[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

නව වසර සුබ වීමට නම් . . .

වසරක් ගෙවී වසරක් ආරම්භ වීමේ දී සියල්ලෝ ම බොහෝ බලාපොරොත්තු සහිත ව කටයුතු ආරම්භ කිරීමට උත්සුක වේ. එළැඹෙන නව වසර ද යහපත් සෞභාග්‍ය සම්පන්න බවට පත් කර ගැනීම අප සියල්ලන්ගේ ම ඒකායන පැතුමයි. ආගමානුකූල ව එළැඹෙන වර්ෂයට ආශිර්වාද ලැබීම සාමාන්‍ය ස්වභාවය යි. ඊට අමතරව මෙම පවතින තත්ත්වයන් තුළ ආගමෙහි, දර්ශනයෙහි ඇතුළත් ඉගැන්වීම් ජීවිතවලට එකතුකර ගැනීම ඉතාම වැදගත් වේ. වර්ෂයක් ආරම්භයේ දී අප සියල්ලෝ ම ප්‍රාර්ථනා කරනුයේ නිදුක්, නීරෝගී සුබ නව වසරක් වේවා යන්නයි. එසේ වුව ද වසර තුළ නිදුක් බව, සුබ බව සකසා ගත යුත්තේ තම තමන් විසිනි. තමන්ගෙන් එහා තිබෙන ශක්තීන් පිළිබඳ සිතනවාට වඩා තමා තුළ ඇති ශක්තිය කල්පනා කිරීම ඉතා වැදගත් ය. සම්බුද්ධ දේශනාව තුළ නැකත ලෙස සඳහන් වන්නේ යමක් හරියට පිළිවෙළට සිදු කිරීම ය. “අත්ථෝ අත්තස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා’ නිවැරැදිව සිදුකිරීම නැකතයි . එවන් පසුබිමක තාරකා මොනවා නම් කරන්න ද? එක් පැත්තකින් වසරක් උදාවීම යනු ජීවත්වීමට ඇති කාලයෙන් යම් ප්‍රමාණයක් අඩුවීම ය. තථාගත දේශනාවට අනුව විශුද්ධි මග්ගයේ දී ජීවිත දසක දහයකට බෙදා දක්වා ඇත. ඒ දසකයන් තුළ තමන් මුහුණදිය යුතු ඉලක්ක අභියෝග පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීම ඉතා අවශ්‍යය. වසරින් වසර වයසට යාමේ දී තමන්ගේ ජීවිතයේ දසකයන් පසු කරන අතර වර්තමාන වසංගත තත්වය හමුවේ වෙන කවර කලකටත් වඩා අවිනිශ්චිතතාවය ජීවිතවලට බලපාන අයුරු පැහැදිලි ය. එවන් පසුබිමක එළැඹෙන වසර තුළ අපට තිබෙන ලොකුම අභියෝගය සෞඛ්‍ය සම්පන්න ව ජීවත්වීමයි. මෙහිදී සිහියෙන් මෙන්ම වීර්යයෙන් යුතුව ජීවිතය සැලසුම් කර ගැනීම වැදගත් ය. සෞඛ්‍ය යන්නෙන් හඳුන්වන්නේ කායික පැත්ත පමණක් නොව මානසික ආධ්‍යාත්මික, සාමාජීය අංශයන් ය. වසර මුලදී ම මේ ගැන අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.


උඳුවප් අව අටවක පෝය

දෙසැම්බර් 26 ඉරිදා අපරභාග 20.08 අව අටවක ලබා 27 සඳුදා අපරභාග 19.28 ගෙවේ.
සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 27   

Full Moonඅමාවක

ජනවාරි 02

First Quarterපුර අටවක

ජනවාරි 09

Full Moonපසළොස්වක

ජනවාරි 17


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]