[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඇසළ පුර අටවක 2020.06.28

සිතෙහි බැඳෙන මල

ආයුධයක මල බැඳෙන්නේ එහි විනාශය ළඟා වූ කල්හි ය. මල බැඳි ආයුධය මල නිසා ම විනාශ වන්නා සේ, අපගේ සිත තුළම ඉපද සිත ම විනාශ කරන මල විශේෂයක් ද වේ. ඒ ක්‍රෝධයයි. වෛරී බවයි. ආයුධයේ බැඳෙන මල එහි විනාශයත් සමඟ විනාශ වී ගිය ද සිතෙහි බැඳෙන මල උපනූපන් ආත්ම බවවලදී නැවත විකාශනය වෙමින් යයි. පෙර එක් ආත්ම බවයක දී දෙව්දත් තෙරුණුවෝ, තමන්ට රන්තලියක් අහිමි වීම නිසා බෝසතාණන් වහන්සේ වෙත මුදාහළ ක්‍රෝධ සහගත බව, වෛරී සිත සම්මා සම්බුද්ධත්වය ලැබීමෙන් පසුව ද මුදාහළහ. සසරෙන් සසරට පැමිණ අවසන ආනන්තරීය පාප කර්මයක් සිදු කර ගන්නා තරමට ඒ වෛරය, ක්‍රෝධය බලවත් විය.

බොහෝ දෙනා සිතා සිටින්නේ අනුන්ට මුදා හරින ක්‍රෝධයෙහි ඵල අනුන්ටම බව ය. එහෙත් එය තමන් නොදැනීම තමන් පීඩාවට පත් කරන භයානක සිතිවිල්ලකි. ක්‍රෝධය, වෛරය තුළ අන්ධ වූ පුද්ගලයාට හොඳ නරක නොපෙනේ. කළ යුතු දෙය, නොකළ යුතු දෙය නොදැනේ. අපේ සමාජයේ බොහෝ දෙනා බොහෝ විට පීඩාවට පත්වන්නේ, දුකට විපතට වැටෙන්නේ ක්‍රෝධය නිසා තමන් අන්ධ වී ඇති බව නොදකින නිසා ය.

සිතක ක්‍රෝධය වර්ධනය වන තරමට ඒ පුද්ගලයාගේ ප්‍රඥාව පිරිහෙන්නේ ය. බුදු දහමේ සඳහන් වන්නේ ඤාණය ගින්නක් නම්, එහි ආලෝකය ආවරණය කරන දුම ක්‍රෝධය වන බව ය.

නුවණ වැසී ගිය තැන මතුවන අඥානකම බොහෝ ගැටලු මතු කරන්නේ ය. අද අප අත් විඳින බොහෝ කටුක අත්දැකීම් එවැනි අමිහිරි ඵලයන් ය. දොස්නඟා ගැනීමේ සිට ඇතැම් විට මිනිස් ජීවිත බිලිගන්නා තරමට උත්සන්න වන ක්‍රෝධය, වෛරය, පාලනය කර ගැන්මේ හැකියාව ද තමන් විසින්ම ඇතිකරගනු ලැබිය යුතු ය.

අප විසින් කරනු ලබන සියලු අයහපත් දැයෙහි වගකීම ඇත්තේ අප වෙතම ය. එය අම්මාට, තාත්තාට හෝ අන් කවරෙකුට හෝ පැවරිය නොහැකි ය. ගොනා පසු පස ඇදෙන කරත්ත රෝදය සේ අප කරන කම් පල අප වෙතම ළඟා වේ. එහෙයින් මේ යථාර්ථය අප විසින් අවබෝධ කරගනු ලැබ යුතු වේ.

අපි බොහෝ විට අපේ ආගම, දර්ශනය පිළිබඳ උදම් වෙමු. උනන්දුවෙන් කතා කරන්නෙමු. වර්ණනා කරන්නෙමු. බොහෝ ගැඹුරු තැන් විමසමු. එහෙත් ප්‍රායෝගික ජීවිතයට සමීප කර නොගන්නා තාක් ඉන් ප්‍රයෝජනයක් නැත. හිස් ය. මේ නිසා දහම් මගට පැමිණීමට අවංක ඕනෑකමක් තිබිය යුතු ය. එකිනෙකාට දොස් පවරා ගැන්ම හෝ චෝදනා කිරීම ඵල රහිත ය.

දිනක් දුර්වර්ණ, ඉතා මිටි, අප්‍රසන්න පෙනුමැති යක්ෂයෙක් සක් දෙව්ඳුගේ අසුනෙහි හිඳගෙන සිටියේ ය. මේ දුටු අනෙක් දෙවිවරු කෝපයෙන් කෑ ගැසූහ. යක්ෂයාට දොස් කීහ. දෙවියන්ගේ කෝපය හමුවේ අපූරු දෙයක් සිදුවිය. දුර්වර්ණ වූ යක්ෂයා බොහෝ ප්‍රසන්න වූයේ ය. දෙවියන්ගේ කෝපය හමුවේ බබළන්නට වූයේ ය.

ඒ මොහොතේ සක් දෙවිඳු පැමිණියේ ය. තම අසුනේ සිටින යක්ෂයා දැක ඉවසීමෙන් යුතුව, යටහත් බවක් දක්වා “මම සක් දෙවිඳු වෙමි’යි තෙවරක් පැවසී ය. ඒ සමඟ ම දුර්වර්ණ වී ගිය යක්ෂයා ක්‍රමයෙන් කුඩා ශරීර ඇති ව නොපෙනී ගියේ ය.

යක්ෂයා ලෙස මෙහි දැක්වෙන්නේ ක්‍රෝධයේ සංකේතයයි. ක්‍රෝධය, වෛරය ඇති පුද්ගලයා යක්ෂයෙක් වැනි ය. දුර්වර්ණ ය. අප්‍රසන්න ය. එහෙත් ඉවසීම ඇති තැන මේ යක්ෂයාට ඉඩක් නැත. එය ජීවිතයට පුරුදු කළ යුත්තකි. බොහෝ ප්‍රශ්නවලට විසඳුම ද එය වනු ඇත.

   ඇසළ පුර අටවක පෝය 

ඇසළ පුර අටවක පෝය ජුනි 28 ඉරිදා පූර්වභාග 02.53න් පුර අටවක පෝය ලබා 29 වැනිදා සඳුදා පූර්වභාග 00.35 පෝය ගෙවේ. ඉරිදා සිල්.

මීළඟ පෝය ජූලි 04 සෙනසුරාදා 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 28

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]