[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ත්‍රිපිටක බෙදීම

තුන්පිටකයට පිවිසුමක්:

ත්‍රිපිටක බෙදීම

විනය ග්‍රන්ථ සතරෙහි ම එන පැනවීම් පිළිබඳ අතිරේක විස්තර ඇතුළත් සාරාංශයක් පරිවාර පාලියෙහි අන්තර්ගත වේ.

සූත්‍ර පිටකය

සූත්‍ර පිටකය නිකාය ග්‍රන්ථ නමින් හැඳින්වෙන ග්‍රන්ථ පහකින් යුක්ත ය.

දීඝ නිකාය ,මජ්ක්‍ධිම නිකාය , සංයුත්ත නිකාය , අංගුත්තර නිකාය , ඛුද්දක නිකාය යනුවෙනි.

දීඝ නිකාය

බ්‍රහ්මජාල සූත්‍රය යනාදී ප්‍රමාණයෙන් ඉතා දීර්ඝ වූ සූත්‍ර 34 ක් මෙහි සංග්‍රහ කොට තිබේ. මෙය සීලක්ඛන්ධ වර්ගය. මහා වර්ගය හා පාටික වර්ගය යනුවෙන් වර්ග තුනකට බෙදා ඇත. මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන යෑමේ වගකීම භාරවූයේ ආනන්ද තෙරුන් වහන්සේ ප්‍රමුඛ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට ය.

මජ්ක්‍ධිම නිකාය

මූල පරියාය යනාදී මධ්‍යම ප්‍රමාණයෙන් යුත් සූත්‍ර 152 ක් මෙහි සංග්‍රහ කොට තිබේ. ඒවා එක් කොටසකට 50 බැගින් මූල පණ්ණාසක, මජ්ක්‍ධිම පණ්ණාසක, උපරි පණ්ණාසක යනුවෙන් වර්ග තුනකට බෙදා ඇත. මෙය මතකයෙන් පවත්වා ගෙන යෑම පැවරුණේ සැරියුත් මහරහතන් වහන්සේගේ පරම්පරාවට ය.

සංයුත්ත නිකාය

ඕඝතරණ යනාදී සූත්‍ර දේශනා 7762 ක් මෙහි සංයුත්ත නමින් වර්ග කොට තිබේ. සංයුත්ත නිකාය පවත්වාගෙන යෑමේ වගකීම මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේගේ පරම්පරාවට බාර කෙරිණි.

අංගුත්තර නිකාය

සංඛ්‍යාත්මකව එකේ සිට එකොළහ දක්වා ධර්ම කරුණුූ අඩංගු සූත්‍ර 9557 ක් මෙහි අන්තර්ගත ය. ඒ අතර එකක් මඟින් කියැවෙන ධර්ම කරුණු ඒකක නිපාතයට ද දෙකේ කරුණු දුක නිපාතයට ද යනාදි වශයෙන් අනුක්‍රමයෙන් නිපාත එකොළසකට සූත්‍ර වර්ග කොට තිබේ. මෙසේ නිපාතයෙන් නිපාතයට ආරෝහණ ක්‍රමයට කරුණු සංග්‍රහ කර තිබෙන හෙයින් මෙය අංගුත්තර නිකාය ලෙස හඳුන්වා ඇත. මෙය මතකයෙන් පවත්වාගෙන යාම භාරවූයේ අනුරුද්ධ තෙරුන් වහන්සේගේ සඟ පරපුරට යි.

ඛුද්දක නිකාය

ඉහත සඳහන් කළ නිකාය ග්‍රන්ථ සතරට ඇතුළත් නො වූ ඉතිරි ධර්මය ඛුද්දක නිකාය නමින් සංග්‍රහ කොට තිබේ. ඒ ඒ ධර්ම කොට්ඨාස අනුව ඒවා ද ග්‍රන්ථ වශයෙන් පහළොවකට බෙදා ඇත.

ඛුද්දක පාඨ පාලි ,ධම්මපද පාලි ,උදාන පාලි ,ඉතිවුත්තක පාලි ,සුත්තනිපාත පාලි,විමානවත්ථූ පාලි ,පේතවත්ථු පාලි ,ථෙරගාථා පාලි ,ථෙරී ගාථා පාලි,ජාතක පාලි ,නිද්දේස පාලි ,පටිසම්භිදා මග්ග පාලි, අපදාන පාලි,බුද්ධවංස පාලි ,චරියාපිටක පාලි යනුවෙනි.

මෙම ග්‍රන්ථ තුළ අඩංගු කරුණු කවරේදැයි, ඒවා නම් කොට ඇති ආකාරයෙන් ම සිතා ගැන්ම එතරම් දුෂ්කර නො වෙයි. උදාහරණ ලෙස බෞද්ධයා ගේ අත්පොත බවට පත්ව ලොව භාෂා ගණනාවකට ද පරිවර්තනය කොට තිබෙන “ධම්මපදය” මෙම ග්‍රන්ථ මාලාවෙහි දෙවැන්නට අයත් ය. මෙම ඛුද්දක නිකාය පවත්වාගෙන යෑම එක් භික්ෂු පරපුරකට නොපැවරුණි. එය සෑම භික්ෂූන් වහන්සේ නමක විසින් ම හදාරා පවත්වාගෙන යා යුතු බවට සම්මත වුණි.

අභිධර්ම පිටකය

අභිධම්ම යන වචනයට දී තිබෙන විග්‍රහය නම් “අභිවිසිට්ඨො ධම්මො අභිධම්මො” යන්නයි. එහි අදහස විශේෂ වූ ධර්මය අභිධර්මය වේ ය, යනුයි. සූත්‍ර හා විනය යන පිටකවලට අයත් දේශනාවලට වඩා මෙහි ඇති විශේෂත්වය කුමක්දැයි විමසා බලමු.

මෙම ලිපියේ තවත් කොටසක් ඊළඟ බුදුසරණ කලාපයේ පළවේ.

   බක් අව අටවක 

 මැයි 03 සදුදා අපර භාග 13.39 අව අටවක ලබා 04 අඟහරුවාදා
අපර භාග 13.10 ගෙවේ.
සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 03  

Full Moonඅමාවක

මැයි 10

First Quarterපුර අටවක

මැයි 19

Full Moonපසළොස්වක

මැයි 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]