[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

තෙරුවන් සරණ යමි

මම බුදු හිමි සරණ ගිය දරුවෙකි
මම ධම්ම රත්නය සරණ ගිය දරුවෙකි
මම සංඝ රත්නය සරණ ගිය දරුවෙකි
මම සැමදා තෙරුවන් සරණ යමි

මම බුදුන් සරණ ගිය දරුවෙකි
මම බුදුන් සරණ හැර වෙන සරණක් නො යමි
මම යහළුවන්ට ද බුදු හිමි ගැන පහදා දෙමි
මම රටට දැයට බොදු දරුවෙක් වෙමි


 

අනගාරික ධර්මපාලතුමා

ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදින්ගේ අණසකට යටත් ව පැවැති කාලයේ සිංහල ජාතියට එම ජාතීන්ට ගැතිව කටයුතු කරන්නට සිදු විය. එම කාලයේ අපේ රටේ බිහි වූ ශ්‍රේෂ්ඨ වීරවරයන් අතර, අනගාරික ධර්මපාල යන නාමය බැබළේ. මෙතුමාගේ මව්පියන් වූයේ දොන් කරෝලිස් හේවාවිතාරණ පියා හා මල්ලිකා හේවාවිතාරණ මෑණියන් ය. මෙතුමා කුඩා කල හඳුන්වා ඇත්තේ ඩේවිඩ් හේවාවිතාරණ යන නමිනි. එතුමා මිෂනාරි අධ්‍යාපන ක්‍රමය යටතේ අධ්‍යාපනය ලැබී ය. වැඩි දුර අධ්‍යාපනය සඳහා මිගෙට්ටුවත්තේ ගුණානන්ද ස්වාමින් වහන්සේ වෙතට පැමිණියේ ය.

පසු කලෙක ධර්මපාල යන ආර්ය නාමය ලබා බ්‍රහ්මචාරි ජීවිතයට අවතීර්ණ විය. මෙරට පමණක් නොව විදේශ රටවල ද සංචාරය කරමින් ඒ ඒ ජාතින්ට බුදු දහම පිළිබඳ දැනුමක් ලබා දීමට මෙතුමාට හැකි විය. මෙතුමා සිංහල බෞද්ධයා යන නමින් පුවත්පතක් ද ආරම්භ කළේ ය. මෙතුමා අප රට, ජාතිය , ආගම උදෙසා අනුපමේය සේවයක් ඉටු කර ඇත. මෙතුමාගේ උපදේශයන්ට අනුව යහපත් ජීවිතයක් ගත කිරීමට අප කටයුතු කළ යුතු ය.

එම්.කේ. එම්.ඩී. පබෝධා නිමේෂානි
08 ශ්‍රේණිය
ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසල
මල්වාන


ලෝ පතළ ශ්‍රේෂ්ඨවරයා

අනගාරික ධර්මපාලතුමා විශිෂ්ට චරිතයකි. අපේ රටේ බෞද්ධ දරුවන්ට බෞද්ධ අධ්‍යාපනයක් ලබා දිය යුතුය යන අරමුණ ඇතිව කටයුතු කළ මෙතුමා රටේ විවිධ ප්‍රදේශවල රථයකින් ගමන් කරමින්, රථයේ ම නිඳාගනිමින් රටේ ජනතාව දැනුම්වත් කිරීමට කළ කැපකිරීම පුදුම සහගත ය. මෙතුමාගේ රථයේ ‘ගෙරි මස් නොකව්’ යනුවෙන් සඳහන් කොට තිබිණි. ගවමස් කෑමට හා සුරාපානයට ඉතා විරුද්ධ ව කටයුතු කළ ධර්මපාලතුමාගේ දේශනය ඉතා දැඩි ස්වරූපයක් ගත්තේ ය. එසේම බෞද්ධ දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීම සඳහා ඉරිදා දහම් පාසල් ආරම්භ කළේ ය. කාලය ගත වන විට ආරම්භ කළ පාසල් සංඛ්‍යාව හැට ඉක්ම වී ය. මෙසේ මෙතුමා තම ජාතිය,ආගම වෙනුවෙන් අනගි මෙහෙවරක් ඉටු කළේ ය. සසුන පිබිද වූ ලෝ පතළ ශ්‍රේෂ්ඨ පුද්ගලයකු වූ අනගාරික ධර්මපාලතුමාගේ චරිතය ශිෂ්‍ය අපගේ ජීවිතය ජය ගන්නට ආදර්ශවත් කතා පුවතකි.


