[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

ශ්‍රී පාදස්ථානය

ගෞතම බුදුරජාණන් වහන්සේ තෙවන වර ලක්දිවට වැඩම කළ අවස්ථාවේ දී සුමන සමන් දෙවියන්ගේ ඇරයුමෙන් සමන්තකූට මස්තකයට වැඩම කර ඉන්ද්‍රනීල මාණික්‍ය මත සම්බුදු සිරිපා සටහන පිහිටුවා වදාළ සේක.

ශ්‍රී පාද පද්මය වන්දනාවට හෝරා කිහිපයක් පුරා අතිදුෂ්කර ගමනක යෙදී පැමිණීම මහත් අසිරියකි. ශ්‍රී පාදස්ථානය පූජනීය, වන්දනීය පින් කෙතකි. ලෝකවාසීන්ගේ වන්දනාවට පාත්‍ර වූ පින් බිමකි.

****

පොඩි හාමුදුරුවෝ

සහන් එළිය සිත් මඟ දල්වා
පහන් සිළුව දැවුණා
දහම් සුවඳ ලෝ තුළ පතුරා
සිත් සෝගිනි නිවනා
බෝ සමිඳුන්ගේ බෝපත් අතරින්
ඔබේ මුහුණ දුටුවා
ඉපනැල්ලේ හසරැළි සැලෙනා
පොඩි හාමුදුරුවො වඩිනා.............
එතෙර වන්න සංසාර දුකින්
සිත් සතොසින් කහවත් දරමින්
හඬවා මව්පිය නෑ මිතුරන්
වෙන් වූයේ කිමදෝ මෙලෙසින්.........
පසළොස්වක දා සඳ එළියේ
දම්සක් දෙසන තුරා
අපිත් ඔබ හා පැමිණෙන්නෙමු
පින්බර නිවන කරා ......

****

අත්හැරීම

සිත සතුටින් එක්වන විට ගීත කියන්න
රසට ගොතා කතා පෙළක් ගමේ කියන්න
අම්මා තාත්තා කිරි අම්මා නිතර බලන්න
අනේ ඉතින් දැන් මට බැහැ එහෙම කරන්න

සැම දේ අස්ථීර බව තේරුම් ගත් මම
මගෙ ළඟ ඇති හැම දෙයක්ම අත හැරියා මම
මගේ කියා දේ නැති බව තේරුම් ගත් මම
බුදු සසුනේ පැවිදි වුණා සසර දිනන්න

****

දහම් පාසල

අපේ රටේ ජීවත්වෙන සෑම පුරවැසියකුගේම බලාපොරොත්තුව දැහැමි ලෙස ජීවිතය ගත කිරීමට ය. එය ඉටුකර ගැනීම සඳහා හොඳම ස්ථානය අපේ ආගමික ස්ථානය යි. දහම් පාසල් අධ්‍යාපනය ලබාදීමෙන් ළමා අපේ ජීවිතය යහමඟට යොමුකර සමාජයේ යහපත් පුරවැසියන් ලෙස ජීවත්වීමට පුරුදු කරයි. සමාජයේ මිනී මැරුම්, මංකොල්ල කෑම්, මත්ද්‍රව්‍ය වෙළඳාම සහ මත්ද්‍රව්‍ය භාවිතය ආදිය සිදු කරමින් පිරිහීමට ලක් කරන්නේ දහම් පාසල් අධ්‍යාපනය නො ලැබීමේ හේතුවෙනි. එනිසා සෑම දරුවකුට ම කුඩා කාලයේ සිට ම දහම් පාසල් අධ්‍යාපනය ලබාදීම අනිවාර්ය කළ යුතු ය.

****

බුදු ගුණ

පුරිසධම්ම සාරථි යනු පුද්ගලයන් දමනය කිරීමයි, හික්මවීමයි. බුදුරජාණන් වහන්සේ පුරිසධම්මසාරථි වන සේක. මෙහි පුරිස යන්න යොදා ඇත්තේ ස්ත්‍රී පුරුෂ භේදයක්, දෙව් මිනිස්, තිරිසන් භේදයක් හෝ නොමැතිව පුද්ගලයා යන අර්ථයෙනි. ඒ අනුව උන්වහන්සේ නාලාගිරි නම් හස්ති රාජයා ද, චූලෝදර මහෝදර නාරජුන් ද , බක වැනි බ්‍රහ්මයන් ද, රාහු වැනි අසුරයන් ද ආලවක වැනි යක්ෂයින් ද චිංචිමානවිකා වැනි කාන්තාවන් ද, සච්චක, අම්බට්ඨ වැනි බමුණන් ද දමනය කළ සේක. මේ සියලුම දමනය තුළින් ප්‍රකට වන්නේ බුදුරජාණන් වහන්සේගෙ පුරිසධම්මසාරථි ගුණයයි.

****

බොරු කීමේ විපාක

බොරු කීමෙන් මෙලොව නින්දාවට භාජනය වෙයි. අන්‍යයන්ගේ විශ්වාසයෙහි නො ගැළපෙන තැනැත්තෙක් වෙයි. පරලොව දුක් ගැහැටවලට හසුවෙයි. සමහර විට බොරු කීම නිසා දඬුවම් ලැබෙයි. බොරු කියන්නෝ ඒ පවින් මරණයෙන් පසු නරකයෙහි ඉපිද අනේක වර්ෂ කෝටි සහස්‍රයෙහි ලෝදිය බීම ආදී දුකට පත්වේ. බොරුවට ඇත්තේ ඉතා කෙටි කාලයකි.

එනිසා ළමා අප සැවොම සිතට ගත යුතු වන්නේ බොරු නො කීමටයි. මිනිස් ලොව උපන් කල්හි ද එක් ජාතියක දී කී බොරුවලට සිය ගණන් ජාතිවල දී නො කළ වරදට හසු වී නින්දා ලබති. දඬුවම් ලබති. මෝඩයෝ වෙති. අශෝභන වෙති. අමිහිරි කටහඬ ඇත්තෝ වෙති.

****

   බක් අව අටවක 

 මැයි 03 සදුදා අපර භාග 13.39 අව අටවක ලබා 04 අඟහරුවාදා
අපර භාග 13.10 ගෙවේ.
සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 03  

Full Moonඅමාවක

මැයි 10

First Quarterපුර අටවක

මැයි 19

Full Moonපසළොස්වක

මැයි 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]