[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මල් පිපෙන සදහම් අරණ

සතුන්ට ආදරය කරමු

ගිහියාගේ නිත්‍ය සීලය වන පංචසීලයෙහි පළමු ශික්ෂාපදය තුළින් සියලු සත්ත්වයන්ට මිහිකත තුළ වාසය කිරීමට ඇති අයිතිය සුරකියි. එහෙත්,

වර්තමානයේ ඇතැම් මිනිසුන් සතුන් ඝාතනය කොට මස් වෙළෙඳාම සිදු කිරීම සිය ජීවනෝපාය බවට පත්කරගෙන ඇත. එහෙත්, බුදු දහම තුළ නොකළ යුතු වෙළෙඳාම් අතරට මාංශ වෙළෙඳාම, ඇතුළත් කොට ඇත්තේ ද සත්ත්ව හිංසනය පිටු දැකිය යුතු නිසාය.

බොදු ගිහියන් වශයෙන් අප අපා, දෙපා, සිවුපා, බහුපා සියලු සත්ත්වයන් විෂයයෙහි මෛත්‍රිය, කරුණාව, සෙනෙහස දැක්විය යුතු ය. එවිට ඔවුහු ද පෙරළා අපට ආදරය දක්වති. මේ බව නන්දිවිසාල ජාතකය තුළින් ද ගම්‍ය වේ.

එසේම, සතුන් කුඩුවල සිර නොකර නිදහසේ සිටීමට ඉඩදිය යුතු ය. සත්ත්ව හිංසනය තුළින් මෙලොව, පරලොව විඳීමට සිදුවන අනිටු ඵල විපාකයන් සමාජයට පහදා දෙමින් සියලු සතුන්ට නිදහසේ දෑත දිගු කරමින්, කරුණා හදවතින් ඔවුන්ට ආදරය කිරීමට අපි අදිටන් කර ගනිමු.

****

පරිසරය රැක ගනිමු

පසුගිය වසරේ දී අපට අසන්නට ලැබුණු චීනයේ වූහාන් නගරයෙන් මතු වූ කොවිඩ් 19 නම් විෂඝෝර සර්පයකු වන් භයානක වෛරසය දැන් මුළු ලොවම තම මුව තුළට ගෙන හමාර ය.

සාගර විද්‍යාඥයින් පවසන්නේ සාගරයේ වෙසෙන මුළු ජීවීන් සංඛ්‍යාව අභිභවන තරමට එයට මුදාහළ ප්ලාස්ටික් ප්‍රමාණය වැඩි වී ඇති බවයි. භූ විද්‍යාඥයින් පවසන්නේ පෘථිවියට දැරීමට අපහසු තරම්, ඛනිජ සම්පත් සෙවීමට මිනිසා මිහිකත හාරා දමා ඇති බවයි.

දේශගුණික විපර්යාසයන් ගැන සොයා බලන විද්‍යාඥයන් පවසන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා දිනෙන් දින ඉහළ යන උෂ්ණත්වයෙන් ධ්‍රැවක හිම තට්ටු දියවී පහත් බිම් විශාල ගණනක් නුදුරු අනාගතයේ දී මුහුදට සේදී යන බවයි.

මිනිසාගේ අත්තනෝමතික ක්‍රියා කලාපය නිසා මිනිසාත්, සතුනුත්, සමස්ත ජීව ලෝකයත් විනාශයට ගොස් ඇති බව මනාව පෙනේ.

බුද්ධ දේශනාවේ සඳහන් පරිදි මානවවාදී, පරිසර හිතකාමී ගුණය අපගේ ආධ්‍යාත්මය නැවත මතුකර ගත යුතු ය. බුදුවරු පහළ වන මේ උතුම් මිහිකත රැකගත යුතු ය.

****

ආදර අම්මා

පළමුව අයන්න කියලා දුන්නා
දෙවනුව පෙර පාසල වෙත යන්නා
තෙවනුව පාසල වෙතට දුවන්නා
පසුපස ආවේ ආදර අම්මා

****

වැඩිහිටියන්ට ගරු කරමු

පෙර හිමාල වනයෙහි වටුවෙක්, වඳුරෙක් හා ඇතෙක් වාසය කළහ. ඒ කැලයේ හොඳින් වැඩී තිබුණ නුග ගසක් විය. මේ තිදෙනාට ඕනෑ වුණේ ඔවුන්ගෙන් වැඩිමල් තැනැත්තා කවුදැයි කියා සොයා ගෙන ගරුසත්කාර කිරීමට ය. මේ නුග ගස වැඩිපුරම කාලයක් දන්නා කෙනා කවුරුද කියා සොයා බැලූ විට වැඩිපුරම කාලයක සිට දැන හඳුනන්නේ වටුවා ය. එනිසා අලියා සහ වඳුරා වටු කුරුල්ලාට ගරු සත්කාර කළෝ ය.

වටුවාගෙන් ඒ දෙදෙනා අවවාද අනුශාසනා ලබා ගත්හ. සතුන් අතරත් වැඩිහිටියන්ට ගරු කිරීමක් වේ නම්, සතුන්ට වඩා දියුණු මනසක් ඇති අපට වැඩිහිටියන්ට ගරු කරන්නට නොහැකි ඇයි? යමෙක් සීලයෙන්, ගුණයෙන් යුතුනම් ඔහු සීල වෘද්ධ සහ ගුණවෘද්ධ නම් වේ. කුල දෙටුවන් පිදීම යහපත් ක්‍රියාවකි. මරණින් පසු සුගතිගාමී මාර්ගයට යෑමට ද හැකි වේ.වැඩිහිටියන්ට ගරු කරන පුද්ගලයාට සියලු දෙනාගේම පිහිට ආශිර්වාදය ලැබේ. වැඩිහිටියෝ, අප කුඩා කාලයේ සිට ම රැක බලා ගනිති. ඔවුන් මහලු වූ පසු අපි ඔවුන් හොඳින් රැක බලා ගනිමු.

****

අපේ දහම් පාසල

පන්සිල් සුරැක ඉසිකෝමන් බිඳලන්න
සිත්මල් පුබුදුවා පින්කම් කරගන්න
තුන්කල් එක සිතින් සම්බුදු මඟ යන්න
පන්සල් බිමේ දම් පාසල වෙත එන්න

තෙරුවන් ගුරු දෙගුරු වැඩිහිටියන් වඳින
දුසිරිත් ඉවතලා සුසිරිත් ගුණ වඩන
පින්බර දේශයේ පින් සිතුවිලි පුරන
බෝසත් දරු කැළකි දම් පාසලේ සිටින

****

ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීම

****

සංඝමිත්තා තෙරණින් වහන්සේගේ වැඩමවීම

  උඳුවප් පුර
පසළොස්වක 

දෙසැම්බර් 29 අඟහරුවාදා පූර්වභාග 07.54 න් පසළොස්වක ලබා 30 බදාදා පූර්වභාග
8.58 න් ගෙවේ.
අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29

Second Quarterඅව අටවක

ජනවාරි 06

Full Moonඅමාවක

ජනවාරි 12

First Quarterපුර අටවක

ජනවාරි 20

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]