[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ඓතිහාසික සෝමවති සෑරදුන් වහන්සේ

ඇසළ අව අටවක

අගෝස්තු 08 අඟහරුවාදා
පූ.භා. 04.17 න් අව අටවක ලබා
09 බදාදා පූ.භා. 03.55 න් ගෙවේ.
08 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 08

Full Moonඅමාවක

අගෝස්තු 15

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසළොස්වක

අගෝස්තු  30

පංචකාම ලෝකය අත්පත් කර ගැනීමේ උත්සාහය අනවරත දුක් සමූහයක ඇරඹුම යි

පුද්ගල සන්තානය හෙවත් සිත අනාදිමත් කාලයක් තිස්සේ විවිධ කෙලෙස් ධර්ම හේතුවෙන් කිලිටි වීම ස්වභාවික ය. එසේම සුගතිය හෝ දුගතිය තීරණය වන්නේ චිත්ත පාරිශුද්ධත්වය අනුව ය. බුදුරජාණන් වහන්සේ වදාළේ සිත අපිරිසුදු වීම හේතුවෙන් දුගතියත්, සිත පිරිසුදු වීමෙන් සුගතියත් තීරණය වන බවයි (චිත්තේ සංකිලිට්ඨෙ දුග්ගති පාටිකංඛා චිත්තේ අසංකිලිට්ඨෙ සුග්ගති පාටිකංඛා). එසේම සිත අපිරිසුදු වීමෙන් පුද්ගලයා අපිරිසුදු වන බවත්, (චිත්ත සංකිලෙසා සත්තා සංකිලිස්සන්ති) සිත පිරිසුදු වීමෙන් පුද්ගලයා පිරිසුදු වන බවත් (චිත්ත වෝදානා සත්තා විසුජ්ඣන්ති) වදාළ බුදුරජාණන් වහන්සේ, කෙනකුගේ සුද්ධිය හෝ අසුද්ධිය නැතහොත් ආධ්‍යාත්මික පිරිසුදු බව හෝ අපිරිසුදු බව තීරණය වන්නේ අදාළ පුද්ගලයාට සාපේක්‍ෂව බවත් පැහැදිලි කළහ. ඒ අනුව කිසිවකුටත් තවත් කෙනකු පාරිශුද්ධත්වයට පත් කළ නොහැකි බව පැහැදිලි කරුණකි. බුදුරදුන් වාදාළ පරිදි කෙනකුට තවත් කෙනකුට උපදෙස් දීමෙන් හෝ මඟ පෙන්වීමෙන් සහය විය හැකි වුව ද ගලවා ගැනීම හෝ පිරිසුදු කිරීම කළ නොහැකි ය. තථාගතයන් වහන්සේ ද අනුශාසනා කළේ තමන් වහන්සේ මඟ පෙන්වන මාර්ගෝපදේශකයකු මිස මඟ කැඳවා ගෙන යන්නකු නොවන බවයි. මේ සියලු කාරණාවලින් පැහැදිලි වන්නේ සිත පිරිසුදු වීම හෝ අපිරිසුදු වීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ එම පුද්ගලයා ම මිස වෙනත් අයකු නොවන බවයි. මෙනිසා සිත පිරිසුදු කිරීමේ කාර්යය පුද්ගලික කාර්යකි. සිත පිරිසුදු කිරීම එතරම් පහසු කාර්යයක් නොවන්නේ එය අනාදිමත් කාලයක සිට අපිරිසුදු වෙමින් පවතින හෙයිනි.

