[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් විළඳ මී පිඬු පූජා කිරීම

  පොසොන් පුර අටවක 

ජූනි 17 බ්‍රහස් අ.භා 22.00 පුර අටවක ලබා 18 සිකුරා අ.භා 20.39 ගෙවේ
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 18

Full Moonපසළොස්වක

ජුනි 24

Second Quarterඅව අටවක

ජූලි 01  

Full Moonඅමාවක

ජූලි 09

ධර්ම දේශනාව:

බෞද්ධ ධර්ම දූතයෝ

මහණෙනි, බහු ජන හිත සුව පිණිස ලෝකයා කෙරෙහි කරුණාවෙන් සියලු දෙව් මිනිසුන් ගේ හිත සුව පිණිස සැරි සරන්න. - මහා වග්ගපාලි. බුදු සමය පිළිබඳ ඉතිහාසයේ පිටු පෙරලන විට බෞද්ධ ධර්ම දූතයන් වහන්සේලා බුදුරදුන්ගේ අති උත්තම දහම් පණිවුඩය සාමකාමී ව, ගෞරවාන්විත ව බෙදාදුන් හැටි අපට පෙනේ. තම ආගම් ප්‍රචාරයට බිහිසුණු ක්‍රම භාවිත කළ අයට එම සාමකාමී දූත මෙහෙය ලජ්ජාවට කාරණයක් විය හැකි ය. බෞද්ධ ධර්ම දූතයෝ (සෙසු ආගමික දේශකයන් හා) මිනිසුන් සිය සමයට හරවා ගැනීමට ගම් නියම් ගම්වල දී තරඟ නොවැදුනාහ. තම සමය විශ්වාස නො කරන්නවුනට වෛර කිරීමක් බෞද්ධ ධර්මදූතයන් කිසි දිනෙක නො සිතන්නකි. ආගමික සංස්කෘතික හා ජාතික ගති නො ඉවසීම අබෞද්ධ ආකල්පයකි. සැබෑ බෞද්ධ ගතිය පෙවුණු ජනතාව විශේෂ වූහ. බුද්ධ දේශනාවේ අනුමැතිය කිසි දිනෙක ආක්‍රමණය සඳහා නොලැබෙන්නේ ය. මේ ලෝකය ඇති තරම් ලේ වගුරුවා, හැකි තරම් පීඩා විඳ ඇත්තේ ආගමික මති මතාන්තර පිළිබඳ රෝගයෙනි. ආගමික උමතුවෙන් හා ආගමික අසහනයෙනි. ආගම පිළිබඳව හෝ වේවා, දේශපාලනය පිළිබඳව හෝ වේවා, මිනිසුන් දැන දැනම ප්‍රයත්න දරන්නේ මානව වර්ගයාට තම තමන් රුචි කරන ජීවන මාර්ග පිළිගැන්වීමට ය. එසේ කරමින් ඔවුහු ඇතැම් විට සෙසු ආගමික අනුගාමිකයනට විරුද්ධවාදීකම් දක්වති. බුදු සමයත් බුදු සමය වැළඳගත් අයගේ සංස්කෘතියත් අතර කිසිදු අවුලක් හෝ ගැටුමක් ඇති නොවී ය. මක්නිසාද යත්? ජාතික සම්ප්‍රදායයන්, සිරිත් විරිත්, කලා ශිල්ප හා සංස්කෘතීන් ඈ යමක් ජනතාව පිළිගෙන තිබිණි නම් ඒවා තව දුරටත් පණ පෙවී හැඩ ගැසී පැවතීමට මහත් සේ ඉඩකඩ ලැබුණු නිසා ය.

 

