[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිතර මෙනෙහි කළ යුතු කරුණු පසක්

නිතර මෙනෙහි කළ යුතු කරුණු පසක්

මහණෙනි, මේ කරුණු පස ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළª යුතු ය.

කවර කරුණු පසෙක් ද යත්?

මම දිරන ස්වභාව ඇත්තේ වෙමි. ජරාව නො ඉක්ම වූයේ වෙමි යි ස්ත්‍රිය විසින් ද පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.

මම රෝග හටගන්නා ස්වභාව ඇත්තේ වෙමි. රෝගය නො ඉක්ම වූයේ වෙමි යි ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.

මම මැරෙන ස්වභාව ඇත්තේ වෙමි. මරණය නො ඉක්ම වූයෙමි යි ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.

ප්‍රිය වූ, මනාප වූ සියල්ලෙන් මාගේ වෙන්වීම සිදුවේ යැයි ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.

මම කර්මය අයත් දෙය කොට ඇත්තේ වෙමි. කර්මය උරුම කොට ඇත්තේ වෙමි. කර්මය සුව දුක් ලැබීමේ හේතුව කොට ඇත්තේ වෙමි. කර්මය නෑ කොට ඇත්තේ වෙමි. කර්මය පිහිට කොට ඇත්තේ වෙමි යි ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.

- බෞද්ධයාගේ අත්පොත ඇසුරෙනි.

   ඇසළ අව අටවක පෝය 

 ඇසළ අව අටවක පෝය ජූලි 12 ඉරිදා අපර භාග 03.48 න්  ලබා 13 සඳුදා අපර භාග
06.09 න් ගෙවේ. ඉරිදා සිල්.

මීළඟ පෝය ජූලි 20 සඳුදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසෙලාස්වක

අගෝස්තු 03

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]