[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ගිරිහඬු සෑය
ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

නිකිණි අව අටවක

සැප්තැමිබර් 06 බදාදා
අ.භා. 03.45 න් අව අටවක ලබා
07 බ්‍රහස්පතින්දා
අ.භා. 04.20 න් ගෙවේ.
06 බදාදා සිල්
 

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 06

Full Moonඅමාවක

සැප්තැම්බර් 14

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 29

සතර අපායේ දොරටු විවර වන හැටි

නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මංපි සමනුපස්සාමි යෙන අනුප්පන්නාවා අකුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නාවා කුසලාධම්මා පරිහායන්ති යථා ඉදං භික්ඛවෙ පාපමිත්තතා, පාපමිත්තස්ස භික්ඛවෙ අනුප්පන්නා චෙව අකුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා ච කුසලාධම්මා පරිහායන්තී’ති. අංගුත්තර නිකායෙහි ඒකක නිපාතයෙහි ඇතුළත් ඉහත දැක්වූ පාඨයෙහි සිංහල අර්ථය නම්, යමක් හේතුකොට ගෙන නූපන් අකුසල ධර්ම උපදින්නේ නම්, උපන්නා වූ කුසල ධර්ම පිරිහෙයි නම් එයට මූලික වන්නේ පාප මිත්‍ර ඇසුර බවයි. පාප මිත්‍රයන් ඇත්තා හට නූපන්නා වූ අකුසල ධර්ම උපදියි. උපන්නා වූ කුසල ධර්ම පිරිහෙයි. මේ අනුව බැලූ කල පාප මිත්‍ර ඇසුර මිනිසකු පරිහානිය කරා යොමු කරවීමට කෙතරම් බලපාන්නේ ද යන්න මනාව පැහැදිලි ය. යම් පුද්ගලයකු තුළ සද්ධාව නොමැති ද, දුස්සීල වෙයි ද, ධර්ම විනය නොදන්නේ වේ ද, මසුරුකම ඇත්තේ වේ ද , නුවණ නැත්තේ වේ ද, ඔවුහු පාප මිත්‍රයෝ වෙති. එවැනි අය හා යම් ඇසුරු කිරීමක් වේ ද, නිතර ඇසුරු කිරීමක් වේ ද, මනාව කරන ඇසුරු කිරීමක් වේ ද, භජනයක් වේද නිතර කරන භජනයක් වේ ද, ඔවුන් කෙරෙහි භක්තියක් වේ ද, සිත, කය හා වචනය යන තිදොරින් ඔවුන් හා නැඹුරු වූ බවක් වේ ද එය පාප මිත්‍ර ඇසුරයි. මෙවන් පාප මිත්‍රයන් ඇති පුද්ගලයාට නූපන් අකුසල් උපදින අතර, උපන් කුසල් පරිහානියට පත්වේ.

කෙලෙස් සිඳලන ප්‍රතිපදාව භාවනාවයි

මානසික සුවය සඳහා මෙන්ම නිරෝගී මනසක් ලැබීම සඳහාත් අපිරිසුදු වූ සිත පිරිසුදු කරගත යුතු ය. නිතර අපවිත්‍ර වන ශරීරය හා ඇඳුම් පැලඳුම් අප පිරිසුදු කර ගන්නේ නෑමෙන් හා සේදීමෙන් ය. එමෙන්ම ශාරිරික දුර්වලතා හා ලෙඩරෝග සුවකර ගැනීමට ව්‍යායාම, ක්‍රීඩා හා වෛද්‍ය ප්‍රතිකාර උදව් වේ. ඇඳුම් පැලඳුම් ආදිය මෙන් සිත ද නොයෙකුත් හේතු නිසා අපිරිසුදු වෙයි. සිත අපිරිසුදු වන්නේ වෛරය ක්‍රෝධය හා පළිගැනීම වැනි අකුසල් සිතිවිලි නිසා ය. අපිරිසිදු සිතිවිලි ඇති වූ විට හොඳ වැඩ කිසිවක් කළ නොහැකි ය. අපිරිසිදු සිතින් කරන හා කියන සෑම දෙයක්මත් අපිරිසුදු ය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධම්ම පදයේ චිත්ත වග්ගයේ ගාථාවන්ගෙන් මිනිස් සිතේ ස්වභාවය හා සිත දමනය කර ගැනීමෙන් සිදුවන යහපත වටහා ගත හැකි වේ. “දුර ගමන් කරන, තනිව හැසිරෙන, ශරීරයක් නැති, ගුහාවක වෙසෙන, සිත දමනය කර ගන්නා තැනැත්තා මාරයාගේ බැම්මෙන් මිදෙත්,පුද්ගලයාගේ සිත බොහෝ දුර ගමන් ගන්නා එකකි. දුර බැහැර සිට පැමිණි කෙනෙකුට කවර ස්ථානයක සිටියද හදිසියේ ම පෙර සිටි ස්ථානයට සිතින් යා හැකිය. එසේම සිත ගමන් කරන්නේ තනිව ම ය.

