[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උපසාළ්හක බමුණාගේ කතාව

උපසාළ්හක බමුණාගේ කතාව

මහාසාර කුලයෙහි උපන් උපසාළ්හක බමුණා කුලයෙන් ධනයෙන් හා බලයෙන් ඉහළ තත්ත්වයක ජීවත්වුණු කෙනෙකි. ඔහුගේ ජීවන වෘත්තිය වූයේ සොහොන් පිරිසුදු කිරීම යි.

මිසදිටු පුද්ගලයකු වූ ඔහු ඉතා ආසන්නයේ විහාරස්ථානයක වැඩ සිටි බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට කිසිදිනෙක එහි නොගියේ ය. මානාධික වංශාධිපතියකු වූ ඔහුගේ අවසන් එකම ඉල්ලීම වූයේ මියගිය විට වෙනත් (වසල නීච) කිසිවකු මිහිදන් නො කළ නො ඉඳුල් ස්ථානයක තම දේහය ආදාහනය කරන ලෙසයි.

ඔහුගේ පුතා නුවණැති පුද්ගලයෙකි. මහලු පියාගේ ඉල්ලීම සාවධානව අසා සිටි පුතණුවන් සිය පියාගෙන් ඉල්ලා සිටියේ පියාණෙනි, ඔබ ආදාහනය කළ යුතු ස්ථානයක් නො දනිමි. එබැවින් මා රැගෙන ගොස් මෙන්න මේ ස්ථානයේ මා ආදාහනය කළයුතු යැයි ඔබ විසින් ම කියනු මැනවි.

පිය බමුණා පුතාගේ ඉල්ලීම අනුව පුතාත් සමඟ ගිජුකුළු පව් මතට නැඟ මේ ස්ථානය වෙනත් කුලහීන පුද්ගලයකු ආදාහනය නො කළ ස්ථානයකි. දරුවෝ ද සිය ආදරණීය පියාගේ ඉල්ලීම ඉටු කරන්නට කටයුතු යෙදූහ. කිසිදු මළ මිනියක් නො දැමූ ගිජුකුළු පව්ව මස්තකයෙහි පිරිසුදු බිමක් යැයි සිතා වසර සිය ගණනක් පැරැණි මහා වනස්පතියක් මුල හොඳට පිරිසිදු කොට සිය පියාගේ දේහය ආදාහනය කරන්නට සුදුසු ස්ථානය තෝරාගෙන සිටිය දී බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය පිරිවරා ගෙන එතැනට වැඩම කළහ.

බුදුරජාණන් වහන්සේ පිය පුතු දෙදෙනාට සෝවාන් වීමට හේතු සම්පත් ඇති බව බුදු ඇසින් දුටහ. ගිජුකුළු පව්ව මුදුණේ සිට පහළට බසින්නා වූ පිය පුතු දෙදෙනා සමඟ සතුටු සාමීචියේ යෙදුණු බුදුරජාණන් වහන්සේ, ඔවුන් සමඟ පව්ව මතට නැඟ තෝරාගත් ස්ථානය විමසා බලා ඒ අවස්ථාවේ එතැන රැස්ව සිටි බමුණු දරුවන්ගෙන් තොරතුරු විමසා බලා බමුණු දරුවන් අමතා ‘දරුවෙනි, මළ මිනියක් මිහිදන් නො කළ නො ඉඳුල් තැනක් සොයා ගැනීම අතිශයින් ම දුෂ්කර ය. තොපගේ පියාණන් බමුණු කුලයෙහි පමණක් ඉපිද ඔය නමින් ම පමණක් ඔය ස්ථානයේ මිහිදන් කළ වාර ගණන පමණක් දාහතර දහස් වාරයක් වේ’යි වදාළ සේක.

   බක් අව අටවක 

 මැයි 03 සදුදා අපර භාග 13.39 අව අටවක ලබා 04 අඟහරුවාදා
අපර භාග 13.10 ගෙවේ.
සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 03  

Full Moonඅමාවක

මැයි 10

First Quarterපුර අටවක

මැයි 19

Full Moonපසළොස්වක

මැයි 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]