[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු ගීයක මිහිර : නිවන සදාලන බුදුගුණ මහිමේ

බොදු ගීයක මිහිර :

නිවන සදාලන බුදුගුණ මහිමේ

අඩවන් වූ දෙනෙතින් ගලනා
මෙත් මුදිතා කරුණා දහරා
තෙමා තෙමා හද ගලා ගලා යන
ලොවුතුරු ගුණ මහිමේ
මහ මෙවුනා උයනේ
සමාධි බුදු පිළිමේ
පිරී තිරි යන මහ වතුරක් සේ
ගලා හැලෙන සිහිලැල් ගඟුලක් සේ
ගිමන් නිවාලන මේ භව කතරේ
නිවන් සදාලන බුදු ගුණ මහිමේ

හිත් පිත් නැති කළු ගලින් කුළුණුබර බුදු පිළිම නෙලූ කලාකරුවා ගේ විස්කම් විශිෂ්ඨ ය. ඒ සම්බුදු පිළිරුවේ සජීවී සම්භාවයට බොදු ගීතයෙන් සාධාරණයක් ඉටු කරන කලාකරුවා ගේ මෙහෙවර ද අගනේ ය. බොදු බැතිය දනවන ගීත රැසක් රචනා කළ ඔහු ‘අඩවන් වූ දෙනෙතින් ගලනා’ ගීතයට පද වැල් ගෙතූ අධිනීතීඥ ඩබ්. ඒ. අබේසිංහයන් ය. එයටම සරිලන ගායනයත්, සංගීතයත් සපයා ඇත්තේ ප්‍රතිභා පූර්ණ ගායන ශිල්පීආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ය. බොදු ගීතයට ඔහුගෙන් වූ නොනිමි මෙහෙවර සම්භාවනාවට ලක් කළ යුතු ම ය. බුදු පිළිම නෙළන්නටත්, බොදු ගී ගයන්නටත් , ගී පද වැල් ලියන්නටත් කලාකරුවා පෝෂණය වූයේ බුදු දහමේ ආභාෂයෙනි.

අඩවන් වූ දෙනෙතින් ගලනා
මෙත් මුදිතා කරුණා දහරා
තෙමා තෙමා හද ගලා ගලා යන
ලොවුතුරු ගුණ මහිමේ
මහ මෙවුනා උයනේ සමාධි බුදු පිළිමේ

මහමෙවුනා උයනේ වැඩ සිටිනා සමාධි පිළිරුවේ අපූර්වත්වය ලොවම මවිත කරව යි. සම්බුදු පිළිරුවෙන් ගලා හැලෙනා මෙත් කරුණා, මුදිතා ගුණ දහරාව ඒ වෙතම නෙත් යොමන කාටත් පතුරුවන්නා සේ ය. ඒ අසම සම වූ කරුණාබර දසුන ජාති, ආගම්, කුල මල භේද වලින් තොර ය.එය සැදැහැති බෞද්ධයාගේ හදවතෙහි ඇඳී යාමට ගීතයේ ඇති ලයාන්විත ස්වභාවය සමත් වෙයි. ගීතයෙන් හදවතට දැනෙන රිද්ම රටාව ‘තෙමා තෙමා හද ගලා ගලා’ යන පැදි පෙළින් වඩාත් අර්ථාන්විත ය. මෙම බොදු ගීතය ගායනා කරන ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගේ ප්‍ර තිභා පූර්ණ කටහඬ, එයටම සරිලන සංගීතය , පද වැල් ඉටු කරන්නේ තුලාබර මෙහෙයකි. ගීතයෙන් මතුව ගලනා කරුණා රසයෙන් රසික සිතදැහැන් ගත කිරීමට සමත් වෙයි. සසරේ අතරමං වූ අසරණ සත්ත්වයා ගේ වෙහෙස නිවාලන සම්බුදු පියාණන්ගේ අපරිමිත කරුණා ගුණ සාගරයමහා ගංගාවකින්පිරී ඉතිරී යන ජල කඳක් සේ දැනී යයි.‘පිරී තිරී යන මහ වතුරක් සේ ගලා හැලෙන සිහිලැල් ගඟුලැක් සේ’යොදා ඇති උපමා භාවිතය කදිම ය. ශ්‍රාකවකයාගේ මනස බවුන් වඩන සමාධි පිළිරුවේ ඇති චිත්ත ඒකාග්‍රතාවය වෙත ඇඳී යයි. රසිකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යන්නේ සුවිශේෂී ලෙස ය.එහි ඇති අසම සම සම්බුදු ගුණ මහිමයෙන් සසර කතරේ අසරණ වූ අපට ගිමන් නිවාලන මාවත පෙන්වා දෙයි . ඒ පරම පිවිතුරු වූ උත්තරීතර නිර්වාණ මාර්ගය යි.

‘ගිමන් නිවාලනමේ භව කතරේ
නිවන් සදාලන බුදු ගුණ මහිමේ’

   නිකිණි පුර අටවක පෝය 

 නිකිණි පුර අටවක ජූලි 27 සඳුදා පූර්ව භාග 07.09 පුර අටවක පෝය ලබා 28 අඟහරුවාදා පූර්වභාග 04.58 න් පෝය ගෙවේ. සඳුදා සිල්.

මීළඟ පෝය අගෝස්තු 02 සඳුදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසළොස්වක

අගෝස්තු 03

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]