[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දෝව රාජමහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ (ඡායාරූපය - ගයාන් පුෂ්පික)

ඇසළ අමාවක

අගෝස්තු 15 අඟහරුවාදා අ.භා. 12.45 න් අමාවක ලබා 16 බදාදා අ.භා. 03.10 න් ගෙවේ. 15 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 15

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසළොස්වක

අගෝස්තු  30

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 06

මහනුවර ශ්‍රී දන්තධාතුන් වහන්සේගේ තේවා කටයුතු මල්වතු මහා විහාර පාර්ශ්වයට චාරිත්‍රානුකූලව භාර දෙයි

ශ්‍රී දළදා වහන්සේ උදෙසා සිදුකරන තේවා කටයුතු මල්වතු මහ විහාර පාර්ශවය වෙත භාරදීම පසුගිය 02වැනිදා දළදා මැදුරේ දී පෞරාණික චාරිත්‍රානුකූලව සිදු කෙරිණ. මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනමගේ සහ දියවඩන නිලමේවරයාගේ ප්‍රධානත්වයෙන් තේවා මාරුව සිදු වූ අතර මෙම අවස්ථාවට මල්වතු අස්ගිරි උභය මහා විහාරීය කාරක සංඝ සභික හිමිවරු කිහිප නමක් සහ දළදා මාලිගාවේ කාර්ය මණ්ඩල සාමාජිකයෝ සහභාගි වූහ. මල්වතු පාර්ශ්වය වෙනුවෙන් තේවා රාජකාරී සඳහා තිබ්බටුවාවේ මේධංකර නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් භික්ෂූන් වහන්සේ පස් නමක් එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් විසින් පත් කරනු ලැබූහ. මහවෙල රතනපාල හිමි, උඩගල් දොබොක්කේ ගුණානන්ද හිමි, ගනේගොඩ රතනජෝති හිමි හා පේමරතන හිමි යන හිමිවරු තේවා කටයුතු සඳහා නම් කළ සෙසු හිමිවරු වෙති.

රට දැය සමය පුබුදුවන බෙල්ලන්විල පෙරහර පූජෝත්සවය

ඇසළ උත්සවයෙහි අතීතය බුද්ධ කාලයටත් පෙර දවස තෙක් දිව යන්නකි. ඓතිහාසික තොරතුරු අනුව දඹදිව මෙබඳු උත්සවයක් පැවති බවට බොහෝ සාධක දක්නට ලැබේ. ඉන්දියාවේ පැවති බොහෝ දෑ අප රටට ද බලපාන ලද ආකාරය ප්‍රකට කරුණකි. අනුරාධපුර යුගයේ දී සාමාන්‍ය සැණකෙලියක ස්වරූපයෙන් ඇසළ සමය පැවති බවට තොරතුරු අසන්නට ලැබේ. පසු කාලීනව බුදු දහමෙහි බලපෑම මත එය ආගමික ස්වරූපයක් ගෙන ඇති අයුරු ප්‍රකට ය. ඒ අනුව ශී‍්‍ර දන්ත ධාතූන් වහන්සේ මුල් කරගෙන දළදා පූජෝත්සවයක් ලෙස සම්පුර්ණ ආගමික ස්වරූපයකින් ම මෙය සිදුකොට ඇත. කාලයාගේ ඇවෑමෙන් තත්කාලීන රජවරුන්ගේ මැදිහත්වීම නිසා දෙවියන් උදෙසා කෙරෙන උපහාර පුජාවක් වශයෙන් දේවාල පෙරහර මෙයට සම්බන්ධ වන්නට ඇතැයි සිතිය හැකි ය. කෙසේ නමුත් පැවති හිංසා සහගත ස්වරූපය හා විනෝදාත්මක ස්වරූපය මුළුමනින් ම ඉවත්ව බුදු දහමෙහි බලපෑම මත ඇසළ උත්සවය, ඇසළ පෙරහර බවට පත්වන්නට ඇතැයි සිතිය හැකි ය. ශී‍්‍ර ලාංකික ජනතාව මෙයින් අවිහිංසක වින්දනයක් හා ආගමික රසාස්වාදයක් ලබා ගන්නා ලද්දේ මතු නොව වසර පුරා විවිධ කටයුතුවලින් ඔද්දල් වුණු සිත්සතන් පී‍්‍රනණය තුළින් ඇසළ උත්සවය බෞද්ධ ජන ජීවිතයට මහත් අස්වැසිල්ලක් වූ බව පෙනේ. දුරාතීතයේ සිට ශී‍්‍ර ලංකාවේ පවත්වා ගෙන එනු ලබන ඇසළ උත්සව, ඇසළ පෙරහර රාශියක් පිළිබඳ ප්‍රකට ය.