ප්‍රත්‍යලාභීන් අතර අග්‍රවීමට මහා පිනක් කළ සීවලී මහරහතන් වහන්සේ

මීට කල්ප ලක්ෂයකට පමණ පෙර ලොව පහළ වී වැඩ සිටි පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වැඩ සිටි වෙහෙර තිබුණේ හංසවතී කියන නගරයේ යි. ඒ කාලයේ හංසවතී නගරයේ රජු ලෙස ඉපිද සිටියේ ගෞතම බුදු සසුනේ වැඩ සිටි අපගේ සීවලී මහරහතන් වහන්සේ යි. බුද්ධ කියන නාමය පවා ලොවට සැපයක් ගෙන දෙනවා. සැපයක් උදෙසා ලොව පහළ වන බුදුරජාණන් වහන්සේ මොහොතකට, එක නිමේෂයකට ඇසුරු කරන්න ලැබුණත් එයින් තමාගේ මුළු දිවි ගමනම සැපයට පත් වෙනවා. ඒ වගේ සිදුවීමක් මේ රජුටත් සිදු වුණා. මේ රජතුමා දිනක් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වන්දනා කිරීමට ගියා. එදා භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරද්දී භික්ෂු භික්ෂුණී, උපාසක, උපාසිකා කියන සිව්වනක් පිරිස මැද්දේ එක ශ්‍රාවකයෙක් විශේෂ කරමින් අගතනතුරු ප්‍රදානය කළා. “මහණෙනි, භික්ෂු සංඝයා අතරේ යම් භික්ෂුවක් සුදර්ශන නමින් සිටී ද? ඒ භික්ෂුව පදුමුත්තර බුද්ධ ශාසනයේ ප්‍රත්‍යලාභීන්ට අග්‍ර භික්ෂුව යි.” කියමින් අගතනතුරු ප්‍රදානය කළා. එය දුටු රජතුමා මහත් සතුටට පත්වුණා. “අනේ මටත් මෙහෙම බුදු සසුනක ප්‍රත්‍යලාභී අගතනතුර දරන්නට හැකි නම්” කියා සිතක් උපන්නා. මහා පුණ්‍යවන්තයන්ට පමණක් ඉපදෙන විශේෂ ආශාවක් ඒක. ඒ ආශාව උපන් මොහොතේ දී ම පදුමුත්තර බුදුරජාණන් වහන්සේට රජතුමා ආරාධනාවක් කළා. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස අද පටන් සත් දිනක් බුද්ධප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දීමට මම කැමැතියි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මට අනුකම්පා කර මාගේ ආරාධනාව පිළිගන්නා සේක්වා’ කියා ඉල්ලා සිටියා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඒ ආරාධනාව පිළිගත්තා.

දළදා පූජාවලිය

ශ්‍රී ලාංකේය බෞද්ධයන් අතර, පූජනීයත්වයෙන් සැලකෙන වස්තු අතර ශ්‍රී දන්ත ධාතුන් වහන්සේට ප්‍රමුඛස්ථානයක් හිමිවෙයි. ස්තූපය, බෝධි වෘක්ෂය, බුද්ධ ප්‍රතිමා යනාදිය සඳහා වැඳුම් පිදුම් ක්‍රම, බෞද්ධයන් අතර යම් සේ ප්‍රචළිතව ගියේ ය. එමෙන් ම දළදා වහන්සේ පිළිබඳ නානා විධ පූජා සත්කාර සහ වත්පිළිවෙත් රාශියක් කාලයාගේ ඇවෑමෙන් ඇති විය.  දළදා වහන්සේ පූජනීය වස්තුවක් වන හෙයින් ඒ වටා විශාල සාහිත්‍යයක් ගෙතී යාම බලාපොරොත්තු විය හැකි කරුණකි. දළදාවේ ඉතිහාසය කියාපාන දැනට ඇති පැරැණිම සිංහල ග්‍රන්ථය කුරුණෑගල්පුර රජ කළ සතර වැනි පරාක්‍රමබාහු රජ දවස ලියන ලද දළදා සිරිතයි. එයට මූලාශ්‍රය වූයේ පොලොන්නරු යුගයේ දී ධර්මකීර්ති නම් තෙර නමක් විසින් රචිත පාලි දාඨාවංශයයි. එහි දස වැනි පද්‍යයෙන් කියැවෙන පරිදි එම පාලි කෘතියට මූලාශ්‍රය වූයේ අතීතයෙහි පැවැති සිංහල දළදා වංශය නම් කාව්‍යයකි. සදෙස භාසාය කවීහි සීහළෙ - කතම්පි වංසං ජිනා දන්ත ධාතුයා හිරුන්තියා මාගාධිකාය වුද්ධියා - කරොමි දීපන්තරු වාසිනාං අපි , දළදා සිරිතේ මුල් පරිච්ඡේද පහ සඳහා පාලි දාඨාවංශය මූලාශ්‍රය වූ බව නිසැක ය. එහෙත් සිංහල ග්‍රන්ථයෙහි අමතර විස්තර රාශියක් ඇතුළත් වී තිබේ. කුරුණෑගල සතර වැනි පරාක්‍රමබාහු රාජ කාලය දක්වා දළදා වහන්සේට ලැබුණු පුද සත්කාර විස්තර කරන අනෙක් ග්‍රන්ථය නම් දළදා පූජාවලියයි. එය ගම්පොළ පස් වැනි බුවනෙකබාහු රජ දවස රචිත බව සැලකිය හැකි ය. තවත් පඬිවරු මෙය කුරුණෑගල යුගයට අයත් බව දක්වති.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]