[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අභයගිරිය සෑරදුන් වහන්සේ

තිස්ස හිමිට පූජා වූ අභයගිරිය

වැව් බැඳි රාජ්‍යය නැතිනම් ඓතිහාසික රජරට රාජධානියේ අටමස්ථානයට අයත් සුවිශේෂී පුණ්‍ය භූමියක් වන අභයගිරිය සෑ රදුන් වහන්සේගේ සේයාරුවෙන් මෙවර කවරයේ කතාව සිතුවම් වෙයි. ලක්දිව ඉතිහාසයේ සුවිශේෂී පුණ්‍ය භූමියක් වන අභයගිරිය ඒ ඉතිහාසය කෙසේ සැකසුණුදැයි විමසීමම අනාගත වාදීන්ට ලබා දෙන්නා වූ උත්තේජනයක් ය. ඒ නිසාවෙන් අභයගිරිය රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කල්ලංචියේ රතනසිරි ස්වාමීන් වහන්සේ ඒ ඉතිහාසයට වත්මනෙහි අප සතුව ඇති ඥානමණ්ඩලයයි. මනරම් මුතු මැණික්වලින් අලංකාර කරන ලද ධාතු ගර්භයෙහි රනින් කරන ලද ගවයකුගේ කුසෙහි තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා තැන්පත්කොට වළගම්බා මහා නිරිඳුන් විසින් අභයගිරිය කර පූජා කොට තිබෙනවා. අඩි 400 ක පමණ උසකින් හා අඩි 1100 ක වට ප්‍රමාණයකින් යුක්තව නිර්මාණය වී ඇති අභයගිරිය දාගැබ් වහන්සේ පිළිබඳ ලියැවුණු ඉතිහාස කතා බොහෝමයි. මේ අතරින් ක්‍රි.පූ. 89 - 77 දී රාජ්‍යත්වයට පත් වට්ටගාමිණී අභය හෙත් වළගම්බා මහා නිරිඳුන් විසින් අභයගිරිය නිර්මාණය කළ බවයි වංශ කතා සාක්ෂි දරන්නේ. මේ පිළිබඳ මහා වංශය මෙන්ම නිකාය සංග්‍රහය දීප වංශය, වංසත්ථප්පකාසිනිය වැනි ඓතිහාසික ග්‍රන්ථ රැසක අභයගිරියේ ප්‍රභවය පිළිබඳ සඳහන් වෙන කරුණු කාරණාවන් රැසක් අඩංගුයි.

   ඇසළ පුර අටවක පෝය 

ඇසළ පුර අටවක පෝය ජුනි 28 ඉරිදා පූර්වභාග 02.53න් පුර අටවක පෝය ලබා 29 වැනිදා සඳුදා පූර්වභාග 00.35 පෝය ගෙවේ. ඉරිදා සිල්.

මීළඟ පෝය ජූලි 04 සෙනසුරාදා 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 28

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]