 

මෙත් සිත සදන විශ්මිත සුවය

සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නීරෝගි වෙත්වා. සුවපත් වෙත්වා යනුවෙන් සියලු දෙනා කෙරෙහි දැඩි හිතවත්කමක් ඇති කර ගැනීම මෛත්‍රී භාවනාවයි. උතුම් පැතුම් ඇති මෛත්‍රී භාවනාව බෞද්ධයන්ට අලුත් දෙයක් නොවේ. ගුණ නුවණ වැඩිදියුණු කර ගැනීමටත්, ජීවිත ගැටලු විසඳා ගැනීමටත් හේතු වන මෛත්‍රී භාවනාව ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත් ය. බුදුරජාණන් වහන්සේ මෙත් වැඩිය යුතු ආකාරය මෙසේ දක්වා ඇත. “මාතා යථා නියං පුත්තං - ආයුසා ඒකපුත්තමනුරක්ඛෙ - ඒවම්පි සබ්බ භූතෙසු - මානසං භාවයෙ අපරිමාණං” මව තම එකම පුතු තම ජීවිතයට ද වඩා ඉහළින් රැක ගැනීමට තරම් වූ සෙනෙහසක් දක්වන්නාක් මෙන් සියල්ලන්ට මෛත්‍රී කිරීමට උන්වහන්සේ අනුදැන වදාළහ. මෛත්‍රිය යනු මිතුරු බවයි. අවංක මිත්‍රයා තම මිතුරාට දුකක්, කරදරයක් වනවාට කැමැති නැත. ඔහු නිරතුරුව ම මිතුරාගේ සැප හා සතුට ප්‍රාර්ථනා කරයි. තම මිතුරා කෙරෙහි දක්වන සුහද හැඟීම් හා ආකල්ප තමාට සතුරුකම් කරන අය කෙරෙහි පවා දැක්වීමට උත්සාහ කිරීම මෙත් වැඩීමකි. මෛත්‍රී භාවනාවේ දී කෙරෙනුයේ එවැනි උසස් මානසික තත්ත්වයකට සිත දියුණු කිරීම ය. භාවනා කරන්නා භාවනානුයෝගියා ය. ඔහු හෝ ඇය මුලින්ම භාවනා කිරීමට සැරසෙන විට ඒ සඳහා නියමිත වේලාවක් වෙන් කර ගත යුතු ය. භාවනාව ඇරඹීමට පෙර සැදැහැ සිතින් නමස්කාර පාඨය කියා තමා රකිනා සීලය සමාදන්වන්න.

 

භික්ෂුව පිටුපස කුණ්ඩධානියක්

“බුදු දහම රැක ගනිමු දුස්සීලයන් පන්නමු” ඒ වර්තමානයේ බෞද්ධ ප්‍රතිරූපකයන්ගේ සටන් පාඨයයි. විවිධ මාධ්‍ය හරහා ඔවුහු මහ සටනක නිරත වෙති. කවදාටත් වඩා බුදු දහමේ ආරක්ෂකයන් වී ඇත. මෙසේ කියන වුන් බෞද්ධයන් දැයි ගැටලුවක් උපදියි. ඒ කරුණු දෙකක් අරභයායි. ඉන් එක් කරුණක් නම් මොවුන්ට භික්ෂූන් කෙරෙහි , විහාරස්ථාන කෙරෙහි, විහාරස්ථානවල සිදුවන ආගමික චාරිත්‍ර විධි කෙරෙහි, වැඳුම් පිදුම් කරන සැදැහැවතුන් කෙරෙහි පවතින වෛරයයි. සැබෑ බෞද්ධයා වෛර නොකරයි. මෛත්‍රිය සැම වෙත ලබා දෙයි. සැබෑ බෞද්ධයා බුදු දහම ආරක්ෂා කරන්නේ තව කෙනකු ඒ දහමින් එළවා දමමින් නොව තමන් බෞද්ධ ප්‍රතිපදාව පූර්ණය කරමිනි. බුදු දහම නසන්නට විවිධ උපක්‍රම පවතී. එය අද ඊයේ වුවක් නොවෙයි. බෞද්ධයා භේද කරන්නට කටයුතු කෙරිණි. පන්සල තුළ නොව බුදු දහම ඇත්තේ අසපුව තුළයි. ඒ නැති නම් ආශ්‍රම තුළයි. බුදුන් උපන්නේ ලක්දිවයි. ඉන්දියාවේ නොවෙයි. ආදි මතවාද ඇතිවිණි. අරමුණ වූයේ බුදු දහම රැකීම නොව බෞද්ධයා බිඳීමයි. දෙකට තුනට හතරට බෞද්ධයා බිඳ පුංචි කඳවුරු තැනීමයි. ශක්තිය දුබල කිරීමයි. තවත් විටෙක බෞද්ධ චාරිත්‍ර, වැඳුම් පිදුම් ප්‍රකාශ කරන්නට විය. තවත් විටෙක බුදු දහම විකෘති කර උගන්වන්නට විය. මේ සියල්ල සිදු වූයේ බුදු දහම රකින්නට නොව බෞද්ධ බලය බිඳින්නටයි.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 











 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]