නය වැඩ සිටින යුගයක යි. මේ උදාවී ඇති වස් කාලය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස ලෙස පිනෙන් පිරුණු කාලවකවානුවක් ලෙස අපට ගතකරන්න පුලුවන්. ඒ සඳහා අපි තෙරුවන් කෙරෙහි පහදින්න ඕන. මේ කාලයේ ශ්‍රාවක සඟරුවන කෙරෙහි වඩාත් සිත පහදවා ගන්න ඕන. මේ වස්සාන කාලයේ අපේ විහාරස්ථානයේ වැඩ සිටින සඟ රුවන කෙරෙහි සිත පහදවා ගෙන උපස්ථාන කරන්න පුලුවන් කාලයක්. ගිලන්පස බෙහෙත් පිරිකර පූජා කර ගන්න පුලුවන්. සක්මන්මළු, විහාරස්ථාන දිරාපත් වෙලා නම් ඒවා අලුත්වැඩියා කර දෙන්න. ඇතැම්විට ඔබට මේ කිසිවක් කර ගන්න නොහැකි මිලමුදල්, කාලය,කිසිවක් නැති කෙනෙක් වෙන්න පුලුවන්. ඒත් ඔබට පුලුවන් නම් තව කෙනෙක් කරන ඒ පින සතුටු සිතින් සාධු කියා අනුමෝදන් වෙන්න ඒකත් උදාර පිනක්. ඒ වගේම යම් කෙනෙක් මේ වස් කාලයේ යම් සංඝ උපස්ථානයක් කරනවා කියා ඔබට අහන්න දකින්න ලැබුණොත් ඒ පින සාධූ කියා අනුමෝදන් වෙන්න. ඒ පිනේ අඩුපාඩු සොයන්න එපා. ඒ පිනට ගරහන්නත් එපා. වචනය වරද්දවා ගන්නත් එපා. අපට පුළුවන් වුණොත් මේ වස් සමයේ සිදුවන කඨින චීවර පූජාව සම සිතින් අනුමෝදන් වෙන්න.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]