[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

කෙටියෙන් වදාළ ධර්මය විස්තර කර ප්‍රකාශ කරන භික්ෂූන් වහන්සේ අතරින් අග්‍ර වූ

මහා කච්චායන මහ රහතන් වහන්සේ

බුදුරජාණන් වහන්සේගේ කාලයේ රහතන් වහන්සේලා බහුල ය. ඒ අතරින් අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ සුවිශේෂී ය. ඒ උදෙසා උන්වහන්සේ සසර මඟ කළ පින් දහම් , පාරමී දම් අපමණ ය. මෙවර ලිපියෙන් සඳහන් කරන්නේ කෙටියෙන් වදාළ ධර්මය විස්තර කොට ප්‍රකාශ කළ හැකි භික්ෂූන් අතරින් අග්‍ර වූ මහා කච්චායන මහ රහතන් වහන්සේ ගැන ය. උන් වහන්සේ අතීත භවයක දී පදුමුත්තර බුදුන් වහන්සේගේ කාලයේ උපත ලැබුවේ ගොවි මහසල් කුලයක ධනවත් කුල පුත්‍රයෙක් ලෙස ය. ඔහු ශ්‍රද්ධාවෙන් පිරී ගියේ පදුමුත්තර බුදුන් වහන්සේගේ සුමධුර සදහම් දෙසුමෙනි. එක්තරා දිනයක බණ අසමින් සිටි ඔහු දුටු දසුන අසිරිමත් ය. ඒ එක්තරා භික්ෂුවකට පියුමතුරා බුදුරජාණන් වහන්සේ, කෙටියෙන් වදාළ ධර්මය විස්තර කර දේශනා කිරීමට සමත් භික්ෂූන් වහන්සේ අතරින් අග්‍රස්ථානය ලබා දීම යි. එහි දී මොහු ද මෙවැනි පදවියක් දැරීමේ අදහසින් කළ පින් දහම් අපමණ ය.ඔහු, පසු දින පටන් සත් දිනක් ම බුද්ධ ප්‍රමුඛ මහ සඟ රුවනට දන් පිදුවේ අපරිමිත ශ්‍රද්ධාවෙනි. දන් වළඳා සත්වන දින අවසානයේ අනුමෝදනා බණ දෙසූ බුදුරදුන්ට මොහුගේ පැතුම පැවසුවේ වැඳ නමස්කාර කරමිනි. එහි දී පදුමුත්තර බුදුන් වහන්සේ අනාගතය දෙස බලා, විවරණ දුන්නේ මෙම කුල පුත්‍රයාගේ පැතුම ගෞතම බුද්ධ ශාසනයේ දී ඉෂ්ට සිද්ධ වන බව යි. මෙලෙස පදුමුත්තර බුදුන් වහන්සේගෙන් නියත විවරණ ලැබූ කුල පුත්‍රයා සැදැහැ සිතින් කළ පින් දහම් අපමණ ය. පින නිසා ම සුගතිගාමී භවයන්හි උපත ලැබූ මොහු දෙව්, මිනිස් භවයන්හි විඳී සැප සම්පත් ද අපමණ ය.


 අධි වප්
පුර අටවක 

 සැප්තැම්බර් 23 බදාදා අපරභාග 07.57 න් පුර අටවක ලබා 24 බ්‍රහස්පතින්දා අපරභාග 07.01 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]