[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සමුද්‍රගිරි පිච්චමල් විහාරය

තපස්සු - භල්ලුක වෙළෙඳුන් ලක්දිවට පැමිණි සමුද්‍රගිරි පිච්චමල් විහාරය

බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සැමරෙන වෙසක් පුර පසළොස්වක පොහොය මෙවර ගෙවෙන්නේ ලෝකයම අඳුරට හෙලූ රෝග බිය පසුබිමකයි. එවන් පසුබිමක් යටතේ වුව ද උන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වීමෙන් පසු දහම් අසා පළමුව බුදුන් දහම් සරණ ගිය තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් මෙරටට ගොඩ බසින ලද ඒ පූජනීය ස්ථානය ගැන තොරතුරු බිඳක් ගෙන ඒමටයි වෙසක් පුර පසළොස්වක පොහෝ දින මේ සූදානම. එකල නැඟෙනහිර පළාතේ ගෝකණ්ණ නමින් හැඳීන්වූ නගරයට සැතපුම් 21ක් (කිලෝමීටර් 34ක්) පමණ උතුරින් වූ කරඩි මලේ නම් ස්ථානයට තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් ගොඩ බැස ඇති බව ඉතිහාසයේ දැක්වෙනවා. ආරම්භක කාල වකවානු ගැන පැහැදිලි තොරතුරු නැතත් එළාරගේ ආක්‍රමණයෙන් පසු කරඩි මලේ නමින් මේ ස්ථානය හඳුන්වා තිබෙනවා. දෙමළ භාෂාවෙන් කරඩි යනු වලසා හඳුන්වන නමයි. මලේ යනු කන්දයි. ඒ අනුව වලස් කන්ද නමින් හැඳීන් වූ මුහුදු වෙරළේ ඇති මේ කඳු ගැටය අතීතයේ වලසුන්ගෙන් ගහන වූ හෙයින් එයට වලස් කන්ද යනුවෙන් ද හැඳීන් වූ බවයි දැන ගන්නට ඇත්තේ. දඹදිව සිට පැමිණි වෙළෙඳ දෙබෑයන් කරඩිමලේ සිට පා ගමනින් ම කිලෝමීටර් 16ක් පමණ තිරියායේ ගිරිහඬු සෑය පිහිටි කඳු මුදුන දක්වා ගිය බවත් අතීත වංශ කතාවල දැක්වෙනවා. බොහෝ වන්දනාකරුවන් ගිරිහඬු සෑය වන්දනා පිණිස පැමිණියත්, තපස්සු භල්ලුක වෙළෙන්ඳන් දඹදිව සිට පැමිණ ගොඩබට මේ ස්ථානයට යන්නේ අතළොස්සක් වූ පිරිසක් පමණයි.

 වෙසක් පුර පසළොස්වක පෝය 

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 06 වනදා බදාදා අපරභාග 07.44 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 07 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය 14 වනදා
බ්‍රහස්පතින්දා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 07

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 21

First Quarterපුර අටවක

මැයි 30


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]