[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංගුත්තර නිකායෙන් - 15: ඒකක නිපාතය

අංගුත්තර නිකායෙන් - 15:

ඒකක නිපාතය

සූත්‍ර අංක - 56 -අකුසලභාගියා සූත්‍රය

මහණෙනි, යම් ධර්ම කෙනෙක් අකුසල් වෙත් ද, අකුසල් භජනයෙහි, අකුසල් පක්ෂයෙහි වැටෙත් ද ඒ හැම ධර්මයෝ සිත පෙරටු කොට ඇත. සිත ඒ ධර්මයන්ට පළමු කොට උපදී. ඒ හා එක්විට ම අකුසල ධර්මයෝ උපදිත්.

අටුවාව - පළමුව සිත ඉපදී පසුව චෛතසිකයෝ උපදී යැයි නො ගත යුතු ය. එක්වම උපදී. එක්වම නිරුද්ධ වේ. යම් සේ රජු නික්මුණේ යැයි කියන ලද කල්හි සෙසු රාජ සේනාව නික්මුණේ ද නොනික්මුණේ දැයි විමසිය යුතු කරුණක් නොවේ. සියලු සේනාව නික්මුණේ යැයි අදහස් වේ.

සූත්‍ර අංකය - 57 - කුසලභාගියා සූත්‍රය

මහණෙනි, යම්කිසි ධර්ම කෙනෙක් කුසල ධර්මයෝ වෙත් ද, කුසල භජනයෙහි, කුසල පක්ෂයෙහි වැටෙත් ද ඒ සියලු ධර්මයෝ සිත පෙරටු කොට ඇත. සිත ඒ ධර්මයන්ට පළමුව උපදනේ ය. ඒ හා එක්වීම ම කුසල ධර්මයෝ ද උපදිත්.

සූත්‍ර අංකය - 58 - පමාද සූත්‍රය (සිහිමුළාව)

මහණෙනි, යම් කරුණක් හේතු කොට ගෙන නූපන්නා වූ අකුසල ධර්මයෝ උපදිත් නම්, උපන්නා වූ කුසල ධර්මයෝ පිරිහෙත් නම් ප්‍රමාදය (සිහිමුලාව) වැනි අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, ප්‍රමාද වූ පුද්ගලයා තුළ (පෙර) නූපන් අකුසල ධර්මයෝ උපදිත්, උපන්නා වූ කුසල ධර්මයෝ වෙත් ද පිරිහෙත්.

අටුවාව - මෙහි ප්‍රමාදය (සිහිමුළාව) කවරේද? කාය හෝ වචී හෝ මනෝ හෝ දුශ්චරිතයන්හිද, පඤ්චකාම ගුණයන්හිද හැසිරීමට සිතට ඉඩදීමය. තවද කුසල ධර්මයන්ගේ වැඩීමට ඉඩ නොදීමය.

  වෙසක් අමාවක 

ජුනි 09 බදාදා අ.භා 13.58 අමාවක ලබා 10 බ්‍රහස් අ.භා 16.22 ගෙවේ.
 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 09

First Quarterපුර අටවක

ජුනි 18

Full Moonපසළොස්වක

ජුනි 24

Second Quarterඅව අටවක

ජූලි 01  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]