[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොසොල් රජු බුදුරදුන් හමුවීම

  දුරුතු අමාවක 

  පෙබරවාරි 11 බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.09 න් අමාවක ලබා 12 සිකුරාදා පූර්ව භාග 00.35 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 11

First Quarterපුර අටවක

පෙබරවාරි 19

Full Moonපසළොස්වක

පෙබරවාරි 26

Second Quarterඅව අටවක

මාර්තු 06

ධර්ම දේශනාව:

යහපත් මඟට පය තැබුවත් එහි යන්නට සිත නො දෙන්නේ ඇයි?

උපනීයතී ජීවිතමප්පුමායු - ජරූපනීතස්ස නසන්ති තාණා - ඒතං භයං මරණෙ පෙක්ඛමානො - පුඤ්ඤානි කයිරාථ සුඛාවහාති, සුපින්වත්නි,සුගත තථාගත අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන මහා විහාරයෙහි වැඩවසන සමයෙහි වයෝවෘද්ධ බමුණන් දෙදෙනකු අරභයා මෙම ගාථා ධර්මය දේශනා කළ සේක. මෙම බමුණන් දෙදෙනා ම අසූ වයස් ඉක්ම වූහ. වෙව්ලන ශරීර ඇත්තෝ වූහ. එහෙත් තම දරුවන් විසින් නිවෙස්වලින් පිටමං කරනු ලැබීය. බමුණන් දෙදෙනා අසරණ ව, මහ මඟට වැටුණහ. අපට පිහිටවන කිසිම කෙනෙකු නැත. බුදුරජාණන් වහන්සේගෙන්වත් පිහිටක් ලැබෙන්නේ නම් කෙ තරම් වාසනාවක් දැයි සිතා ජේතවනාරාමයට පිය නැඟූහ. ඉතා වෙහෙසකර ගමනින් දෙව්රම් වෙහෙරට ගිය මෙම බමුණෝ දෙදෙන බුදුරදුන් වෙත පැමිණ වැඳ නමස්කාර කොට තමන්ගේ අදහස් ප්‍රකාශ කළහ. “අප දෙදෙනාම කුඩා කල පටන් යහළු මිත්‍රයන් වශයෙන් හැදී වැඩුණෙමු. තරුණ වයසේ දී විවාහ ජීවිතයට පත්වූයෙමු. දූදරුවන් හැදුවෙමු. ඔවුන් සමඟ ද පී‍්‍රතිමත්ව සිටි නමුත් පිනක් දහමක් කර ගැනීමට තරම් සිත් පහළ නො වීය. අපි දෙදෙනාම දැන් අසූ වයස් ඉක්මවා සිටින්නෙමු. කිසිම දෙයක් කරන්නට ශාරීරික ශක්තියක් නැත. මානසික පී‍්‍රතියක් හෝ නැත. අපේ දූ දරුවෝ අප දෙදෙනාම නිවෙස්වලින් පිටමං කළහ. එබැවින් මහමඟ. අසරණව ගමන් කළෙමු. එකම පිහිට භාග්‍යවතුන් වහන්සේ බව කතා කරගෙන අපි දෙදෙනම මෙහි ආවෙමු" යැයි ප්‍රකාශ කළහ. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මෙම බමුණන් දෙදෙනාගේ වයසට හා අපේක්ෂාවන්ට යෝග්‍ය පරිදි අනාගත ජීවිතයට සැපගෙන දෙන්නා වූ මෙම ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක.


