[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

“ඩුබායි වෙසක් සතිය 2021“

අප වෙනුවෙන් ඩුබායිහි පැවැත්වූ වෙසක් සතිය

ලක්වාසීන්ට මෙවර ද වෙසක් උත්සවය සැමරීමට වාසනාවක් ලැබුණේ නැත. ඒ පසුගිය වසරේ මෙන්ම මේ වසරේ ද වෙසක් උලෙළ කොවිඩ් 19 වසංගතය විසින් ගිල ගනු ලැබීම නිසා ය. එම නිසා නිවසේ සිට වෙසක් සැමරීමට අපට සිදු විය. එසේ වුවත් ශ්‍රී ලංකාවාසීන් ඇතුළු සමස්ත ලෝකවාසීන්ටම ආශීර්වාද සහ සෙත් සුව ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් ඩුබායි සහ උතුරු එමීරයන්හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් නලින්ද විජේරත්න මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ඩුබායි ලංකාරාමය සහ එක්සත් අරාබි එමීර්රාජ්‍යයේ සියලුම ශ්‍රී ලාංකික සංවිධාන එක්ව සංවිධානය කළ “ඩුබායි වෙසක් සතිය 2021 “ මහත් ආගමික ශ්‍රද්ධාවකින් යුතුව පවත්වන ලදී. ඒ මැයි මස 24 සිට 29 දින දක්වා ඩුබායි කොන්සල් ජෙනරාල් කාර්යාල පරිශ්‍රයේ දී ය. ශ්‍රී ලංකාව තුළ වෙසක් සති පැවැත්වෙන ආකාරයෙන්ම මේ වෙසක් සතිය පැවැත්වූ අතර වෙසක් සතිය තුළ බොදු ගී, බෞද්ධ වෙසක් නාට්‍ය ඉදිරිපත් කිරීමට ද කොන්සල් ජෙනරාල් කාර්ය මණ්ඩලය සහ ඩුබායි සහ උතුරු එමීරයන්හි ශ්‍රී ලාංකික සංවිධාන විසින් කටයුතු කර තිබුණි. විශේෂයෙන්ම බොදු ගී සරණිය පවත්වන ලද්දේ මෙරට බොදු ගී පවත්වන අයුරින්ම වන අතර බෞද්ධ තේමා කිහිපයක් ඔස්සේ රඟ දැක්වූ නාට්‍යයද සියලු දෙනාගේ සිත් ඇද ගන්නට සමත් විය. බෞද්ධයන්ගේ කරුණාව, දයාව, මෛත්‍රිය ඔප් නැංවෙන අයුරින් මේ සියලු කටයුතු සිදු කර තිබුණි. වෙසක් සතියේ ප්‍රධානම අංගයක් ලෙස වෙසක් පුන් පොහෝ දින “සත් බුදු වන්දනා” පූජාවක් ඩුබායි ලංකාරාම වාසී නාමල්ගමුවේ විජයසීල ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි

  වෙසක් අමාවක 

ජුනි 09 බදාදා අ.භා 13.58 අමාවක ලබා 10 බ්‍රහස් අ.භා 16.22 ගෙවේ.
 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 09

First Quarterපුර අටවක

ජුනි 18

Full Moonපසළොස්වක

ජුනි 24

Second Quarterඅව අටවක

ජූලි 01  


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]