[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොරැල්ල ගෝතමී විහාරයේ බෞද්ධ සිතුවමට පණ පෙවූ ජෝර්ජ් කීට්

බොරැල්ල ගෝතමී විහාරයේ බෞද්ධ සිතුවමට පණ පෙවූ ජෝර්ජ් කීට්

" ගෝතමියේ බිත්තිපුරා කීට් මැවූ කිසිදු මානව රූපයක පැහැදිලි සොම්නසක සේයාවක් හෝ මද හසරැල්ලක් දෙනයනේ හෝ මුවගේ නොපැවසෙයි."


බොරැල්ල ගෝතමී විහාරයේ සිතුවම්

නූතන විහාර සිතුවම් සම්ප්‍රදාය පිළිබඳව අවධානය යොමුකරන විට බොරැල්ල ගෝතමී විහාරයට හිමි වන්නේ සුවිශේෂිී ස්ථානයකි. එම විහාරයේ සිතුවම්වලට මෙම සුවිශේෂීතාවය ලබාදුන් ඒ අපූරු සිත්තරා වන්නේ ජෝර්ඡ් කීට් මහතා ය.


ජෝර්ජ් කීට්

1901 අප්‍රේල් මස 17 වන දින මහනුවර දී උපත ලැබූ ජෝර්ජ් කීට් මූලික අධ්‍යාපනය පිළිබඳ එතරම් උනන්දුවක් නොපෙන්වා ඇති අතර කියවීමටත්, චිත්‍ර ඇ¼දීමටත් මහත් අභිරුචියක් දක්වා ඇත. මල්වත්ත විහාරස්ථානය ආසන්නයේ වාසය කළ ඔහුගේ සිත බාල කාලයේ සිටම බෞද්ධ දර්ශනය කෙරෙහි ඇදී ගියෙන් එය ගැඹුරින් හදාරන්නට විය. ලන්දේසි-ලාංකේය මව්පිය යුවලකගේ පුතකු වන මෙතුමා විසින් ලයනල් වෙන්ඩ් විසින් දිරිගන්වනු ලැබු නව්‍ය සෞන්දර්යවාදයේ අනුගාමිකයකු වු සී.එෆ්. වින්ග්සර්ගේ සමාශ්‍රයට භාජනය වූ “ආට් සොසයිටි” නම් චිත්‍රකලා සමාජයට බැෙඳන ලදී.

හෙතෙම කාව්‍ය රචනාවේ ද දක්ෂවු අතර ඔහු විසින් පබැදින ලද කවි එකතු දෙකක් “නිරුවත් අඳුර” සහ “නොපැමිණි පිළිරුව” යන නම් වලින් 1937 දී පළකර ඇත. 1940 දී ජෝර්ඡ් කීට් විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද ශීත ගෝවින්දය ඔහුගේම සිතුවම් සහිතව පළකරනු ලැබීය.

උඩවත්ත කැලේ (1929) සහ සංඝරාජ පිරිවෙන වැනි ස්ථානයන්හි ඔහුගේ ආදිම නිර්මාණ ජෝර්ජ් බ්‍රේක්, පැබ්ලෝ පිකාසෝ සහ ඇන්ඩ්රි ඩෙරේන් විසින් එවැනි විෂය වස්තු ඇ¼දීම සඳහා උපයෝගී කරගත් ශිල්පක්‍රමය සිහිපත් කරවන සුළුය. මොහුගේ චිත්‍රවලින් නව්‍ය ශෛලියක් මතුවන අතර ඉංග්‍රීසි, සංස්කෘත කාව්‍ය ආභාසය, හින්දු සංකල්ප, ග්‍රීක, ඛජුරාහෝ හා කොනැරක් මූුර්ති මෙන්ම අජන්තා හා භාග් චිත්‍ර සම්ප්‍රදායයන් කීට්ගේ නව කලා ශෛලියට පදනම් වී ඇති බවට මත තිබේ. (උල්ලුවිස්හේවා 2006:187)

43 කණ්ඩායමේ සාමාජිකයින් අතරින් වඩාත් ප්‍රසිද්ධ නුතනවාදී චිත්‍ර ශිල්පියා ජෝජ් කීට් බවට හඳුනාගන්නා අතර ඔහුගේ කෘතින්ගේ චිත්‍රමය භාෂාව එක් අතකින් නූතනවාදී ලක්ෂණ හා බැෙඳයි.

