[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආසියාවේ ආලෝකය The light of the Asia

ආසියාවේ ආලෝකය

The light of the Asia

ඉංගී‍්‍රසි බසින් ලියැවුණු පළමු බෞද්ධ සාහිත්‍ය නිර්මාණය

සිරිමත් එඩ්වින් ආනල්ඩ් එංගලන්ත ජාතිකයෙකි. ‘ද ලයිට් ඔෆ් ද ඒසියා” නැමැති බෞද්ධ කාව්‍යය රචනා වන්නේ ඔහුගේ විශිෂ්ට නිර්මාණයක් හැටියට ය. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ කීර්තිමත් විද්‍යාර්ථිකයෙකු වූ මෙතුමා සම්මානනීය කෘති රාශියක් ලෝකයට දායාද කළහ.

ඒ කෘති අතර , එතුමාට ද මහත් ආලෝකයක් වූ ආසියාවේ ආලෝකය කෘතිය සුවිශේෂී වේ. 1849 වර්ෂයේ දී රචනා වූ මෙම කෘතියෙහි තේමාව අප ගෞතම බුදුරදුන් ය. මෙම කෘතිය ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් ලියවුණු පළමු බෞද්ධ සාහිත්‍ය නිර්මාණය යි. ලාංකේ ය බෞද්ධයන් ලෙස එය අගයකට යුතු ය.

අන්‍ය ආගමික ලෝකයට බුදුරදුන්ගේ චරිතය සහ එම යථාර්ථවාදී දහම හඳුන්වා දීමේ ප්‍රධාන ගෞරවයක් මෙම කෘතියට හිමිවිය යුතු ය. අබෞද්ධ ලෝකය තුළ ඇතැම්විට බුදුදහම පිළිබඳ වූ අශුභවාදී අදහස්වලට මෙයින් නියම පිළිතුර ලැබුණු බවට සැකයක් නැත. බොහෝ අශූභවාදී අදහස් ප්‍රතික්ෂේප වීමට මෙම නිර්මාණය උපකාරි විය . යථාර්ථවාදී බුදුදහම අසාවත් නොසිටි දස දහස් සංඛ්‍යාත පිරිස් ලොකු අවබෝධයක් සහ පැහැදීමක් නිර්මාණය කරගත්හ. එසේම පෙරදිග ඓතිහාසික චින්තනය අපරදිගට හඳුන්වාදීමේ ගෞරවය මෙම කෘතියට හිමිවේ.

සියවසක් තුළ එංගලන්තයේ පමණක් මුද්‍රණවාර හැට ගණනකින් මෙම කෘතිය එළි දක්වන්නට යෙදුණි .එසේම එක්සත් ජනපදයේ සියයකට අධික සංඛ්‍යාවකින් එළි දැක්විණි. මේ තුළින් පිළිබිඹු වන්නේ මෙම ග්‍රන්ථය දිනූ පොදු ප්‍රසාදය යි. අන් සියලු ප්‍රධාන යුරෝපීය භාෂාවලට ද පරිවර්තනය වූහ.

ආනල්ඩ් මහතාගේ සාහිත්‍යකරණය කෙතරම්ම විශිෂ්ඨ ද යනවග පෙන්වාදීමට බොහෝ උදාහරණ සපයාගත හැක. ඒ අතර වික්ටෝරියා රැජින විසින් ලබාදෙන ලද නයිට්නාමය ප්‍රධාන වේ. එසේම ලයිට් ඔෆ් ද ඒෂියා කෘති යෙහි විශිෂ්ටත්වය අවබෝධ කරගත් සියම් රජු ඔහුට office of the white Elephant නම් ගෞරව නාමය ප්‍රදානය කළහ.

