[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වසර 2328ක් සපිරෙන මහා විහාරවංශික උපසම්පදාව හෙවත් වසර 268ක් සපිරුණු මහා විහාරවංශික ස්‍යාමෝපාලී මහා නිකායේ උපසම්පදාව හා ශාසනික සංවර්ධනය

වසර 2328ක් සපිරෙන මහා විහාරවංශික උපසම්පදාව හෙවත් වසර 268ක් සපිරුණු මහා විහාරවංශික ස්‍යාමෝපාලී මහා නිකායේ උපසම්පදාව හා ශාසනික සංවර්ධනය

වර්තමාන සම්බුද්ධ ශාසනයෙහි මූලස්ථානය වන මහනුවර මල්වතු මහා විහාරයේ හා අස්ගිරි මහා විහාරයෙහි වාර්ෂිකව පවත්වනු ලබන සම්බුද්ධ ශාසනයේ පවත්නා ශ්‍රේෂ්ඨතම මහා විනය කර්මය වන උපසම්පදා මහා පුණ්‍යෝත්සවය 268 වන වරටත් මහනුවර මල්වතු මහා විහාරයේ දී හා අස්ගිරි මහා විහාරයේ දී 2021 වෙසක් පුර පසළොස්වක් පොහෝදින පටන් ගෙන ඇසළ පුර පසළොස්වක් පොහෝදින දින තෙක් සිදු කිරීමට මහනුවර මල්වතු අස්ගිරි උභය මහාවිහාරයීය අතිගෞරවාර්හ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රධාන සානුනායක ගරුතර කාරක මහා සංඝ සභා මඟින් කටයුතු සූදානම් කොට ඇති බව මල්වතු අස්ගිරි උභය මහා විහාර පාර්ශවයන්ට ඇතුළත් මහා සංඝරත්නය ඇතුළු සකල ලෝකවාසී සැදැහැවත් බොදු මහජනතාව වෙත සිහිපත් කරනුයේ අපමණ භක්තිය පෙරදැරිවය.

එනමුත් ශ්‍රී ලංකාද්වීපයේ පමණක් නොව මුළුමහත් ලෝකයේම ඇති වූ කොරෝනා නැමති මහා වසංගතය නිසා සකල ලෝක ජනතාවම අපමණ මරණ භියට පත්ව කටයුතු කරණ කාලයක් බවට පත්ව ඇති මොහොතක 2020 හා 2021 වර්ෂවල උපසම්පදා පුණ්‍ය මහෝත්සවය මල්වතු මහා විහාරයේ ද පැවැත්වීමට නොහැකි වන බව ඉමහත් කනගාටුවෙන් සිහිපත් කරන අතර, රටේ රෝග බිය දුරුවීමත් සමග උපසම්පදා පුණ්‍යෝත්සවය පැවැත් වීමට මහා විහාරවංශික ස්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ අතිගෞරවාර්‍හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමින්‍ද්‍රයන් වහන්සේ ප්‍රධාන ගරුතර සානුනායක කාරක මහා සංඝ සභාව තීරණය කළ බව මෙහිලා සිහිපත් කරමි.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනාගතයේ ශ්‍රී ලංකාද්වීපයෙහි සම්බුද්ධ ශාසනය පිහිටවන බව දැනගෙන බුද්ධත්‍වයෙන් නව වන මස දුරුතු පුන් පොහෝ දින ද, පස්වෙනි වස බක් පොහෝ දිනයෙහි ද අටවෙනි වස වෙසක් පොහෝ දිනයෙහි ද ශ්‍රී ලංකාද්විපයට වැඩමවීමෙන් සිරිලක් දිව අති පාරිශුද්ධත්වයට පත් වූයේයැයි දීපවංශ, මහාවංශ, ජිනකාලමාලි ආදී ඓතිහාසික ග්‍රන්ථයන්හි සඳහන්වේ.

බුදුරදුන් පිරිනිවී වසර 327 කට පසු ධර්‍මාශෝක මහරජතුමා භාරතයේ අධිරාජයා බවට පත්වී නිග්‍රෝධ කුඩා රහතන් වහන්සේ මුල්කොට බෞද්ධයෙකු බවට පත්වූයේ මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ අනුශාසනා ලබමින් මහකෙල නාගරාජයා විසින් මවන ලද බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කාය ද (බුද්ධ ශරීරයම) සියැසින් දැක අසීමිත බුද්ධාලම්බනප්‍රීතියට පත් වූයේ, බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරණ ලද ධර්‍මස්ඛන්‍දය සංඛ්‍යාවශයෙන් අසූහාරදහසක් බව දැනගත් රජතුමා අසූහාරදහසක් වෙහෙර විහාර ඉදිකොට රටවල් නවයකට දූතයන් යවමින් සම්බුද්ධ ශාසනය පිහිටු වීමට කටයුතු සැලැස්වීය.

  වෙසක් පුර පසළොස්වක 

මැයි 25 අඟහරුවාදා අපර භාග 20.29 පුර පසළොස්වක ලබා 26 බදාදා අපර භාග 16.43 ගෙවේ. බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 26

Second Quarterඅව අටවක

ජුනි 02  

Full Moonඅමාවක

ජුනි 09

First Quarterපුර අටවක

ජුනි 17

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]