[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

මහ රහතන් වහන්සේ භාවනායෝගී ව වැඩ සිටි වාරණ රාජ මහා විහාරය

වළගම්බා රජතුමාගෙන් පසුව ද වාරණ රාජ මහා විහාර පින් බිමට රාජ්‍ය අනුග්‍රහය අඩු නො වුණු බවට මේ උඩ මලුවේ විහාර මන්දිරය කදිම සාක්ෂි සපයන්නේ ය. සැතපුම් ගණනක දුරින් එක් පසෙකින් පෙනෙන දසුන ලොව්තුරු බුදු පියාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලද සමනොළ ගිරි මුඳුන ය. අනෙක් පස ඇත්තේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ විරාජමාන ව වැඩ සිටින සෙංකඩගල පුරවරය ය. හාත්පස ඇති වනාන්තරයත්, ඊට මැදිව ඇති කුඹුරු යායත් ,අහස් කුසට එසැවුණු ගොඩනැඟිලිවලින් ඉදිවෙන කොලොම්පුරයේ අසිරියත් නෙතට මනස්කාන්ත දසුනකි. එමෙන්ම සොබාදහම මවනා, සිත් නිවා සනහාලන දසුනකි. මේ, මහ රහතන් වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් පුණ්‍යවන්ත ව, හෙළයේ රජ දරුවන්ගෙන් පිහිට ලැබූ ඓතිහාසික වාරණ පුරාණ රාජ මහා විහාර පින් බිමේ ඉහළ මලුවේ දසුනයි. කොළඹ නුවර මාර්ගයේ කිලෝ මීටර් තිස් හතක් ගිය තැන හමුවන ගම්පහ තිහාරිය හන්දියෙන් හැරී කිලෝමීටර් තුනක් ගිය පසු දකුණු පසින් පිහිටි මේ ඓතිහාසික පින් බිම වැඳ පුදා ගත හැකි ය.දෙවනපෑතිස් රජ දවස මජ්ජිම ස්වාමීන් වහන්සේ ගේ ගෝල හිමි නමක වූ තිස්සත්ත රහතන් වහන්සේ උදෙසා දෙවන පෑතිස් රජු විසින් මෙම විහාරය ඉදිකොට පුජා කර ඇති බැව් සියනෑ හාපිටිගම අලුත්කුරු කෝරලයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක වාරණ රාජ මහා විහාරාධිපති දොම්පේ පුඤ්ඤානන්ද හිමි සඳහන් කරන කරුණකි.


  අධි වප් අමාවක 

    ඔක්තෝබර් 16 සිකුරාදා පූර්වභාග 04.52 න් අමාවක ලබා 17 සෙනසුරාදා පූර්වභාග 01.00 න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]