පින් වැඩෙන පින් කරමු

එදිනෙදා අපේ ජීවිත ගත කරද්දී අකුසල් බැහැර කරමින් පින් රැස් කර ගැනීමට අවස්ථාව තිබෙනවා. නමුත් ඇතැම් අවස්ථාවල දී පින ගැන වැඩිය නො හිතන නිසා, ඇතැම් දෘෂ්ඨි නිසා, සමහර මතවාද නිසා, නැතිනම් අපේ ජීවිතවල තිබෙන අලස බව ආදී මේ නොයෙක් කරුණු නිසා අපට මහා සැප සම්පත් උදාවන පින් කර ගැනීම මඟ හැරෙනවා. බොහෝ විට අපගේ ජීවිතවල තිබෙන ප්‍රශ්නවලින් අඩක් ම මඟ හරිමින් කර්මවලින් බේරෙන්න පාරක් අපට මේ ශාසනයේ මුණ ගැහෙනවා. ඒ ජීවිතයට පින් රැස් කිරීමෙන්. අපි පින ගැන වැඩියෙන් කල්පනා නො කරන නිසාත්, නො හිතන නිසාත් අපට පින් කර ගන්නට තිබෙන අවස්ථා ගිලිහී යනවා. එනිසා අපට පිනක් රැස් කර ගන්න තිබෙන අවස්ථාවේ දී හොඳින් පින් කර ගන්න ක්‍රම සොයන්න ඕන. එදිනෙදා අපට ජීවිතයේ පින් කර ගත හැකි ක්‍රම තිබෙනවා. ඒ ක්‍රම සොයා ගැනීම ශ්‍රාවක අපේ වගකීම යි. භාග්‍යවතුන් වහන්සේ බොහෝවිට දහම් දෙසීමට පෙර එතැන සිටින හැම දෙනා දෙසම බුදු නෙතින් බලනවා. එතැන සිටින පිරිසගේ හිත්වල ස්වභාවය විමසමින් කාගේ සිත ද ධර්ම අවබෝධය සඳහා මෝරා තිබෙන්නේ කියා එක එක පුද්ගලයා දෙස බුදු සිත යොමු කර ඉන්ද්‍රිය පරෝපරියත්න ඥානයෙන් බලනවා.

තීරණ ගන්නට ඉක්මන් නොවන්න

අතීතයේ හෙළදිව බොහොම ප්‍රසිද්ධ ගමක් තිබුණා ‘ගලම්බුතිත්ථ’ කියලා. සමහර මිනිසුන් මේ ගමට කිව්වා’ කොළොම්තොට’ කියලා. ගමේ ජීවත්වන මිනිසුන් හරිම ශ්‍රද්ධා සම්පන්නයි. කරුණාවෙන්, මෛත්‍රියෙන් පිරී ගිහින් ධර්මයේ හැසිරෙමින් ජීවත් වුණා. වෙනත් ප්‍රදේශවලින් පවා මේ ගමට තරුණ තරුණියන් ආවා විවාහ යෝජනා බලාපොරොත්තුවෙන්. එතරම්ම මේ ගමේ මිනිසුන් යහපත්. ඔවුන් කතා කරන වචන හරිම මිහිරියි. හිතේ එකක් තියාගෙන තව එකක් වචනයෙන් කියමින් මිනිසුන් මුළා කරන්නේ නෑ. විශ්වාසය ආරක්ෂා කරනවා. එකිනෙකාට ගරු කරනවා. ආගන්තුක සත්කාර හරිම ඉහළයි. මේ කීර්තිය ප්‍රදේශය පුරාම පැතිරිලා ගියා. ක්‍රම ක්‍රමයෙන් ලංකාව පුරාම මේ කීර්තිය පැතිරිලා ගියා. හරිම සංසුන් සාමකාමී වගේම සුන්දර පරිසරයක් තියන ගමක්. දවසක් භික්ෂූන් වහන්සේ පනස් නමක් සූදානම් වුණා මේ ගමේ තියන කොළොම්තොට විහාරයට වැඩම කරලා භාවනා කරන්න. උන්වහන්සේ සියලු දෙනාම විහාරයට වැඩම කරලා පිණ්ඩපාතයෙන් යැපෙමින් භාවනා කටයුතු කළා. මාස කිහිපයක් ම ගත වුණත් එක භික්ෂුවකටවත් රහත් බව නම් ලබන්න බැරි වුණා. දවසක් හැම දෙනා වහන්සේ ම එකට එකතු වෙලා මෙහෙම කතා කර ගත්තා. ‘අපි හැම දෙනා වහන්සේම මේ විහාරයට වැඩම කරලා දැන් මාස ගණනාවක් ගත වුණා. ඒත් එක් අයකුටවත් පුළුවන්කමක් ලැබුණේ නෑ රහත් භාවය ලබා ගන්න.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]