[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සියක් ආයු ලැබ නාහිමි වැජඹේවා

සියක් ආයු ලැබ නාහිමි වැජඹේවා

උදම්මිට අස්සජිතිස්ස නාහිමි 81 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙනි

සියපත සදිසි විකසිත වුණු උදම්මිට
නැණ බල දැනුම නිති ජන සුව සහනයට
දිසි ඉසිවරෙකි නා සමිඳුන් අප සැමට
දිගාසිරි පතමු අපෙ නා සමිඳුන් ට

බුදු සිවුරේ අගය නිරතුරු එළි කෙරුව
දම් මකරන්දෙ කරුණා හැඟුමෙන් බෙදුව
අසරණ දනන්ගේ දුක් ගැනවිලි ඇසුව
ජීවකයාණෙ සමිඳුයි ගරු සරු ලැබූව

පෙළහර පපා සඟ පෙළපත රකින්නට
පැන නැඟි සඳුන් රුක සමිඳුයි උදම්මිට
සිසිලස දැනේ නා සමිඳුගෙ සෙවණ යට
සුදිලෙන පහන සමිඳුයි අඳුරේ අපට

රෝ බිය කඳුළු පිසලු යතිවරයාණෝ
රෝහල් සේවේ ඇරඹු සුව විරුවාණෝ
අසරණ අපගෙ සමාජ සේවකයාණෝ
ජන හදවතේ නා හිමි සඟ රජිඳාණෝ

පිය දසුනකිය නා හිමි ගම රට දනට
සැවොම අවනත ය නාහිමිගේ හඬට
පැනසර නුවණ ඇත හෙට දෑ පවසන්ට
නාහිමි සමයි පෙර හෙළවිරු පඬුවන්ට

නිරතුරු මෙහි ඇදෙන සමිඳුගෙ සහනෙ සොයා
සියලු දෙනාහට දැක්වුයෙ කුළුණු දයා
මිනිසත් කමින් කිසිවිටෙකත් බැහැර නොයා
හැම දෙන ඇමතුවේ කරුණා දෙනෙත අයා

සම්බුදු බෙලෙන් නා සමිඳුට සෙත් වේවා
පින්වත් දෙව් සෙනඟ නාහිමි රැකදේවා
සිතට ගතට සුව සහනය අත්වේවා
සියක් ආයු ලැබ නාහිමි වැජඹේවා

උඳුවප් පුර පසළොස්වක

දෙසැම්බර් 18 සෙනසුරාදා පූර්වභාග 07.24 පසළොස්වක ලබා 19 ඉරිදා පූර්වභාග 10.05 ගෙවේ. සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 18

Second Quarterඅව අටවක

දෙසැම්බර් 27   

Full Moonඅමාවක

ජනවාරි 02

First Quarterපුර අටවක

ජනවාරි 09

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]