[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඉසින්බැස්සගල පුරාණ රුවන්ගිරි රජමහා විහාරය

ඉසින්බැස්සගල පුරාණ රුවන්ගිරි රජමහා විහාරය

මිහිඳු මහ රහතන් වහන්සේ මිහින්තලාවට වැඩම කිරීමට පෙර ඒ ආසන්න ගල් පර්වතයකට වැඩම කළ බවත්, ඉන් පසුව මිහින්තලයට වැඩම කළ බවත් රජරට ජනතාවගේ ජනප්‍රවාද අතර වනවා. එසේ මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස ප්‍රථමයෙන් ඍද්ධි බලයෙන් වැඩම කරන ලද ස්ථානය, එනම් ඍෂිවරු බසින ලද ස්ථානය “ඍෂීන් බැස්ස ගල” ලෙස හඳුන්වා තිබෙනවා. පසු කලක දී “ඍෂීන් බැස්ස ගල” වෙනුවට “ඉසිවරුන් බැස්ස ගල” ලෙසත්, එය ව්‍යවහාරයේ දී “ඉසින්බැස්සගල” බවට පත්ව ඇති බවත් විශ්වාස කෙරෙනවා. කොළඹ - සිට යාපනය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ මැදවච්චිය පසු කර කිලෝමීටර් තුනක් පමණ ගිය විට මේ ඓතිහාසික පුද බිමට ළඟා විය හැකියි. යාපනය බලා යද්දී මහා මාර්ගය අද්දරම දකුණු පසින් ගල් පර්වතය ආරම්භ වනවා. එතැන් සිට විනාඩි 15ක් 20ක් වැනි කාලයක දී පර්වතය තරණය කළ හැකියි. එසේම මාර්ගයෙන් මීටර් 300ක් පමණ දුරින් පිහිටි ඉසින්බැස්සගල රජමහා විහාරයට ගොස් එතැන් සිට ද පර්වතයට නැඟිය හැකියි. එහෙත් එහිදී පෙරට වඩා දුරක් පර්වතය තරණය කළ යුතු වෙනවා. වයෝවෘද්ධ අයට නම් ඒ ප්‍රදේශයෙන් ගමන් කිරීම අපහසු වන අතර. පර්වතය මුදුනට යාමට ගත වන වේලාව ද විනාඩි 30කට ආසන්න වනවා. එහෙත් එම පෙදෙසින් පර්වත තරණය සිත් ගන්නා සුළු දර්ශනවලින් යුක්ත වනවා. කඳු මුදුනට රජරට වෙල්යායන් මනරම් ව දැකගැන්මට හැකි අතර ඈතින් අනුරාධපුරයේ රුවන්වැලි මහ සෑය දිස්වන අතර, මිහින්තලා මහා සෑය ද මැනවින් දැක ගන්නට හැකි වනවා. උතුරු දෙසට දිවෙන මහ වනය අනෙක් පසින් දිස්වනවා.

   පොසොන් අව අටවක පෝය 

  පොසොන් අව අටවක පෝය ජුනි12 සිකුරාදා අපර භාග 10.52 න් අව අටවක ලබා 14 ඉරිදා පූර්ව භාග 00.59 න් ගෙවේ . සෙනසුරාදා සිල්.

මීළඟ පෝය 20 වනදා
සෙනසුරාදා
 

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 13

Full Moonඅමාවක

ජූනි 20

First Quarterපුර අටවක

ජූනි 28

Full Moonපසළොස්වක

ජූලි 04


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]