[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ප්‍රඥාවට මුල් තැන දුන් අවිහිංසාවාදී ධර්ම දූත සේවාව

ප්‍රඥාවට මුල් තැන දුන් අවිහිංසාවාදී ධර්ම දූත සේවාව

මෙම ලිපියේ මුල් කොටස පොසොන් පුර පසළොස්වක පෝදා (ජුනි 05 වනදා) පත්‍රයේ පළ විය

මිහිඳු මහරහතන් වහන්සේ රජතුමාගේ අවබෝධයෙහි මට්ටම පරික්ෂා කරන ප්‍රශ්නාවලිය එක්තරා ආකාරයකින් ශිෂ්‍යයාට ගුරුවරයාගේ මට්ටම පරික්ෂා කරන්නට ද ලබා දෙන අවස්ථාවකි. රජුගෙන් අසන ප්‍රශ්න අනුව සිය ධර්ම ගුරුවරයා වූ මිහිඳු මහරහතන් වහන්සේගේ විශිෂ්ටත්වය හා පාණ්ඩිත්‍ය හොඳීන් අවබෝධ කරගැනීමට රජුට ද නිතැතින් අවකාශය ලැබේ. එය විශිෂ්ට ගණයේ බුද්ධි පරීක්ෂාවකි.

මිහිඳු මහ රහතන් වහන්සේ බුදු දහම රැගෙන ලංකාවට පැමිණෙන්නේ ඉතාම අවබෝධයකින් යුතුව බව පෙනේ. උපසපන් භික්ෂුන් වහන්සේ ලා මෙන්ම සාමණේර හිමිනමක් හා උපාසකයකු ද මෙම පිරිසට අයත් වූහ. ඒ වන විට ශාසනික වත් පිළිවෙත් පිළිබඳව කිසිවෙකුට අවබෝධයක් නොවීම නිසා එකී අවස්ථාවන් ක්‍රියාවෙන් ම පෙන්වා දීම එහි අරමුණ වූ බව පැහැදිලි ය. රජතුමා බෞද්ධ වූ පසු ජනතාවට රජු ලවා මෙම දහම පිළි ගැනීමට අණ කළ හැකිව තිබුණ ද බුදු මග යන බොදු සව්වෝ එසේ නොකරති. මෙයට සාපේක්ෂ ව සිද්ධියක් මෙසේ දැක්විය හැකි ය. මාලදිවයින් ඉතිහාසයේ සඳහන් වන පරිදි කිසියම් සංසිද්ධියක ප්‍රතිඵලයක් ලෙස එහි රජතුමා ඉස්ලාම් ආගම වැළඳ ගනී. අනතුරුව ඒ වන විට බෞද්ධ රාජ්‍යයක් වූ එහි බෞද්ධ භික්ෂූන් වහන්සේලාට හා බොදු ජනතාවට මුස්ලිම් ආගම වැළඳගැනීමට අණ කරන ලදී. එසේ නොකළ සමහර භික්ෂූන් වහන්සේලා මරණයට පවා පත්කළ බව සඳහන් වේ. ලෝකයේ ධර්ම ප්‍රචාරක සේවය පැහැදිලිව ම සිය පිරිස වැඩි කර ගැනීමට ගත් උත්සාහයකි. එහෙත් බෞද්ධ ධර්ම දූත සේවය අවිහිංසාව හා ප්‍රඥාව පදනම් කරමින් පතුරුවන ලද්දකි. ධර්මාශෝක රජුගේ අනුග්‍රහයෙන් ඉන්දියාවෙන් බැහැරට ධර්මය ප්‍රචලිත වන විට ඉතිහාසයේ සඳහන් පරිදි ධර්ම දූතයන් වන්නේ භික්ෂුන් වහන්සේලා කිහිප දෙනෙක් පමණකි. එක් අතකින් නන්නාඳුනන දේශයකට නව දහමක් රැගෙන නිරායුද ව ගමන් කිරීම යනු මරණීය ප්‍රතිඵල ගෙන දෙන්නකි. එහෙත් ධර්මය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කිරීම උතුම් බෞද්ධ ධර්ම දූතයන් වහන්සේලාගේ ස්වභාවය යි. ලංකාවට බුදු දහම රැගෙන වැඩම කරන මිහිඳු මාහිමියන් එකී නිර්වචනයේ ලාංකීය සලකුණයි. උන්වහන්සේ ගේ එකී වෑයම සාර්ථක වූවා පමණක් නොව එකී ධර්ම දූත සේවාව නිසා ලංකාවට උරුම වූ අනෙක් විශිෂ්ට දෑ බොහෝ ය. භාරතීය විවිධ කලා ශීල්පයන් ලාංකික කලා ශිල්ප හා මුසු වීමත් නිසා මෙරටට අනන්‍ය වූ සංස්කෘතික, සාහිත්‍යමය, තාක්ෂණික ආදී අංශ ගණනාවක මූලික පදනම ද බිහි විය.

එහෙත් අද මේ සියලුම වටිනාකම් විනාශ කිරීම සඳහා වන ජාත්‍යන්තර කුමන්තූණයක් ක්‍රියාත්මක ව පවතී, එක් පැත්තකින් මිහිඳු මාහිමිපාණන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් එම සංස්කෘතියේ මූලස්ථානය වූ බුදුන් වහන්සේ උපන් ඉන්දියාව අවතක්සේරුවට ලක් කරමින් බුදුන් වහන්සේ උපන්නේ ලංකාවේ යයි කියමින් සිය ගණනක් ග්‍රන්ථ රචනා කරන, සිවුර දරා ගත් පිරිසක් සහ අනුගාමිකයන් පිරිසක් බිහිවී ඇති අතර, සැබෑ බුදු දහම විකෘත කරමින් දේසන පවත්වන පිරසක් ද බිහිවී තිබීම අතිශය ඛේදජනක ය. වසර 400 කටත් වැඩි කාලයක් විදේශිකයන්ට යටත්ව සිටි කාලයේවත් විනාශ කරන්නට ඉඩ නොදී රැකගත් සත්ධර්මය විනාශ කරන්නට සිවුරු දරාගත් පිරිසක් ම ඉදිරිපත්වීම නිසා පැහැදිලි වන්නේ කඳ පණු න්‍යායම බුදු දහම විනාශ කරන්නට පෙරට පැමිණ ඇති බවයි. මේ සියලු ක්‍රියාකාරීකම් තුළ සැඟවී ඇත්තේ බුදු දහමත්, බෞද්ධ ශිෂ්ටාචාරයත් විනාශ කරන්නට මාන බලන රාජ්‍ය නොවන සංවිධානවල ශක්තියයි. එනිසා මේ උතුම් පොසොන් සමයේ සිහිපත් කළ යුත්තේ, මේ සියලු බලවේගයන්ගේ විනාශකාරී ක්‍රියාවන්ට නොරැවටී මිහිඳු මාහිමියන් රැගෙන ආ මෙම උතූම් සත්ධර්මයරැක ගැනීමට අප සැම දෙනා විසින්ම අධිෂ්ඨාන කර ගතයුතු බවයි.

   පොසොන් අව අටවක පෝය 

  පොසොන් අව අටවක පෝය ජුනි12 සිකුරාදා අපර භාග 10.52 න් අව අටවක ලබා 14 ඉරිදා පූර්ව භාග 00.59 න් ගෙවේ . සෙනසුරාදා සිල්.

මීළඟ පෝය 20 වනදා
සෙනසුරාදා
 

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 13

Full Moonඅමාවක

ජූනි 20

First Quarterපුර අටවක

ජූනි 28

Full Moonපසළොස්වක

ජූලි 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]