මිනිස්කමට ණය නොවන මිනිසෙක් වන්න

දිනක් කොසොල් රජු මහ දවල් බුදුරදුන් වෙත පැමිණියේ ය. “මම සැවැත්නුවර මියගිය සිටුවරයාගේ අසූ ලක්ෂයක් රන් හා අති විශාල රිදී සම්භාරය රාජ්‍ය භාණ්ඩාගාරයට ගෙනවිත් දැමුවෙමි’ යි කීවේ ය. මියගිය සිටුවරයා කිසිවකුට කිසිවක් නොදුන් අතර, ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කළේ ය. ඒ අවස්ථාවේ බුදුරදුන් දේශනා කළේ අසත්පුරුෂයාට කෙතරම් ධනයක් ලැබුණත් ඔහු ප්‍රයෝජනයට නොගන්නා බව ය. අනෙකෙකුට ලබා නොදෙන බව ය. තම දියුණුවට හෝ නොයොදන බවය. ලැබෙන සම්පත් පරිහරණය කිරීම පිළිබඳ බොහෝ ඉගැන්වීම් බුද්ධ දේශනාව තුළ නොඅඩුව ඇත. අවශ්‍ය වන්නේ ඒ සඳහා ප්‍රායෝගික වටින කමක් ලබබාදීම පමණි. ජීවිතයේ ශක්තිමත්ම කාලයේ දී එය කළ හැකිව තිබිය දී එසේ නො කිරීම අභාග්‍යයකි. බුදු දහමේ නිරන්තරව ම දේශනා වන්නේ සමජීවිකාවෙන් යුක්තවන ලෙස ය. ලැබෙන දේට අනුව වියදම තීන්දු කළ යුතු ය. එසේම තමන්ට යමක් තිබියදී තම මූලික අවශ්‍යතාටික හෝ සිදුකර නොගැනීම නොවැදගත් ය. මුදල් ඉපයීමේ දී එය වියදම් කිරීම පිළිබඳව හඳුනාගත යුතු ය. සාමාන්‍යයෙන් පවසන්නේ වියදම් කිරීමට නොදන්නේ නම් හම්බකරන්න එපා යන්නයි. එහි ලොකු සත්‍යතාවයක් ඇත. ඇතැම් තරුණ ජීවිත තම ජීවිතයේ හරය සොයා නොගන්නේ ඉහත කාරණය පිළිබඳ හරි හැටි අවබෝධයක් නොමැති නිසාවෙනි. ධර්මයට අනුව ලද ධනය කොටස් හතරකට බෙදා පාලනය කළ යුතු ය.


පීඩාකාරී අතීතය අතහරින්න සතුටින් ජීවිතයට මුහුණ දෙන්න

බොහෝ දෙනෙක් එළඹි මොහොතට සෑම විටම උත්සාහවත් වන්නේ සැනසීම හෝ සතුට සෙවීමට ය. එසේත් නැතහොත් සාර්ථකත්වයක් ලබා ගැනීමටය. මෙම අරමුණු ඉලක්ක ගතව ජීවත්වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු ප්‍රධාන දෙයකි. ඒ අතීතය පිළිබඳ ශෝක නොවීම ය. එසේත් නැතිනම් අතීතය අත්හැර දැමිම ය. මෙහිදී අත්හැරිය යුතු අතීතය වන්නේ කුමක් ද? තමන් පීඩාවට පත් කරන, වේදනාවට පත් කරන, කණස්සල්ලට පත් කරන, අකර්මන්‍යයට පත් කරන අතීත සිදුවීම්ය, පුද්ගලයන් ය. වස්තූන්ය. යන මේවා ය. ඔබ පීඩාවට පත්කරමින් ගෙවී අවසන් වූ සිදු වීමක්, නැවත නැවත, දිනපතා ආවර්ජනය කරන්නේ නම්, සෑම විටම ඔබ ජීවත් වන්නේ එම අප්‍රියජනක සිදුවීම තුළ ය. එමඟින් උදාවී ඇති අද දවස හෝ උදාවන්නට ඇති හෙට දවස තුළ ඔබේ ගමනාන්තයට යාමට ඉඩ ලබා නොදෙයි.ඔබ යම් කිසි බරක් ඔසවාගෙන සිටී නම්, එම බර ඔසවාගෙන සිටින සෑම තත්පරයක ම එහි බර දැනීමෙන්, ඒ පීඩාවෙන් ඔබ ඉතා වෙහෙසට, දුකට පත් වේ. ඔබට අවශ්‍ය නම් ඒ බරින් නිදහස් වීමට අනිවාර්යයෙන් ම බර බිම තැබිය යුතු ම ය. වේදනාකාරී අතීතය ද එසේ ම ය. ඔබට අවශ්‍ය සිතේ සැනසීම හෝ දියුණුව නම් වේදනාකාරී අතීත බර බිමට දමන්න. එය විසි කර ඔබ අද දවස තුළ කටයුතු කිරීම ආරම්භ කරන්න.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]