ජෝජ් කීට් සිත්තරාගේ විශිෂ්ඨතම නිර්මාණ ලෙස ගැනෙන්නේ බොරැල්ලේ ගෝතමී විහාරයෙහි බිතුසිතුවම් වන අතර මෙහි චිත්‍රකරණය 1940 නිමකර තිබේ. සුප්‍රකට දානපතියකු හා කලා අනුග්‍රාහකයකු වු හැරල්ඩ් පීරිස් මහතා විසින් ඔහුගේ මිත්තණියට පින් පණිස මෙම විහාරය ඉදිකරවා ඇත.

රූපයන් වටා දිවෙන රිද්මයානුකූල රේඛාවන්ද, සීමිත වර්ණ භාවිතයෙන් ද, සියුම් සැකසුමෙන් ද විශේෂිත වන මේ අපූර්වතම සිතුවම් බුද්ධ චරිතයේ විවිධ සිද්ධි අලලා නිර්මාණය කර තිබේ.

අජන්තා හා පොළොන්නරු සමූහ චිත්‍ර රචනාවල ආභාසය ලබා ඇති ගෝතමියේ සිතුවම් එක් එක් කථාංගයක් ඊළග එක සමඟ මනාව එකතු වී ඇත. කීට්ගේ මුල්ම අදහස වුයේ මෙහි සිතුවම් රේඛා පමණක් භාවිතයෙන් නිමකිරීම වුවද විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීම පිට එයට වර්ණ එකතු කිරීමට ඔහුට සිදු විය. සිතුවම් සඳහා තේමාවන් තෝරා ගැනීමේ දී පැරණි සිංහල සිත්තරුන් ගත් මඟ ගිය ඔහු බෞද්ධ තේමාවන් තම නිර්මාණ සඳහා විෂයය කරගෙන තිබේ.

ස්වකීය ස්වාධීන කලා ශෛලියේ අග්‍රගණ්‍ය නිර්මාණ රැසක් බිත්තියට මුදාහළ කීට් මහතා තම කලා ලෝකයේ උත්කෘෂ්ඨතම නිර්මාණ ගෝතමී විහාරයට බාරකර තිබේ.

නුතන ලාංකීය චිත්‍ර කලාවට නවතාවක් ද, අඛණ්ඩව ගලා ආ මෙරට විහාර බිතුසිතුවම් කලාවට නවතාවක් ද වූ මෙම සිතුවම් නුතන චිත්‍ර කලාව විෂයෙහි සුවිශේෂිත්වයෙන් කතා බහට ලක්වේ. අවුරුදු දහස් ගණනක අවිච්චින්නවු ඉතිහාසයක පටන් දිව එන මෙරට විහාර බිතුසිතුවම් කලාව අත්‍යන්තයෙන් ම බැඳී ඇත්තේ බෞද්ධාගම හා බුදු සිරිත කේන්ද්‍ර කර ගනිමිනි. ගෝතමියේ දී කීට් විසින් ද එම මහා සම්ප්‍රදාය අනුගමනය කරන ලදි.

ගෝතමියේ නූතන චිත්‍රය පිළිබද සාකච්ඡාවේදී කතාබහට ලක්වන මාතෘකාවක් වන්නේ ගෝතමිය පුරා දිවයන අපුර්ව රේඛා මාධුර්යයි (Liner Harmony). එය වූ කලි එතෙක් විහාර චිත්‍ර කලාව අරභයා සිත්තරුන් භාවිත කළ රේඛාවට වඩා පෙරළිකාර වූවකි. රේඛාව තරම් ම ප්‍රබල වූ, සිත් රංජනය කරන්නා වු වර්ණ සමුදායක් ද කීට් මහතා සතුව පැවතුණි. ගෝතමී විහාරයේ බිත්තිපුරා සැරිසරන මානව රූපයන්ගේ ජීවී බව, ලාලිත්‍ය ඉස්මතුකිරීමට එම වර්ණයන් ලබා දෙන්නේ ප්‍රබල දායකත්වයකි.

