[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

35 වසරක් සපිරෙන නන්දන මහ පිරිවෙන

ලක්දිව පුරා ධර්ම ශාස්ත්‍රාලෝකය විදහා පෑ අග්‍රගණ්‍ය විද්‍යස්ථාන අතුරින් කැස්බෑව නන්දන මහ පිරිවෙනට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. 1917 වර්ෂයේ දී කුඩා ආවාසයකින් ඇරඹී නාවින්නේ ශ්‍රී දේවානන්ද, මලිගස්පේ ශ්‍රී සෝමානන්ද හා පොල්හේනේ ජිනරතන යන මාහිමිපාණන් වහන්සේලාගේ මූලිකත්වයෙන් සංවර්ධනය වූ විජයසුන්දරාරාමය සියලු විහාරාංගවලින් සමන්විත පන්සලක් බවට පත් කර ඇත. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ මහෝපාධ්‍යාය ධූරය හොබවා වදාළ, ශාස්ත්‍රපති කඹුරුපිටියේ නන්දරතන මාහිමිපාණන් වහන්සේ නන්දන පිරිවෙනේ ආදි කර්තෘන් වහන්සේ වෙති. ”පිරිවෙනක් ආරම්භ කිරීම හා පවත්වාගෙන යෑම අතිශයින් දුෂ්කර වුවත්, සම්බුදු සසුනේ හා සිංහල ජාතියේ ජීවය බඳු පිරිවෙන තුළින් රටට,ජාතියට හා සසුනට සිදු වන්නා වූ මෙහෙවර පිළිබඳව සලකා එවැනි දුෂ්කර කාර්යයකට අත ගැසීමට මම නොපසුබට වෙමි” යන උදාර තේමාව සම්බුදු සසුනේ චිර පැවැත්ම කෙරෙහි උන්වහන්සේ තුළ වූ ආකල්පය ප්‍රකට කරන්නකි. 1985.08.01වන දින සිසුන් 13දෙනෙකුට අත් පොත් තබමින් නන්දන පිරිවෙන මූලික පිරිවෙනක් වශයෙන් අරඹන ලදි. අත්පොත් තබන ලද්දේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහාසංඝ සභාවේ මහානායක ලබුගම ශ්‍රී ලංකානන්දාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ විසිනි. කඹුරුපිටියේ නන්දරතන මාහිමියෝ සමස්ත ලංකා පිරිවෙන් පරීක්ෂක ධූරය දරමින් ලද අත්දැකීම් අනුසාරයෙන් හා උන්වහන්සේ අධ්‍යාපනය ලද ලක්දිව පතළා වූ කීර්තිමත් විද්‍යස්ථානයක් වන මොල්ලිගොඩ ප්‍රවචනෝදය මහ පිරිවෙන පූර්වාදර්ශකොට ගනිමින් නන්දන පිරිවෙන මූලික පිරිවෙනක් ලෙස සංවර්ධනය කළහ.


  උඳුවප් අමාවක
පෝදා 

 ජන 12 අඟහ අ.භා 12.22 අමාවක ලබා 13 බදාදා පූ.භා. 10.29 ගෙවේ
අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 12

First Quarterපුර අටවක

ජනවාරි 20

Full Moonපසළොස්වක

ජනවාරි 28

Second Quarterඅව අටවක

පෙබරවාරි 04


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]