[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දහසක් බුද්ධ ප්‍රතිමා වහන්සේගෙන් සමන්විත අනුරාධපුර කොක්කිච්චිය ප්‍රාතිහාර්ය විහාරය

දහසක් බුද්ධ ප්‍රතිමා වහන්සේගෙන් සමන්විත අනුරාධපුර කොක්කිච්චිය ප්‍රාතිහාර්ය විහාරය

අමාමෑණි ලොව්තුරා බුදු රජාණන් වහන්සේගේ ඉපදීම,බුදුවිම,පිරිනිවන්පෑම සිදුවුයේ අද වැනි වෙසක් පුන් පොහෝ දිනක ය. ලෝ වැසි සියලු දෙනා සසර දුකින් මුදවාලමින් නිවන් අවබෝධ කරවීමට බුදුන් වහන්සේ ශ්‍රි සද්ධර්මය දේශනා කළහ. බුද්ධ චරිතයෙහි හා බුද්ධ කාලයේ සිදුවිම්,විශේෂ අවස්ථා මුල් කර ගනිමින් ඉදිවු සුවිශේෂි විහාරස්ථානයකි අනුරාධපුර,කොක්කිච්චිය සිරි සම්බුද්ධ ප්‍රාතිහාර්ය විහාරස්ථානය.

‘’බුද්ධාලම්භන පී‍්‍රතිය ඇති කරන වෙහෙර විහාරස්ථාන ඉදි කරමින් ජනතාවට ධර්මානුකූල අවබෝධය ලබා දෙමින් බුදු දහමේ චිරස්ථිතිය උදෙසා සිදු කරන ශාසනික සේවාවක් වශයෙන් උතුරු මැද පළාත් ප්‍රධාන සංඝනායක නෙල්ලිකුලම ශ්‍රි සම්බුද්ධ පංචසතික චාරිකාරාමාධිපති,අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නාහිමිගේ සංකල්පනාවක් අනුව ඉදිකරන ලද සුවිශේෂී විහාරස්ථාන හතරක් සැදැහැවතුන්ට වන්දනාමාන කිරීමට අවස්ථාවක් අදවනවිට සැලසී තිබේ.එම විහාරස්ථාන අතර සුවිශේෂී විහාරස්ථානයකි අනුරාධපුර,කොක්කිච්චිය ප්‍රාතිහාර්ය විහාරස්ථානය.’’

මෙම විහාරස්ථාන භුමියේ ඉදිකර ඇති විහාර මන්දිරයේ දක්නට ලැබෙන දහසක් බුද්ධ ප්‍රතිමා නිර්මාණය විසි එක්වන සියවසේ දක්නට ලැබෙන විශේෂිත නිර්මාණයකි.එම නිසා ජනතාව මෙම විහාරය දහසක් ප්‍රතිමා විහාරය ලෙස ද හඳුන්වයි.


ශාස්ත්‍රපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නා හිමි

බුදුන් වහන්සේ පරිසරයට බෙහෙවින් ඇලුම් කළහ. බුද්ධ චරිතයේ විශේෂ අවස්ථා රැසක් සිදුවුයේ ද ස්වභාවික පරිසරය මුල් කර ගෙනයි.ඒ අනුව බුද්ධ කාලයේ සිදුවූ විශේෂ අවස්ථා මුල් කරගෙන විහාරස්ථාන භුමියේ සුන්දර වන පෙතක් තුළ ගමන් කරමින් විශේෂ සිදුවීම් අවස්ථා දැක බලා වන්දනා මාන කර ගැනිමට සැදැහැති ජනතාවට හැකි ය.

අනුරාධපුර-විලච්චිය ප්‍රධාන මාර්ගයේ නෙල්ලිකුලම පංචසතික විහාරස්ථානය පසුකර මද දුරක් ගියපසු මේ විහාරස්ථානය හමුවේ.ශාස්ත්‍රපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නාහිමියන්ගේ සිතිවිල්ලකට අනුව මෙම විහාරස්ථානය ඉදිකර ඇත.දහසක් ප්‍රතිමා විහාරය ,තනි බිත්තියට දහසක් ප්‍රතිමා ඉදි කර තිබිම මෙහි සුවිශේෂිත්වයයි.

‘’මෙම සුන්දර වන පෙතට ඇතුළුවන විට දක්නට ලැබෙන්නේ ඛේමා බුදුන්දකී යන තේමාවෙන් ඉදිවු නිර්මාණයයි,පසුව ඉතාමත් ලස්සන නෙත් දෙකක් හිමිවූ සුභා තෙරණියගේ කතාවයි. තෙවන නිර්මාණයෙන් දක්නට ලැබෙන්නේ නිල් මහනෙල් සුවඳ ඇති ශරීරයක් ඇති උත්පල වන්නා තෙරණියගේ කතා පුවතයි.පිණ්ඩෝල භාරද්වාජ කතා පුවත ද මෙහි ඇති විශේෂ නිර්මාණයකි.

දෙව්දත් බුදුරජාණන් වහන්සේට ගලක් පෙරළීම,බුදුන් වහන්සේ ගංගා නම් ගඟ අසබඩ වැඩ සිටින අවස්ථාව හා බුද්ධත්වයට පත් විමෙන් පසුව බුදුන් වහන්සේ පස්වග තවුසන්ට පළමු ධර්ම දේශනය සිදු කළ අවස්ථාව ඇතුළු සුවිශේෂි අවස්ථා රැසක් මෙහිදී වන්දනාමාන කිරීමට අවස්ථාව උදා වේ.’’ සැදැහැති සියලු දෙනාට බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව මෙම විහාරස්ථාන වන්දනා මාන කරමින් බුදුන් වහන්සේගේ උතුම් දහම අවබෝධ කර ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමු.

බුදුන් වහන්සේගේ තුන්වන ලංකා ගමනය නිරුපණය කිරීමේ විහාරස්ථානයක් ඉදි කිරිමටද ශාස්ත්‍රපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නාහිමි තුළ පැවති මහත් වු ආශාව නිසාම නෙල්ලිකුලම ශ්‍රි සම්බුද්ධ පංචසතික විහාරස්ථානය ඉදි කර ඇති අතර එය දෙස් විදෙස් සංචාරකයන් වන්දනාමාන කරන සුවිශේෂි විහාරස්ථානයකි.

  වෙසක් පුර පසළොස්වක 

මැයි 25 අඟහරුවාදා අපර භාග 20.29 පුර පසළොස්වක ලබා 26 බදාදා අපර භාග 16.43 ගෙවේ. බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 26

Second Quarterඅව අටවක

ජුනි 02  

Full Moonඅමාවක

ජුනි 09

First Quarterපුර අටවක

ජුනි 17

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]