1963 කීට්ගේ චිත්‍ර කලා ප්‍රදර්ශනයක් නැරඹු මහාචාර්ය සිරිගුණසිංහ මහතා පවසා ඇත්තේ “කීට්ගේ සිතුවම් විවිධ වර්ණයන්ගෙන් බබළන චමත්කාරික ලෝකයකට ඔබ කැඳවාගෙන යයි” යනුවෙනි.

පැතලි රූප හැඩ තුළ ත්‍රිමාණ ලක්ෂණ දැක්වීම සඳහා කැඩුණු රේඛා උපයෝගී කරගෙන ඇති කීට් මහතා කාන්තා රූ සපුව චිත්තාකර්ෂණීයව පෙන්වා ඇත. ප්‍රේම ජවනිකා දැක් වු අයුරු සිදුහත් කුමරුගේ විවාහ මංගල්‍ය චිත්‍රයෙන් පැහැදිලිවේ.

මාර යුද්ධය චිත්‍රය පිකාසෝගේ ගුවර්නිකා චිත්‍රය සිහිගන්වන බව විද්වත් මතය වේ. පරිනිර්වාණය සිතුවමේදීවත්, ශෝකී අවස්ථාවන්ගෙන් පරිබාහිර වු මංගල්‍යමය අවස්ථාවන් නිරූපනය තුළදීවත් සතුට, සොම්නස සිය මානව මානවිකාවන් හෝ සමුහයට හෝ භික්ෂු, දෙව් බඹ පිරිසටත් ලබාදීමට ඔහු උත්සුක නොවුයේ මන්දැයි යන්න කලා විචාරකයන් තුළ මතභේදයට තුඩු දී ඇති ගැටලුවකි. ගෝතමියේ බිත්තිපුරා කීට් මැවූ කිසිදු මානව රූපයක පැහැදිලි සොම්නසක සේයාවක් හෝ මද හසරැල්ලක් දෙනයනේ හෝ මුවගේ නොපැවසෙයි. 1960 දි ඔහු කැන්වසයක නිර්මාණය කළ “සිත්තරාගේ ආදර්ශ නිරූපිකාවට” ලබාදුන් සුන්දර මදහස ගෝතමියේ කිසිවකුටත් නොදීමට වග බලාගත්තේ කුමන අදහසින් දැයි යන්න ගැටලුවකි.

නුතන චිත්‍රයේ එළිපත්ත දකිමින් කොළඹින් කරළියට පැමිණි ජෝජ් කීට් ඝෝෂාකාරී කොළඹ නගරය හැරදමා උඩරට නිසංසල ගැමි පරිසරයට පැමිණීම සුවිශේෂත්වයකි. ස්වකීය ජීවිතයේ නිදහසත්, බෞද්ධාගමික ලැදියාවත් ජෝජ් කීට් උඩරට සේන්දු කරන්නට ප්‍රබල හේතුවක් වන්නට ඇත. 1950 දී මාර්ටින් රසල් විසින් සම්පාදිත ජෝජ් කීට් පිළිබඳ ග්‍රන්ථය පළවීම කීට්ගේ ජාත්‍යන්තර කීර්තිය වර්ධනය කිරීමට හේතුවී තිබේ. උපතින් වෙනත් ආගමකට අයත් වුව ද බෞද්ධ හා හින්දු දර්ශනයෙහි නිමග්නවී ශ්‍රේෂ්ඨ කලා නිර්මාණ විශාල සංඛ්‍යාවක් නිර්මාණය කිරීමට හැකිවීම ඔහුගේ විශිෂ්ටතාව වේ.

  මැදින් අමාවක 

 අප්‍රේල් 11 ඉරිදා පූර්වභාග 06.03 ට අමාවක ලබා 12 සඳුදා පූර්වභාග 08.00ට ගෙවේ.
ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 11

First Quarterපුර අටවක

අප්‍රේල් 20

Full Moonපසළොස්වක

අප්‍රේල් 26

Second Quarterඅව අටවක

මැයි 03  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: bu[email protected]