[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මොරටුව එගොඩඋයන විදර්ශනාරාම මූලමහා විහාරය

දෙස් විදෙස් සුපතළ මොරටුව එගොඩඋයන විදර්ශනාරාම මූලමහා විහාරය

විදර්ශනා මූල මහා විහාරස්ථානය ආරම්භ කර තිබෙන්නේ 1876 වර්ෂයේ දී ය. යාලේගම සෝභිත තිස්ස මාහිමියන් ආරම්භක විහාරාධිපති විය. කාගේත් සිත් පහදවන ශ්‍රමණ ආකල්පවලින් සුපෝෂිත ව සිටි උන්වහන්සේ දායක කාරකාදීන්ගේ ආගමික අවශ්‍යතාවයන් ද නොපිරිහෙලා ඉටු කරමින් උතුම් පැවිදි ජීවිතයක් ගත කර ඇත. ඒ පිළිබඳව මහත් සේ පැහැදුණු ග්‍රාම වාසීන් උන්වහන්සේට සිව්පසයෙන් උපස්ථාන කරන්නට විය. තාවකාලික පොල් අතු මඩුවක් තුළ ජීවත් වූ සෝභිත තිස්ස හිමියන්ට දායකයින් විසින් ස්ථිර සංඝාවාසයක් තනවා පූජා කරන ලදී. පසුකාලීන ව විහාරස්ථානය තුළ බෝධි රෝපණයක් හා බුද්ධ මන්දිරයක් ඉදිකිරීම සඳහා උන්වහන්සේ මුල පිරීය. ඒ අනුව ඉතා අලංකාර බුද්ධ මන්දිරයක් ද ඉදිවිය. එසේ ඉදිවූ බුද්ධ මන්දිරය තුළ බිතු සිතුවම් ඇඳීමේ කාර්යයට අනගාරික ධර්මපාල තුමන්ගේ ඥාති පිරිසක් ඉදිරිපත් විය. ඒ අනුව නීල් හේවාවිතාරණ මැතිතුමා, දයා හේවාවිතාරණ මැතිණිය, රාජා හේවා විතාරණ මැතිතුමා, රාජාහේවා විතාරණ මැතිණිය, ඇඩ්මන් හේවා විතාරණ මැතිතුමා , ඩී.එල්. ජයතිලක මැතිණිය, සුමනා ජයසූරිය මැතිණිය යන අයගේ ධන පරිත්‍යාගයෙන් එම බිතු සිතුවම් ඇඳ තිබෙන අතර ඒ පිළිබඳව බුද්ධ මන්දිරයේ ලිඛිතව සඳහන් වේ.

  මැදින් අමාවක 

 අප්‍රේල් 11 ඉරිදා පූර්වභාග 06.03 ට අමාවක ලබා 12 සඳුදා පූර්වභාග 08.00ට ගෙවේ.
ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 11

First Quarterපුර අටවක

අප්‍රේල් 20

Full Moonපසළොස්වක

අප්‍රේල් 26

Second Quarterඅව අටවක

මැයි 03  


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]