[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පසඟ පිහිටුවා වැඳීම

පසඟ පිහිටුවා වැඳීම

දුවේ, පුතේ මොහොතකට හෝ සිත ගත සන්සුන් කරගෙන වන්දනා මාන කිරීම බොදු දරුවෙක් වන ඔබ ලබන ලොකුම සවියක්. වන්දනා මාන කිරීම අතුරෙන් පසඟ පිහිටුවා වැඳීම ශ්‍රද්ධාවන්ත බව ඉස්මතු වන ප්‍රධාන ගුණාංගයක්. ඔබේ දෙ දණ, දෙ වැළමිට සහ නළලත බිම තබාගෙන ම වන්දනා මාන කිරීම පසඟ පිහිටුවා වැඳීම යි.

ආදරණීය දුවේ, පුතේ පසඟ පිහිටුවා බුද්ධ, ධම්ම, සංඝ යන තුනුරුවන්ටත්, ගෙදර බුදුන් වූ ඔබේ ආදරණීය මව් පියන්ට වගේ ම ගුරුවරු, වැඩිහිටියන්ටත් වැඳ නමස්කාර කරන්න. මේ මඟින් ඔබේ දිවියට ලැබෙන්නේ ඉමහත් ආශිර්වාදයක්.

බුදුන් වහන්සේගේ ගුණ මහා සාගරයේ ජලයටත් වඩා වැඩියි. උන්වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය, සංඝරත්නය තවමත් ජීවමාන යි. මව් පියන්ගේ ගුණ අනන්ත යි. මේ ගුණාංගයන් ගැන සිතා සැදැහැ සිතින් පසඟ පිහිටුවා වන්දනා මාන කරන ඔබ කිසි විටකත් පාපයකට නැඹුරු වන්නේ නැහැ.

පසඟ පිහිටුවීම ‘පංචාංග පතිට්ඨාපිත නමස්කාරය’ යනුවෙන් ද හඳුන්වනවා. ගුණවත් උත්තමයන්ගේ ගුණ දැනගෙන පිදිය යුත්තන් පිදීම උසස් මංගල කරුණක් බව මංගල සූත්‍රයේ ද දැක්වෙනවා. පසඟ පිහිටුවා වැඳීම තුළින් ඔබේ ශ්‍රද්ධාව ඔපවත් වෙනවා වගේ ම ප්‍රායෝගිකව සෞඛ්‍යමය වශයෙන් ද වැදගත් වෙනවා, කෙලෙස් ධර්මයක් වන මාන්නය දුරු කිරීමට ද පසඟ පිහිටුවා වැඳීම මහඟු පිටිවහලක් වෙනවා.

මල් සුවඳට වඩා සිල් සුවඳ බලවත් බව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ ගැන සිතමින්, පසඟ පිහිටුවා තෙරුවන් වඳිමින් ආදර්ශවත් ගුණාංගයන්ගෙන් සුවඳවත් වූ පින්වත් දුවට, පුතාට තුනුරුවන්ගේ සරණ, ආශිර්වාදය ලැබෙනවා.

   ඇසළ පුර පසළොස්වක පෝය 

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 04 සෙනසුරාදා. පූර්වභාග 11.34 ට පුර පසළොස්වක පෝය ලබා 05 ඉරිදා පූර්වභාග 10.14 ට පෝය ගෙවේ. සෙනසුරාදා සිල්.

මීළඟ පෝය ජූලි 12 ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]