[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කැලණිය රජ මහා විහාරස්ථ වෙබ් අඩවිය අගමැති සුරතින් නිරාවරණය වෙයි

කැලණිය රජ මහා විහාරස්ථ වෙබ් අඩවිය අගමැති සුරතින් නිරාවරණය වෙයි

ලොව පුරා සිටින බෞද්ධයන් මෙන් ම වෙනත් ආගමිකයන් ද බෞද්ධ ධර්මය පිළිබඳ ව කරුණු විමසා බලයි. එහෙත් ඒ දැනුම නිවැරැදි ලෙසින් ලබා ගත හැකි තැන් අල්ප ය. බුදු දහම පිළිබඳව කරුණු හදාරන ඕනෑම අයකුට දැනුම වර්ධනය කර ගැනීම පිණිස කැලණිය රජමහා විහාරස්ථානයේ නිල වෙබ් අඩවිය දැන් උපයෝගී කරගත හැකි ය. කැලණිය රජ මහා විහාරයේ නිල වෙබ් අඩවිය පසුගිය දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අන්තර්ජාලයට එක් කරන ලදී.

එම අවස්ථාවේ දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යතුමා පවසා සිටියේ බෞද්ධ දර්ශනය පිළිබඳ ව හා භික්ෂූන් වහන්සේට, බෞද්ධාගමික කටයුතු පිළිබඳ ව යොමු වන විවිධ ප්‍රශ්න පිළිබඳ ව රජය විසින් සිදු කළ යුතු පිළිතුරු සැපයීම වෙනුවට කැලණිය රජමහා විහාරයෙන් සිදු කර ඇති ඒ කාර්යය අගය කළ යුතු බවයි. ඒ සඳහා ඇප කැප වී කටයුතු කළ කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති නා හිමියන් ප්‍රමුඛ සියලු ගිහි පැවිදි අයට අග්‍රාමාත්‍යතුමා මෙහි දී තම සතුට පළ කෙළේ ය.

මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ සංකල්පය ඉදිරිපත් කර ඇත්තේ කැලණිය රජ මහා විහාරයේ දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා ය. එමෙන්ම ඔහු විසින් ‘ශ්‍රී කල්‍යාණි ධර්ම දේශනා - 12‘ ග්‍රන්ථය ද අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වනු ලැබීම එම වෙබ් අඩවිය විවෘත කිරීමත් සමඟ ම සිදු කරන ලදී.

www.kelaniyatemple.lk යන වෙබ් අඩවියෙන් කැලණිය රජමහා විහාරස්ථ නිල වෙබ් අඩවියට පිවිසිය හැකි ය.

වෙබ් අඩවිය විවෘත කිරීමේ උත්සවයට කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, විහාරවාසී ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක හිමි, කොළඹ නව කෝරළයේ හා නව තොටමුණේ උප ප්‍රධාන සංඝ නායක පානකාවේ ශ්‍රී පේමරතන නාහිමි ඇතුළු මහා සංඝරත්නය ද මැති ඇමැතිවරු විශාල පිරිසක් ද සහභාගි වූහ.

 අධි වප්
පුර අටවක 

 සැප්තැම්බර් 23 බදාදා අපරභාග 07.57 න් පුර අටවක ලබා 24 බ්‍රහස්පතින්දා අපරභාග 07.01 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]