[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

අධි වප් අමාවක 2020.10.16

උවදුරු ජය ගැනීමට...


බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයෙහි චූළඒකසාටක නම් බමුණෙක් විසී ය. බුදු බණ අසා පැහැදුණු බමුණා තමන් සතු එකම වස්තුව වූ සාටකය බුදුරජාණන් වහන්සේට පූජා කරන්නට සැරසුණේ ය. එහෙත් ඒ මොහොතේ දාන චේතනාවත්, ලෝබයත්, අතර ඔහුගේ සිතිවිලි දෝලනය වන්නට විය. තමන්ට ඇති එකම වස්තුව එම සළුව නිසා, තණ්හාවක් ඇතිවී සළුව පූජා කිරීමේ සිතිවිලි විටෙක නැතිව යයි. නැවත සිත හදාගනිමින් සළුව පූජා කරන්නට සිතයි. මෙසේ සිතිවිලි අතර බලවත් අරගලයක් කළ බමුණා අවසානයේ ජයග්‍රහණය කරයි. පින් සිත බලවත් වී බුදුරදුන්ට සළුව පූජා කරයි. තමන් කළ පින්කම ගැන සිතා බමුණා මහත් සතුටට පත්වෙයි.

පින්කම් කිරීමේ දී, කුසල් කිරීමේ දී අපගේ සිත ද මෙසේ යහපත හා අයහපත අතර දෝලනය වන අවස්ථා කොතෙකුත් තිබිය හැකිය.

එහෙත් බෞද්ධ ධර්ම මාර්ගයේ ගමන් කරන අය ලෙස අප අයහපත බැහැර යහපත තෝරා ගන්නට හැකියාව ඇත්තන් විය යුතු ය.

නිතර පුරුදු පුහුණු කිරීමෙන් ඕනෑම කාර්යයක් පහසුවෙන් හා වඩාත් නිවැරැදිව ඉටු කරන්නට පුළුවන. ගණිතය විෂයයෙහි දුර්වල සිසුවකුට එහි දක්ෂ විය හැකි වන්නේ නිතර අභ්‍යාසයෙහි නිරත වූයේ නම් ය. අතහැර, අමතක කර දැමූවේ නම් ඔහුට කිසි දිනෙක ගණිතයෙහි දක්ෂ විය නොහැකි ය. යහපත් දේට නිතර සිත ඇදී යන්නේ ද යහපත පුරුදු පුහුණු කළ පුද්ගලයාගේ ය.

සුචරිත ධර්මයෙහි යුහුසුළු විය යුතු බව ද, සිත පවින් වළක්වා ගත යුතු බව ද, පින් කිරීමට පසුබට වන පුද්ගලයාගේ සිත පාපයෙහි ම ඇලෙන බවද ධම්ම පදයෙහි අවධාරණය කර ඇත. සුචරිත ධර්ම නම් යහපත් දේ ය. අලෝභ, අද්වේෂ, අමෝහ සිතිවිලි වඩා වර්ධනය කරමින් කරන ක්‍රියාකාරකම් ය. එහෙත් පුරුදු පුහුණු නොකළ සිතේ ස්වභාවය අයහපත් චර්යාවන්ට ම සිත ඇදීයෑම ය.

වර්තමානයේ අප මුහුණ දී සිටින කොරෝනා නම් වසංගත රෝගයට, වැඩි වශයෙන් බලපාන්නේ ද අප පවත්වාගෙන එන අයහපත් පුරුදු හා චර්යාවන්ම ය. මෙම වසංගත රෝගය ආරම්භ වූ සමයේ පුද්ගල දුරස්ථ බව, මුඛ ආවරණ පැළඳීම, නිතර දෑත් පිරිසුදු කිරීම වැනි සෞඛ්‍යාරක්ෂිත පුරුදු අනුගමනය කරන ලෙස වෛද්‍ය උපදෙස් ලැබුණි. එහෙත් සමාජයේ වැඩි දෙනකුට එය පුරුද්දක් ලෙස ජීවිතයට පුහුණු කරගන්නට අතපසු විය. රෝග කාරකය පහසුවෙන් වර්ධනය වන්නට එය ප්‍රධානතම සාධකයක් නොවූයේ යැයි කාට නම් කිව හැකි ද?

මානසික නිරෝගි බවට මෙන්ම කායික නිරෝගි බවට ද ඖෂධ සම්බුදු දහමේ අන්තර්ගත ය. තථාගතයන් වහන්සේ සෞඛ්‍ය පුරුදු ගැන අපට දේශනා කොට වදාළේ අදින් වසර බොහෝ ගණනකට පෙර ය. එහෙයින් කායික මානසික නිරෝගී බව ගැන බෞද්ධයාට අලුත් පාඩම් කියා දිය යුතු නැත. අවම වශයෙන් ඉවත ලන අපද්‍රව්‍ය ටික පවා තවත් කෙනකුට පීඩාවක් වන ලෙස බැහැර කරන්නට සැබෑ බෞද්ධයා ආත්මාර්ථකාමි නොවේ. අතීතයේ අපේ මුතුන් මිත්තන් මළ මුත්‍ර පවා බැහැර කළේ මහ පොළොවට ද විෂ සහිත නොවන ලෙස ය. ඒ තුළ ඔවුහු සෞඛ්‍ය සම්පන්න ජීවිත ගත කළහ. අද කළ යුතු එවැනි පුරුදු අපගේ ජීවිතවලට ද පුරුදු පුහුණු කරවීම ය. එවිට බොහෝ උවදුරු පහසුවෙන් මඟ හරවා ගත හැකිවනු ඇත.

  අධි වප් අමාවක 

    ඔක්තෝබර් 16 සිකුරාදා පූර්වභාග 04.52 න් අමාවක ලබා 17 සෙනසුරාදා පූර්වභාග 01.00 න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]