ආසියාවේ ආලෝකය නම් කෘතිය තුළින් ආනල්ඩ් මහතා බෞද්ධ අබෞද්ධ සමාජය තුළ බුද්ධ ප්‍රතිරූපය ඔපගැන්වූ අතර ඊටත් එහා බෞද්ධ ලෝකයාගේ ගෞරවයට එතුමා පත්වූයේ බුද්ධගයාව බේරාගැනීමේ සටනේදී දැක්වූ දායකත්වය මත ය. 1886 දී ලංකාවට පැමිණි අවස්ථාවේ හින්දූන්ගෙන් බුද්ධගයාව බේරා ගැනීම පිළිබඳ මතය, පළමුවරට ඉදිරිපත් කළහ. ඉන්පසුව ආතර් ගෝඩ්න් ආණ්ඩුකාරවරයාට මෙන්ම මදුරාසි ආණ්ඩුකාර කොන්නෙමර සාමිවරයාට ඉහත කාරණය පිළිබඳ දැනුවත් කළහ. ඉන් නොනැවතුන එතුම කල්කටා ආණ්ඩුකාර ඔෆරින් සාමිවරයා ද අමතා මෙහි අවශ්‍යතාවය පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් ලබා දුන්හ. තවද අති දුෂ්කර අත්‍යවශ්‍යම කාර්ය තමාගේ ජීවිත මෙහෙවර සේ පිළිගතයුතු බව අනගාරික ධර්මපාලතුමා වෙත අවධාරණයෙන් ම දන්වා සිටියේ එඩ්වින් ආනල්ඩ් ය. එංගලන්තයේදී බුද්ධගයාව බෞද්ධයන් අතට ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ ඇතැම් ව්‍යාපාර ද ආරම්භ කළහ.

ලාංකික , බෞද්ධයන් පිළිබඳ අසීමිත ගෞරවයක් මෙන්ම ආදරයක් එතුමා තුළ වීය. වැලිගම ශ්‍රී සුමංගල හිමියන් වහන්සේ එතුමා විසින් අමතනු ලැබුවේ තමාගේ ප්‍රඥාවන්ත කල්‍යාණ මිත්‍ර යන, ගෞරව නාමයෙනි. ලංකාවේ බෞද්ධයන් මාගේ කල්‍යාණ මිත්‍රයන් වශයෙන් සලකන බව පැවසී ය.

එතුමන් බුදුරදුන්, බුදුදහම සහ බෞද්ධයන් පිළිබඳ අසීමිත ආදරයක්, ගෞරයක් දැක්වීය.

අප විසින් බුද්ධ චරිතය ඇතූළු බොහෝ කෘති කියවා ඇතිමුත් මෙම කෘතිය ඊට වෙනස් ය. වෙහෙර බිමක පින්කම් පොළක අසා ඇති බුදු දහමට වෙනස් ස්වභාවයක් මේ නිර්මාණය තුළ දැකිය හැකිය. මේ තුළ සුළු සුළු වෙනස්කම් සහිත මිහිරි කෘති පුවතක් අඩංගු වේ. මෙහි ඇතැම් ලෞකික බවක් පෙනේ. ඇතැම් තැනක රසය උද්දීපනය කර ඇති බවක් පෙනේ. ඒ තුළින් රස වැගිරෙන ස්වරූපයක් පෙන්නුම් කෙරේ. ආසියාවේ ආලෝකය නැමති කෘතිය හුදු බුදු බණ පොතක් නොවේ. එය බුද්ධ චරිතය ආශ්‍රයෙන් ගෙතුණු මිහිරි කවි පොතකි. මෙම පොතෙහි වටිනාකම හඳුනාගත් මහාචාර්ය විනී විතාරණ ශූරින් 2001 වර්ෂයේදී සිංහල බසට නැගූහ. ආසියා පෙහෙළිය ලෙස එතුමා එය නම්කොට බොහෝ පිරිසකට මහත් ප්‍රයෝජනයක් ලබාදීමට ක්‍රියා කළේ ය.

සර්ග අටකින් නිම වන ලද එම කාව්‍ය පාදකකොටගෙන එහි සරල අදහස ලාංකේය බෞද්ධ අබෞද්ධ ජනයා අතර බෙදා ගැනීමට මෙය හොඳම කාලය යි. ඒ තුළ ආනල්ඩ් ශූරින්ට මෙන්ම විනී විතාරණ ශූරීන්ට ද සසර කෙළවර කරගැනීමට මඟ පෑදේ. එසේම බුද්ධ චරිතය රසවත්ව අධ්‍යයනය කිරීමේ හැකියාව බුදුසරණ පාඨකයන්ට හිමිවේ. එහෙයින් මෙය කොටස් ලෙස ඉදිරි කලාපයන්වලදී කියවීමට අවස්ථාව සැලසේ.

   ඇසළ පුර පසළොස්වක පෝය 

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 04 සෙනසුරාදා. පූර්වභාග 11.34 ට පුර පසළොස්වක පෝය ලබා 05 ඉරිදා පූර්වභාග 10.14 ට පෝය ගෙවේ. සෙනසුරාදා සිල්.

මීළඟ පෝය ජූලි 12 ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]