[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උරුලෑවත්තේ ධම්මසිද්ධි ශ්‍රී අත්ථදස්සි ධම්මරක්ඛිත නා හිමි

උරුලෑවත්තේ ධම්මසිද්ධි ශ්‍රී අත්ථදස්සි ධම්මරක්ඛිත නා හිමි

ලක්දිව ප්‍රථම සම්බුද්ධ පාදශ්පර්ශයෙන් පවිත්‍ර රාජපූජිත ඓතිහාසික මහියංගන රාජමහා විහාරය, අලව්ව, හුම්බුළුව රාජමහා විහාරය, මාතලේ උරුලෑවත්ත පුරාණ විහාරය, ගිරාඳුරුකෝට්ටේ, ගින්නොරුව විජයසුන්දරාරාම විහාරය, මහියංගනය මහා ශාඛ්‍ය මුනි මහා විහාරය හා මහනුවර අස්ගිරි මහා විහාරයේ උරුලෑවත්ත පන්සල යන විහාරයන්හි විහාරාධිපති ධුරය දරන්නේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ඡ්‍යොෂ්ඨ කාරක සංඝ සභික මහෝපාධ්‍යාය අතිපූජ්‍ය උරුලෑවත්තේ ධම්මසිද්ධි ශ්‍රී අත්ථදස්සි ධම්මරක්ඛිතාභිධාන නාහිමියන්ය.

1951 ජනවාරි මස පළමුවන දින මාතලේ යටවත්ත, උරුලෑවත්ත ග්‍රාමයේ පනාගමුව වලව්වේ සේනානායක මුදියන්සේලාගේ සෙනවිරත්න නිළමේතුමාගේ හා හේරත් මුදියන්සේලාගේ ඩිංගිරි අම්මා මෑණියන්ගේ කණිටු පුත්‍රයා ලෙස මෙලොව එළිය දුටු අප නාහිමිපාණන් වහන්සේ මෑණියන්ගේ අභාවයෙන් පසු පියතුමාණන් හා ඥාතීන්ගේ අවසරයෙන් සත් හැවිරිදි වියේ දී උඩුරාවණ ශ්‍රී ධම්මානන්ද මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ හා අස්ගිරි පාර්ශ්වයේ විසි එක්වන මහානායක ගලගම ශ්‍රී අත්ථදස්සි මහානායක මාහිමිපාණන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයා වශයෙන් ආචාර්යත්වයෙන් යටවත්ත උරුලෑවත්ත පුරාණ විහාරයේ දී පැවිදි වූහ. විසි වයස් පිරුණු පසු 1972 වෙසක් මාසයේ දී ගොඩමුන්නේ ශ්‍රී නාගසේන මහානායක මාහිමිපාණන් වහන්සේ උපාධ්‍යාය කොට අස්ගිරි මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාවට පත් වූහ.

මාතලේ ධර්මරාජ මහා පිරිවෙන දෙල්ගොඩ කල්‍යාණ ප්‍රදීප විද්‍යායතන පිරිවෙනින් ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය සිදු කර උසස් අධ්‍යාපනය නිට්ටඹුව ශාරිපුත්ත ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් ලබන්නට විය. උසස් අධ්‍යාපනයෙන් අනතුරුව 1978 වර්ෂයේ පුහුණු ගුරුවරයෙකු වශයෙන් මාතලේ පමුණුව විද්‍යාලය, ගිරිහාගම විද්‍යාලය, කටුගස්තොට රාහුල විද්‍යාලය, මහනුවර වාරියපොල ශ්‍රී සුමංගල විද්‍යාලය, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය යන විද්‍යාලයන්හි බුද්ධ ධර්මය විෂය පමණක් නොව ගණිත හා විද්‍යා විෂයයන්වලින් ඉගැන්වීම් සිදු කළේ ය.

අස්ගිරි පාර්ශවයේ වැඩ සිටි පාලිපාන ශ්‍රී චන්දාන්ද මහානායක මාහිමිපාණන් වහන්සේ 1980 වර්ෂයේ දී කර්මාචාර්ය පදවියෙන් හහා 1994 වර්ෂයේ දී විංශත් වර්ගික කාරක මහා සංඝ සභාවේ කාරක සභික පදවියත්, උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් නියෝජ්‍ය ලේඛකාධිකාරී පදවියෙන් ද 2007 වර්ෂයේ දී ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික පදවියන් ද වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහා නාහිමිපාණන් වහන්සේගෙන් 2016 වර්ෂයේ දී මහෝපාධ්‍ය පදවියෙන් ද පිදුම් ලබන්නට පුණ්‍යවන්ත වූහ.

2000 වර්ෂයේ දී ස්වකී ආචාර්යෝත්තම ගලගම ශ්‍රී අත්ථදස්සි මාහිමිපාණන් වහන්සේ අනුනායක පදවිය හා ඓතිහාසික මහියංගනය රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති පදවියට පත් වූහ. ඉක්බිති අප කතානායකයාණන් වහන්සේ මහියංගන රාජමහා විහාරයේ අභිවෘද්ධිය වෙනුවෙන් විහාරාධිපති ගලගම ශ්‍රී අත්ථදස්සි මහානායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි මහත් පිබිදීමක් ඇති කරන්නට උන්වහන්සේ මහත් කැප කිරීමක් කළහ.

  උඳුවප් පුර
පසළොස්වක 

දෙසැම්බර් 29 අඟහරුවාදා පූර්වභාග 07.54 න් පසළොස්වක ලබා 30 බදාදා පූර්වභාග
8.58 න් ගෙවේ.
අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29

Second Quarterඅව අටවක

ජනවාරි 06

Full Moonඅමාවක

ජනවාරි 12

First Quarterපුර අටවක

ජනවාරි 20

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]