[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මල් පිපෙන සදහම් අරණ

සුන්දර මගෙ රට

මගේ රට ශ්‍රී ලංකාවයි. එය ඉතා සුන්දර රටකි. ඉන්දියන් සාගරයේ මුතු ඇටය යනුවෙන් ද එය හඳුන්වයි. ඉන්දියන් සාගරයෙන් වට වී ඇති ශ්‍රී ලංකාව සුන්දර මුහුදු වෙරළක් ඇති, හොඳීන් හිරු එළිය වැටෙන සීතල සහ උෂ්ණත්වය සම ව ඇති රටකි. එසේම විශාල වනාන්තර, කඳු, බෑවුම්, තැනිතලා, මිටියාවත්, ගංගා, ඇළ, දොළ ආදියෙන් පෝෂණය වූ අප රට සැබවින්ම සුන්දර ය.

මහවැලි, කැලණි, කළු, වලවේ ආදී ගංගා සමනල කන්දෙන් ඇරඹී මුහුදට ගලා යයි. ඒ ජල කඳ කඳු මතින් හැපෙමින් පෙණපිඬු, දිය රැළි නංවමින් ගලා යන ආකාරය ලංකාවේ සුන්දරත්වය තව තවත් වැඩි කරයි. මෙවැනි ගංගා , ඇළ,දොළ වැව්, පොකුණු ආදියෙන් ජලය ලබාගෙන පෝෂණය වන කුඹුරු මද සුළඟට සෙ‍ළවෙන විට ඉතා සුන්දර ය.

****

චූල සුභද්‍රා

අනේපිඬු සිටුතුමාට චූල සුභද්‍රා, මහා සුභද්‍රා, සුමනා කියා දියණියන් තිදෙනෙක් සිටියා. එයින් චූල සුභද්‍රාව උග්ග නම් සිටුවරයාගේ පුතාට ආවාහ කර දුන්නා. උග්ග සිටුතුමාගේ පවුලේ සියලු දෙනාම නිගණ්ඨනාථපුත්තගේ දායකයෝ වුණා. දිනක් සිටුවරයාගේ නිවසට නිගණ්ඨයන් දානයකට ආවා. චූල සුභද්‍ර දානය බෙදීමටවත්, ඔවුන් දැකීමටවත් ආවේ නැහැ.

ඇය නිතරම ඉතා මිහිරියට මහා සංඝරත්නයේ ගුණ වර්ණනා කළා. එයින් පැහැදීමට පත් උග්ග සිටුතුමා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දානයක් පූජා කිරීමට ඇයට අවස්ථාව ලබා දුන්නා. එදා ඇය බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයක් පූජා කළා. දානයෙන් පසු භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කළා. උග්ග සිටුතුමා ඇතුලු පවුලේ සියලුම දෙනා තෙරුවන් සරණ ගියා. චූල සුභද්‍රා නිසා උග්ග සිටුතුමාගේ ඥාතීන් සියලුම දෙනාටම යහපත සැලසුණා.

****

රැවටීම

ඈත අතීතයේ දී අප මහා බෝසතාණන් වහන්සේ ඇත් කුලයක නායකයා ව උපන්නා. එකල්හි ඒ වනයේ වැද්දකු ද වාසය කළා. මේ වැද්දා ඇතුන්ගේ දළ කපා විකුණා ජීවත් වුණා. දවසක් මේ වැද්දා දුටුවා තාපස උතුමෙකුට ඇත්තු සියලුම දෙනා වන්දනා කරනවා. දිනක් තාපසතුමා සිවුර ඉවුරෙන් තබා ස්නානය කරනවා මේ වැද්දා දුටුවා. ඔහු ඒ සිවුර ‍සොරකම්කර එය ශරීරයේ දවටාගෙන තාපසතුමාගේ ආරාමයට ගියා. ඇත්තු මේ තාපසතුමා යැයි සිතා වන්දනා කළා. අවසානයට එන ඇතාට වැද්දා ඊතලයෙන් විද මරා දළ කපා ගත්තා. බෝසත් ඇතාට තේරුණා තමාගේ රැලේ ඇතුන් අඩු බව. ඒ වගේම ඒ ඇතා දැනගත්තා ඒ සිටියේ තාපසතුමා නො වන බව. එනිසා අපි කිසි දිනෙක ප්‍රාණඝාතය නො කරමු.

****

වැඩිහිටියන්ට ගරු කරමු

වයසින්, දැනුමෙන් හා අත්දැකීම්වලින් මුහුකුරා ගිය පිරිස වැඩිහිටියන් ලෙස හඳුන්වයි. බුදු දහමෙහි වැඩිහිටියන්ට ගරු කළ යුතු බව පෙන්වා දී තිබේ. අපගේ වැඩිහිටියන් කුඩා කල සිට ආහාරවලින්, දැනුමෙන් අප පෝෂණය කරමින් සමාජයේ යහපත් පුරවැසියන් ලෙස ‍ජීවත්වීමේ අඩිතාලම දමමින් අප ශක්තිමත් කරයි. පැවිදි උතුමන් සේ ම අපගේ ආච්චි, සීයා වැනි වැඩිහිටි පරම්පරාව ද අපගේ අධ්‍යාත්මය සුවපත් කරමින් යහපත් පුද්ගලයකු බිහි කරන්නට උත්සාහ කරයි.

එහෙත් අද සමාජයේ දුක්ඛිත කරුණ නම්, කළගුණ නොදත් සමහර දරුවන් විසින් තමන්ට උපකාර කළ වැඩිහිටියන් අමතක කර ඔවුන් මහලු මඩම්වලට දමා අනන්ත දුක් දෙනු ලැබීමයි. අපි වැඩිහිටියන්ට ගරු කරමින් උවටැන් කරමින්, අපගේ යුතුකම ඉටු කරමු.

****

රටට සම්පත

පිටත ලස්සන ස්වරූපය ඇත හදවතේ නැත ලස්සනක්
කෙනකු රවටන මුසා පවසන මුළා කරනා කතාවක්
උරුම කරගෙන දිවිය ගෙවනා කෲර වූ මිනිසුන් රැසක්
අතර සිටිමින් ‍පිනෙහි යෙදෙනා‍ කෙනා රටකට සම්පතක්

කරන පව්කම් කරන පින්කම් එනව අප හැම පසුපසින්
ඒක දැනගෙන කාලෙ ගෙව්වොත් එකට අප හැම සෙනෙහසින්
සසර කෙටිවෙයි හැම දෙනාගෙම නැවත උපතක් නැති ලෙසින්
නරක වැඩ නො කර කරමු අපි පින්කම් එකතුවෙන්

****

බෝධින් වහන්සේ

****

බුදු හාමුදුරුවෝ

  උඳුවප් අමාවක
පෝදා 

 ජන 12 අඟහ අ.භා 12.22 අමාවක ලබා 13 බදාදා පූ.භා. 10.29 ගෙවේ
අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 12

First Quarterපුර අටවක

ජනවාරි 20

Full Moonපසළොස්වක

ජනවාරි 28

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]