සුව අහරින් සවිය වඩමු සවි බලයෙන් දැය නංවමු

ආහාරයෙහි අවශ්‍යතාව පාට, ලිංග, ජාති, භේදයකින් තොරව සැමට පොදු වූවකි. “සබ්බේ සත්ථා ආහාරට්ඨිතිකා” ලෙස බුදු දහම දක්වන්නේ එහෙයිනි. ගිහි පැවිදි භේදයකින් තොරව සියල්ලෝට ම ශක්තිය බලය අවශ්‍ය වන අතර එය ලැබිය යුත්තේ ආහාර තුළිනි. ආධ්‍යාත්මික ජීවිතය මෙන්ම භෞතික ජීවිතය වඩා අර්ථවත් ව පවත්වා ගැනීමට සමබල ආහාර වේලක් අවශ්‍ය ය. බුදු දහමෙහි ඉගැන්වෙන සේඛියා තුළින් සිදුකරනුයේ ද ආහාර රටාව හා ජීවන රටාව ක්‍රමවත් කිරීම ය. සඟරුවනට පිණ්ඩපාතය අනුදැන වදාරන්නේත්, ඇතැම්විට ධර්මය දේශනා කිරීමට පෙර දායකයන්ට ආහාර ලබාදෙන ලෙස බුදුරදුන් නියම කරන්නේ ද ආහාරයෙන් තොර ශක්තියක් නොමැති නිසාවෙනි. මේ ලෝකයෙහි ඇති දරුණු ම රෝගය ලෙස බුදුදහම බඩගින්න හඳුන්වා ඇත්තේ ද ආහාරයෙහි අවශ්‍යතාව අනිවාර්ය බැවිනි. පොදුවේ ගත් විට ආධ්‍යාත්මික මෙන්ම භෞතික දියුණුව විෂයෙහි ආහාර අත්‍යවශ්‍ය ය. මන්ද යත් ආහාරයෙන් තොර ශක්තියක් නොමැති බැවිනි. ආහාරයෙහි පමණ දැන පරිභෝජනයෙහි සීමා හඳුනා ගැනීම අවශ්‍ය ය. ආහාර අවශ්‍ය වන්නේ සවිය හෙවත් ශක්තිය ලබා ගැනීම සඳහා ය. ඒ සඳහා ගිජුබවක් නො දැක්විය යුතු ය. ආහාරයෙහි ගිජුවීම නිසා ශරීරයේ සමබරතාව පවා ගිලිහීයාම අනිවාර්ය ය. කොසොල් රජුට සිදුවූයේ එවැනි තත්ත්වයකි. බුදුරදුන්ගේ මඟ පෙන්වීම මත එයින් අත් මිඳීමට ඔහුට හැකියාව සැලසුනි. තමා ශක්තිය ලබා ගැනීමට ගනු ලබන ආහාර තම ආයුෂ කෙටිවීමට හේතු වන්නේ නම් එවන් ආහාර රටාවක් බුදු දහම අනුමත නො කරයි.

 

නව තාක්ෂණයත් මුසු ව යළි ගොඩනැඟෙන දීඝවාපී දාගැබ

නැඟෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ අඩ්ඩාලචේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි දීඝවාපියට අම්පාර නගරයෙන් අක්කරෙයිපත්තු දක්වා දිවෙන මාර්ගයේ කි.මී. 6ක් පමණ ගමන් කළවිට හමුවන වරිපතන්චේන හන්දියෙන් හැරී කි.මී. 12ක් ගමන් කිරීමෙන් පිවිසිය හැකිය. නැගෙනහිර පළාතේ විශාලතම ස්තූපය හා විශාලත්වයෙන් ලංකාවේ හතරවැනි තැන ගන්නා ස්තූපය ලෙස සැලකෙන්නේ දීඝවාපී දාගැබයි. ඉපැරැණි රෝහණ රාජධානියට අයත්ව පැවැති දීඝවාපිය දිග් වූ වැව, දීඝවාපිය, දිගා වැව ලෙස ජනප්‍රවාදයේ එයි. වංශකතා සාධක ප්‍රමුඛ ලේඛනගත මූලාශ්‍ර සොයා යාමේදී දිගා වැව, දීඝවාපී මණ්ඩල, දීඝවාපිරට්ට, දිගාමඬුලු, දිගාවෑ, දිගාවෑ මඩල, දිගමඩුල්ල යන නාමයන් හඳුනාගත හැකිවේ. දීපවංශයට අනුව බුදුන් වහන්සේ තෙවැනි වර ලක්දිව කැලණි පුරවරයට වැඩම කරන ලද අවස්ථාවේ කැලණිය, සමන්තකූටය හා දිවා ගුහාව යන ස්ථානයන් හි සමවැදී පසුව දිගාවැවට වැඩම කළ බව සඳහන්වේ. මහාවංශයේ ඒ පිළිබඳව සඳහන් වන්නේ “සර්වඥ තෙම එතන්හි ධර්මදේශනා කොට අහසට නැඟී වැඩ සමන්කුළු මතුයෙහි පා සටහන් දැක්වූ සේක. සංඝයා සහිතවූ සේක් ඒ පර්වත පාදයෙහි සැප සේ දිවා විහරණය කොට දිගාවැවට වැඩිසේක.

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]