පරිසරය රැකගමු

උදෑසනම හිරු නැඟ එයි
කීචි බීචි හඬ පැතිරෙයි
සුළඟට කොළ අතු නැළවෙයි
පරිසරයේ අසිරි හැඩයි

කුරුල්ලන් ද කෑම සොයයි
කුඹුරු බලා ගොවියෝ යති
ළමයින් පාසල වෙත යයි
පරිසරයේ අසිරි හැඩයි

ගස් කැපීම නවත්වමු
සතුනට හිංසා නොකරමු
පරිසරය රැක ගනිමු
මිනිසත්කම වපුරමු

පුංචි අපි එක ගොන්නට
පරිසරය රැක ගන්නට
එකමුතුව ගොඩ එන්නට
කරමු අධිටන් අද සිට


අපේ පිරිවෙන

අපේ පිරිවෙන පිහිටා තිබෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල නගරයේ, අලංකාර වූ ගම් පියසක් වන මහරගම ගමෙහි ය. පිරිවෙනේ නම ශ්‍රී පඤ්ඤානන්ද පිරිවෙනයි. මෙහි පරිවෙනාධිපති හිමි වන්නේ හිග්ගොඩ උදයධම්ම ස්වාමීන් වහන්සේ ය. හොඳින් අධ්‍යාපන කටයුතු කරවන පිරිවෙනකි. අපේ පිරිවෙනේ සියලු දෙනා සහයෝගයෙන් කටයුතු කරති. කවුරුත් දන්නා මේ පිරිවෙන අපි ඉතා ආදරයෙන් හා ගෞරවයෙන් රැක බලා ගනිමු.


කොරෝනා දුරු කරමු

මාස්ක් එකක් පැළඳ ගමූ
මීටරයේ දුරින් ඉමූ
සබන් යොදා අත් දොවමූ
නිතරම පිරිසුදු ව ඉමූ

බස් එකේදී දුම්රියේ දී
හැම තිස්මෙ දුරින් ඉමූ
සෙම උණ වැනි දෑ නැත්නම්
පමණක් පාසල් යමූ

අසලම කඩයෙන් පමණක්
බඩු සියල්ල මිලට ගමූ
අත්‍යවශ්‍ය බඩු පමණක්
එම කඩෙන් ම මිලට ගමූ

වෛද්‍යවරු පොලිසියෙ අය
දෙන උපදෙස් පිළිපදිමු
අපි ඔක්කොම එකතු වෙලා
කොරෝනාව දුරු කරමූ


උත්සාහවන්ත වෙමු

එක නගරයක චුල්ල නම් සිටුතුමෙක් ජීවත් වුණා. ඔහු ගමනක් යන, විට මී කුණක් දැක උත්සාහවන්තයෙක් සිටී නම් දියුණු වන්න මේ මී කුණත් ප්‍රමාණවත් කියා පැවසුවා. මෙය අසා සිටි තරුණයෙක් මීකුණ රැගෙන යන විට බළලෙකුට දීම සඳහා ගෙයි හිමියෙක් මී කුණ මිලට ගත්තා. තරුණයා ඒ මුදල්වලින් උක් සකුරු ගෙන විකුණා එම මුදල්වලින් මල්ගෙන විකුණුවා. දිනක් රජතුමාගේ උයනේ අතු කඩාවැටී අපවිත්‍ර වූ නිසා තරුණයා අතු විකුණා මුදල් උපයා ගත්තා. පසුව තරුණයා අශ්ව වෙළෙන්දාට තෘණ විකුණු නගරයට පැමිණි වෙළඳ නැවකට අත්තිකාරම් දී සියලු භාණ්ඩ තමා සතු කර ගත්තා. මෙමඟින් තරුණයා කහවණු දෙලක්ෂයක් උපයා ගත් අතර පසුව චුල්ල සිටාණන්ගේ දියණිය සරණපාවා ගත්තා. මෙම කතාවෙන් කියැවෙන්නේ උත්සාහවන්ත ව කටයුතු කිරීමෙන් දියුණුව සලසා ගන්නට හැකි බවයි.


පින් බිම

ධර්ම දානය හොඳම දානය ලෙසින් බෙදන්නේ
සංඝරත්නය සියලු සිත් තුළ මුදුන් මුල වන්නේ
දහම් පාසල මගින් ළමුනට දැනුම බෙදන්නේ
තනන්නට දැහැමි මිනිසුන් නිති වෙර දරන්නේ

බුද්ධ වචනය සමාජය තුළ පතුරවන්නේ
දුරාචාරය දුරැල සදාචාරය හුරු කරන්නේ
දියුණු කරනට සියල්ලන් දායකත්වය දෙන්නේ
පන්සල් බිම සදා බැතියෙන් පුදන්නේ


ළමා සමාජයේ සාමාජිකයෝ

660 දෙහෙරගොඩ සුමංගල හිමි 3 වන ශ්‍රේණිය
ශ්‍රී පඤ්ඤානන්ද පිරිවෙන – ගිරිඋල්ල

661 එම්.බී. මතීෂා සෙව්මිණි - අවසාන ශ්‍රේණිය
ශ්‍රී /සුධර්මාරාම දහම් පාසල – ගාල්ල

662 පවිත්‍රා සඳමාලි රත්නායක
කැප්පෙටිපොල ගෙදර වැලිපොතේ යාය, මහියංගණය

663 රශ්මි අමන්දා ජයරත්න - 07 වන ශ්‍රේණිය
සෙව්වන්දි සෙවණ – මැදවච්චිය

664 ප්‍රමිතා උපශාමා - 08 වන ශ්‍රේණිය
ශ්‍රී පරාක්‍රමබාහු රජමහා විහාරය – ඉඹුල්ගොඩ


 අධි වප්
පුර අටවක 

 සැප්තැම්බර් 23 බදාදා අපරභාග 07.57 න් පුර අටවක ලබා 24 බ්‍රහස්පතින්දා අපරභාග 07.01 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]