[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

පරිසරයයි අවුරුද්දයි

පරිසරය අපට සියල්ල දෙයි, ඒ කිසිදු වර්ගීකරණයක් නොකර සියලූ දෙනාටයි. පරිසරයට එරෙහිව අප කටයුතු කළොත් පරිසරය අපට ද දඩුවම් කරයි. අද මුළු මහත් ලෝකයම සුසුම්ලමින් ජීවිත අවදානමකට ලක්ව, භුක්ති විඳින්නේ මිනිසා පරිසරයට කරන ලද හානියේ ප‍්‍රතිඵල නොවේදැයි යළි යළිත් සිතා බැලිය යුතුය. එරබදු මල් හිනැහෙනවා -  රබන් සුරල් හැඩ වෙනවා - කොවුල් නාද පැතිරෙනවා - අවුරුද්දත් එළඹෙනවා, මේ බක් මාසයයි. බක් මාසය අපට විශේෂයෙන් වැදගත් වෙන්නේ සිංහල හා දෙමළ අවුරුද්ද උදාවෙන නිසයි. ලෝකය පුරා ව්‍යාප්තව පවතින මාරාන්තික කොවිඞ් 19 රෝගය නිසා, අපට ද නිවෙස්වලට වී සිටීමට සිදුව තිබේ ඉහත කවියෙන් දැක්වෙන්නේ අවුරුද්ද සමීප වන විට, පරිසරයේ ඇතිවන සූදානමයි. ඔබ මා පමණක් නොව ලොව හැම දෙනාම යහපත් පරිසරයක් බලාපොරොත්තු වෙති. එසේම පරිසරය හැමදෙනාගේම ජීවිත වලට ඍජුවම බලපාන බවද බොහෝ දෙනා දනිති. නොගැලපෙන පරිසරය පුද්ගලයාගේ පරිහානියට බලපාන අතර, යහපත් පරිසරය හැම අතින්ම දියුණුව කෙරෙහි බලපායි. මිනිසාට පරිසරය එතරමටම බලපෑමක් ඇති කළත්, මිනිසා පරිසරය යහපත් කරලීමට හා සුරක්ෂිත කිරීමට දක්වන සැලකිල්ල හා උනන්¥ව ප‍්‍රමාණවත්ද? පරිසරය යන වචනය ඉතා පුළුල් ක්ෂේ්ත‍්‍රයක් ආවරණය වන පරිදි විග‍්‍රහ කළ යුත්තකි. මේ පිළිබඳ දීර්ඝ හැඳින්වීමක් වෙබ්ස්ටර්ගේ අන්තර්ජාතික ශඛ්ද කෝෂයේ දැක්වෙයි. සාරාංශ වශයෙන් එය මෙසේ දැක්විය හැකිය. සත්වයාගේ ජීවත්වීම හා වර්ධනය කෙරෙහි බලපවත්වන සියලූ බාහිර සාධක සහ බලවේගයන්ගේ සමුච්චය හෙවත් එකතුව, පරිසරය ලෙස අර්ථ දැක්විය හැකිය. එය මූලික වශයෙන් භෞතික, සමාජයීය හා ජීව විද්‍යාත්මක යනුවෙන් කොටස් කර ගත හැකිය. මෙහි භෞතික පරිසරයට පස, දේශගුණය ආදිය ද, සමාජයීය පරිසරයට මිනිස් ක‍්‍රියාකාරකම් නිසා උද්ගත වන සියල්ල ද, ජීව විද්‍යාත්මක පරිසරයට ස්වාභාවික ශාක වර්ග හා සත්ත්ව විශේෂයන් ද ඇතුළත් වෙයි.


 බක් අව අටවක පෝය 

  බක් අව අටවක පෝය අපේ‍්‍රල් මස 14 වැනිදා අඟහරුවාදා අපරභාග 4.11න් අව අටවක ලබා 15 වැනිදා බදාදා අපර භාග 4.51න් ගෙවේ. සිල් සමාදන් විය යුත්තේ අඟහරුවාදා ය.

මීළඟ පෝය අප්‍රේල් 22 වනදා බදාදා.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 14

Full Moonඅමාවක

අප්‍රේල් 22

First Quarterපුර අටවක

අප්‍රේල් 30

Full Moonපසළොස්වක

මැයි 06


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]